ෆාතිමා මුම්ටාස්-HR sweets වැලිසර
රාගම වැලිසර ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඇතුළතට වන්නට පිහිටි HR Sweets හි හිමිකාරිනිය වූ ඇය නමින් ෆාතිමා මුම්ටාස්ය. බූන්දි දොදොල් මස්කට් සමග ගෙවෙන ඇගේ ජීවිතය ගැන ඇය අප සමග කීවේ මෙලෙසය.
‘මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ මගේ තාත්තා. 2018 දී අපේ තාත්තා හදිසියේම මිය ගියාට පස්සේ මේ ව්‍යාපාරයත් එතැනින්ම නැවතුණා. තාත්තගේ මරණයෙන් පස්සේ ගෙදර ආර්ථික ප්‍රශ්න ටික ටික මතුවෙන්න පටන් ගත්තාම මම තීරණය කළා තාත්තගේ ව්‍යාපාරය ආපහු පටන් අරන් කරගෙන යන්න.
පළාතේ සාමාන්‍ය ජනතාව වගේම රස කැවිලි අලෙවි කරන ආයතනත් හුඟක් අපිව අඳුරනවා. මේ සම්බන්ධතා එක්ක ව්‍යාපාරය අලුතින් ආරම්භ කරන්න මට ලොකු ගැටලුවක් වුණේ නෑ.
ඕනෑම ව්‍යාපාරයකට ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහටම බලපෑවා. මුදල් ප්‍රශ්නය විසඳගන්න මම මූල්‍ය ආයතන කීපයකටම ගිහිල්ලා කතා කළත් ඒ එක තැනකින්වත් මට සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබුණේ නෑ. ඒ අතර තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ, ඒ ගමන මම HNB FINANCE සමාගමට ගිහිල්ලා මගේ මුදල් අවශ්‍යතාව ගැන සඳහන් කරලා ණය මුදලක් අවශ්‍ය බව කීවා. ඔවුන් සතුව ඇති ණය සැලසුම් ගණනාවක් අතරින් මගේ ව්‍යාපාරයට වඩාත්ම උචිත වූ ණය සැලසුම වන HNB FINANCE දිරිය ණය මුදල ඔවුන් මට යෝජනා කළේ ඒ වෙලාවේ. මේ යටතේ මං මුලින්ම ලබා ගත්තේ රු 25,000ක්. ඉන්පස්සෙ පස් වතාවක් මං ව්‍යාපාරයේ අවශ්‍යතාවන් මත විටින් විට ණය මුදල් ලබාගත්තා. ඔය විදිහට මම අන්තිමට ගත්තේ ලක්ෂ පහක ණය මුදලක්.
ෆාතිමාගේ HR sweets ආයතනයකට සම්බන්ධව සේවය කරන සේවක සංඛ්‍යාව මේ වනවිට හයදෙනකු පමණ වෙයි. ජාඇල, මීගමුව හා තදාසන්න ප්‍රදේශයන්හි වෙළෙඳසල්වලට මස්කට්, දොදොල්, බූන්දි, මුරුක්කු වර්ග සහ බයිට්ස් බෙදාහරින ප්‍රධාන සැපයුම්කරුවන් වන්නේ HR sweetsය.
‘මේ වෙනකොට විවිධ පළාත් තුළ සිටින ව්‍යාපාරිකයින් අපි ළඟටම ඇවිල්ලා අපේ නිෂ්පාදන මිලදී ගන්නා තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. අපිත් සමහර ප්‍රදේශවලට අපේ නිෂ්පාදන බෙදා හරිනවා අපේම වාහනවලින්.’
‘කොහොම වුණත් අද වෙනකොට මේ ව්‍යාපාරය යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා නම් එහි මූලික ගරුත්වය අනිවාර්යෙන්ම HNB FINANCE ආයතනයට හිමිවිය යුතුයි. මොකද ඕනෙම ව්‍යාපාරයක පැවැත්මට මුදල් කියන සාධකය ඍජුව බලපානවා. අපේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය ණය මුදල ලබාදෙමින් සහ උපදෙස් ලබාදෙමින් HNB FINANCE සමාගම දැක්වූ සහයෝගය අපට කවදාවත් අමතක කරන්න බැහැ. විශේෂයෙන් HNB FINANCE සමාගමේ ජාඇල ශාඛාවේ නිලධාරි මහතුන්ගෙන් ලැබුණු සහයෝගයත් මේ මොහොතේදී කෘතවේදීව මම සිහිපත් කරනවා.’