• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය මැයි 01දා මේ වසරේ පළමු අර්ධ සූර්යග්‍රහණය සිදුවූ අතර ඊට දින 16කට පසුව එනම් මැයි මස 16දා උදෑසන 9.42ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. වෘශ්චික රාශියේදී විසා නැකැතේ 04 වැනි පාදයේ සිදුවන මෙම චන්ද්‍රග්‍රහණය එතෙක් මෙතෙක් පැවැති තත්ත්වය හාත්පසින්ම වෙනස් කරනු ඇත. එම බලපෑම අප රටට මෙන්ම ලෝකයටම බලපානු ඇති බව ජ්‍යොතිෂය අනුව බලන කල පැහැදිලි වෙයි. බොහෝ විට චන්ද්‍රග්‍රහණයකින් පසුව සිදුවන වෙනස්කම් සහ විපර්යාස සුබ අසුබ මිශ්‍රව ගෙන දෙන ස්වභාවයකුත් ඇතැම් අවස්ථාවල අසුබ ප්‍රවණතා වැඩි, දේශගුණික විපර්යාස ඇතිවීමටත් හේතු වනු ඇත.

මේ වන විට ලොව තුළ දක්නට ලැබෙනුයේ තරමක් නොසන්සුන් කලබලකාරී වටපිටාවකි. එය තුන්වැනි ලොව රටවලට මෙන්ම ධනවත් රටවලටද එක හා සමානව බලපා ඇති තත්ත්වයකි. විශේෂයෙන්ම ලොව තුළ යම් තරමකට ආහාර අර්බුද උද්ගතව ඇති බව පෙනී යන අතර ඉදිරි කාලයේ මෙවැනි තත්ත්ව වර්ධනය කෙරෙන දේශගුණ විපර්යාස බලාපොරොත්තු විය යුතුය. ඇතැම් විට ඒවා නොසිතූ නොපැතූ ආකාරයට සිදුවේ. වගාවන් සඳහා අවශ්‍ය ජලය මුල් කාර්තුවේ ලැබී අවශ්‍ය කටයුතු කෙරුණද දෙවැනි පියවරේදී ජලය හිඟවීමෙන් ප්‍රතිඵල ගිලිහී යන තත්ත්වයක් ඇතිවනු ඇත.

ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදනයේ යෙදෙන රටවල ප්‍රසිද්ධම ආහාර නිෂ්පාදන අර්බුදයට ලක්වේ. එවැනි හේතු මත ලොව කුඩා රටවල් ගණනාවකම ආහාර සැපයෙන මාර්ග ඇහිරී යෑමෙන් ආහාර අර්බුද ඇතිවිය හැකිය. එමෙන්ම ලොව දියුණු රටවල් තම ආහාර නිෂ්පාදන වෙනත් රටවල් සඳහා බෙදාහැරීම අඩු කෙරෙන්නට හේතුවන ස්වභාවික ව්‍යසන ඇතිවිය හැකි කාලයකි. ගංවතුර, නායයෑම් මෙන්ම තවත් කාලයක නියං තත්ත්වයක් වුවද ඇතිවීමට ඉඩ තිබේ. බොහෝ රටවල අස්වැන්න පෙනි පෙනී අහිමි වන ස්වභාවයක් ඇතිවන්නට පුළුවන.

මේ අතර ප්‍රසිද්ධ රටක පාලකයෙක්, කිසිවකු නොසිතූ ආන්දෝලනාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ඇත. ඉන් බහුතරයක් රටවල අංශ ගණනාවක් අභියෝගයට ලක්කෙරෙනු ඇත. මේ තත්ත්වය ලංකාවටද බලපානු ඇත. මෙම චන්ද්‍රග්‍රහණය හේතුවෙන් මෙරට ඇතිවී තිබෙන ගැටලුකාරී ප්‍රශ්න අතරට ස්වභාවධර්මයේ ඝට්ටනයක්ද එකතු වීමට ඉඩ තිබේ. වර්ෂාව ලැබේ යැයි සිතූ කලාපවලට වර්ෂාව නොලැබීමෙන් වර්ෂාව නොලැබේ යැයි අනුමාන කළ කලාපවලට වර්ෂාව ලැබීමෙන් වගාවන්ගෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල වෙනස් කෙරෙනු ඇත.

සුළු සුළු භූ කම්පන හෝ කැලඹිලි ඇතිකෙරෙනු ඇත. ධීවරයන්ට විශාල වශයෙන් මත්ස්‍ය අස්වැන්නක් ලැබීමට ඉඩ තිබේ. ධනවතුන්ගේ වත්කම් ලොවට හෙළිවන්නට කරුණු යෙදේ. නව නිෂ්පාදන සඳහා ජනතාව අතර උනන්දුව ඇතිවන කාලයකි.

මැයි මස 16ට පසුව රථ වාහන සම්බන්ධ අනතුරු ගැන විශාල වශයෙන් අසන්නට ලැබීමට ඉඩ තිබේ. ඇතැම් විට විශාල හානි ඇතිකෙරෙන අනතුරු ගැන අසන්නට ලැබෙනු ඇත. අධික වේගය නිසා සිදුවන අනතුරුවලට වැඩි ඉඩක් තිබෙන බැවින් අධිවේගී මාර්ග භාවිත කරන්නන් ප්‍රවේශම් වීම වැදගත්ය.

ආහාර පාන විෂවීම හේතුවෙන් ඇතිවන ගැටලු ගැන අසන්නට ලැබෙනු ඇත. ජලය විශාල වශයෙන් රැස් කළ ස්ථාන සම්බන්ධව අවධානය යොමුකළ යුතු කාලයකි. එවන් ස්ථාන ආශ්‍රිත අනතුරු ඇතවන කාලයකි.

මෙම චන්ද්‍රග්‍රහණයත්, ඉන් පසු ඇතිකෙරෙන ග්‍රහ තත්ත්වයනුත් විමසීමේදී ලග්න වශයෙන් ගත් කල මේෂ ලග්න හිමියන්ට කලකට පසු විශේෂ වාසියක් උදාකර ගන්නට අවස්ථාව ලැබේ. ගමන් බිමන් ආශ්‍රිත කටයුත්තකදී හදිසි ධනයක් උරුම වීමටද ඉඩ ඇත.

වෘෂභ ලග්න හිමියන්ට නව සබඳතා ඇතිකෙරෙන කාලයකි. විවාහය ගැන බලාපොරොත්තු ඉටුවීමක් වුවද සිදුවිය හැකිය. මිථුන ලග්න අයට කලකට පසු සිතේ සතුට ඇතිකෙරෙන අතර ශරීරයට සුවදායී බවක් දැනෙන කාලයක්ද වෙයි. කටක ලග්න අයගේ අරමුණක් ඉටුවීමෙන් සිතේ සතුට ඇතිකෙරේ. ඔවුන්ට අරමුණු කිහිපයක් ජයගත හැකි කාලයක් උදාවේ.

සිංහ ලග්න අයගේ සිත තුළ මෙතෙක් තිබූ අදහස් වෙනතකට යොමුවන අතර තම සිතුවිලි පිළිබඳ තමා තුළම සංවාදයක් ඇතිවේ. කන්‍යා ලග්න හිමියන්ට කලබලකාරී කාලයකි. ගමන් බිමන් බහුල වෙයි. උත්සාහයට ප්‍රතිඵල ලැබේ. තුලා ලග්න හිමියන්ගේ තැන්පත් ධනය වැයකෙරෙන කාලයකි. ඉන් නව නිෂ්පාදන සඳහා අදහස් ඇතිකෙරෙනු ඇත. වෘශ්චික ලග්න හිමියන් විශේෂ කටයුත්තක් ගැන සිතන පතන කාලයකි. හිතවතුන්ගේ උදව් උපකාර ලැබේ.

ධනු ලග්න හිමියන් රාජ්‍ය අංශයේ ඇගයීමට ලක්වේ. නිතර නිතර විවිධාකාර ලැබීම් යෙදේ. සිතේ සතුටට හේතු යෙදේ. මකර ලග්න හිමියන්ගේ අතමිට සරු වුවද වියදම් අධික කෙරේ. එහෙත් සිතේ සතුට වර්ධනය වේ. කුම්භ ලග්න ඔබගේ අනාගතයට ප්‍රයෝජනවත් යමක් ලැබෙනු ඇත. එයින් විශේෂ වාසියක්ද අත්වේ. මීන ලග්න හිමියන් මෙතෙක් බලාපොරොත්තුව සිටි දෙයක් ඉටු වේ. එයින් විශාල ධනයක් ලැබීමටඅඩිතාලම වැටේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share357Tweet223SendShare89
Previous Post

ගෝල්ෆේස් ප්‍රහාරය සැලසුම් කරපු හැටි! පොලිස් නිලධාරින්ගේ නම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු චමුදිතට කිව්වෙ කොහොමද? මෙන්න අහගන්න! (VIDEO)

Next Post

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

MORE NEWS

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…
Exclusive

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version