රටේ පවතින තත්වයට සිය විරෝධය දැක්වීම සඳහා අද (09) දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිතව ඇති බව සහ ඒ සඳහා ආරාධනා කරමින් සමාජ මාධ්‍ය වල පණිවුඩ සංසරණය වෙමින් තිබූ පසුබිමක හදිසියේම ගාලු මුවදොර පිටිය මහජනතාවට වස දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තුවේ විමසා සිටි අතර එයට නිසි පිළිතුරක් ලබා දීමට කිසිවකු කටයුතු නොකළ බව දක්නට ලැබිණ.