ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්‍රමුඛයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප්‍රදානය කරන ලදී.
පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් සිදුකළ ගනුදෙනු ප්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු ප්‍රමාණයකට පහසුකම් සැපයීම සහ ටෙලර් යන්ත්‍ර ජාලය ක්‍රියාවිරහිත වූ කාලය අඩුම අගයකට පවත්වා ගැනීම ඇතුළු කරුණු බැංකුවට මෙම රන් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට බඳුන් කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සමස්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය මගින් ලංකාපේ කාඩ්පත් පිළිගන්නා අතර මෙම ජාලය පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පද්ධතියටද (CAS) සම්බන්ධ කර ඇත.
මීට අමතරව, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකුව විසින් රිදී සම්මාන තුනක් සහ කුසලතා සම්මානයක්ද දිනා ගන්නා ලදී.