• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

January 1, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
2020 ලග්න පලාපල ඔබට කොහොමද?
Share on WhatsAppShare on Facebook

එළැඹෙන 2020 වර්ෂය තමන්ට කෙලෙස බලපාවිද, තමන්ගේ ආර්ථිකයට, රැකියාවට, පවුලට, අධ්‍යාපනයට මෙන්ම මෙකී නොකී බොහෝ කාරණා සම්බන්ධව කිනම් තත්ත්වයක් උදාවේවිද යන්න සියලුමදෙනා සිටින්නේ කුතුහලයෙන් සහ උනන්දුවෙන්. ඉතින් එම උනන්දුව නිසාම ජ්‍යොතිෂමය වශයෙන් ඒ ඒ ලග්න සඳහා ඉදිරි වසරේ සුබපල සහ අසුබපල ලැබෙන්නේ කෙසේද යන්න මේ දිනවල කතිකාවට ගැනෙන අතර මේ කාරණය සම්බන්ධව ‘විශ්වකර්ම’ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කර තිබූ පලාපල විග්‍රහයන් දෙකකට අවස්ථා ලබාදෙමින් ‘කේන්දරේ’ විශේෂ කලාපයට එකතු කරන්නට අප සිතුවා. ඒ අනුව ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතාත්, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී රුක්ෂාන් ජයසේකර මහතාත් ඉදිරිපත් කරන 2020 පලාපල විග්‍රහයට අනුව නව වසර ඔබට කෙසේ බලපාවිදැයි දැනගන්න.
මේෂ
2020 වසරේදී මේෂ ලග්න හිමියන් තම පෞද්ගලික ජීවිතයේ ඇති කායික සහ මානසික වේගයන් පාලනය කරගත යුතු වසරකි. මෙය වේගවත් සිතුවිලි හටගන්න වසරකි. එම වේගවත් සිතුවිලි නිසි ඉලක්කයකට යොමුකර ගතහොත් හොඳ පල ලැබිය හැකියි. නවීනත්වයට යොමු වීමේ ගුණයක් ඔබ තුළ හටගන්නා අතර, එය ප්‍රයෝජනවත් අයුරින් භාවිත කර දිගුකාලීන පලයක් ලබන්නට අවස්ථාව ඇත. පසුගිය වසරේ ගුරු 8 වැන්නේ සිට ඔබට ලබා දුන් නරක ප්‍රතිඵල වෙනස් කරමින් ගුරු 9 වැන්නට එයි. විදේශ ශිෂ්‍යත්ව ලැබිය හැකිය. ප්‍රභූවරුන්ගේ ආදර, උපකාර ලැබේ. අලුත් විෂයන් ඉගෙනීමට උනන්දුව ඇති වෙයි. ආත්ම ශක්තිය වැඩි වෙයි. සෙනසුරු 10 වැන්නට පැමිණීම නිසා පහසුවෙන් රැකියා ලබාගන්නට අවස්ථාව ලැබේ. ව්‍යාපාර ආරම්භයටත් හොඳම කාලයකි.
වෘෂභ
ඔබ ග්‍රහචාරය එතරම් හිතකර නැතත්, අහිතකරම යැයි සඳහන් කිරීමටද නොහැකිය. පසුගිය කාලයේ විඳින්න සිදුවූ පීඩාවන් අවසන් වීමට පටන්ගෙන ඇත. ඔබ දැනට කරන රැකියාවේ හෝ ව්‍යාපාරයේ යම් වෙනසක් කිරීමට සිදුවේවි. ඔබ තුළ තිබූ කලබලකාරී ගති අඩු වෙයි. එහෙත් රාහුගේ දෙවැනි ගමන එතරම් සුබ නොවේ. ඔබේ වචන ඔබටම එරෙහි වීමට ඉඩකඩ ඇත. වකුගඩුවල, අක්මාවේ රෝග ඇති වීමේ ඉඩකඩ තිබෙන නිසා ප්‍රවේසම් විය යුතුය. බැංකු ණය, රක්‍ෂණ වන්දි, රැකියාවේ වරප්‍රසාද ආදිය ලබා ගැනීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවන් ඉගෙනීමට හොඳ කාලයකි. පිපිරෙන ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය භාවිතයේදී ප්‍රවේසම් වීමද වැදගත්. 2020 මැයි මාසයෙන් පසුව තත්ත්වය සුබ අතට හැරෙයි.
මිථුන
ඔබේ ජීවිතයේ නරක ප්‍රතිඵල දෙමින් සිටි ගුරු ග්‍රහයා කේන්දරයේ 7 වැන්නට පිවිසීම තුළ ඔබට විශේෂ වරප්‍රසාද හිමිවෙයි. හවුල් ව්‍යාපාර ආරම්භයට, ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට හොඳ අවස්ථාවකි. දේශපාලන ක්‍ෂේත්‍රයේ නියුතු මිථුන ලග්න හිමියන්ට ව්‍යාපාරිකයන්ට, කලා ක්‍ෂේත්‍රයේ නියුතු වූවන්ට, හවුල් ව්‍යාපාරිකයන්ට මෙය වරප්‍රසාද ලැබෙන කාලයකි. සෙනසුරු 8 වැන්නට පිවිසීම නිසා චිත්ත පීඩා ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කර එවැනි දෙයින් වැළකී සිටීම වඩාත් සුබ වෙයි. මෙතෙක් ලබා ගන්නට නොහැකි වූ රැකියා ලබාගත හැකි කාලයකි. වසරේ මුල් කාලය තරමක් පීඩාකාරී වුවද අග භාගය ජයග්‍රාහී කාල සීමාවක් බවට පත්වනු ඇත.
කටක
කටක ලග්නයට මේ කාලය එතරම් හිතකර නොවේ. මේ කාලයේ ඔබේ කේන්දරයේ 6 වැන්නේ ගුරු 7 වැන්නේ, සෙනසුරු ගමන් කිරීමට නියමිතයි. රාහු 12 වැන්නේ ගමන් කරන මේ ඉදිරි කාලයේ ඔබ සතු දේ අත්හැරීමට සිදුවන කාලයකි. නීතිමය ගැටලු ඇති විය හැකි කාලයකි. සාමකාමීව ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දු වෙන්න. අලුත් ආයෝජනවලට නොයා සිටීම වඩාත් සුදුසුය. ගුරු 6 වැන්නට පැමිණීම නිසා පරම්පරාගත රෝග ආදියෙන් ප්‍රවේසම් වීම වටී. ආහාරපාන ආදියෙන් ප්‍රවේසම් වීමද වැදගත්ය. බලවත් පුද්ගලයන් සමඟ ආරවුල් ඇතිකර ගැනීමෙන් වැළකී සිටින්න. එසේම 2020 වසරේදී කිසිම ග්‍රහයකු ඔබේ ජීවිතයට අමතර ශක්තියක් ලබා නොදෙන නිසා කල්පනාකාරීව ජීවිතයට මුහුණදීම සුදුසුයි.
සිංහ
කලාතුරකින් පිහිටන හොඳම ග්‍රහචාරයක් සිංහ ලග්න හිමියන්ට උදාවී තිබෙන අතර, පසුගිය කාලයේ ජීවිතයේ පහළට ගමන් කළ ඔබ ඉහළට ගමන් කරන්නට පටන්ගෙන ඇත. රැකියාවේ සුබදායී වෙනස්කම් ඇති වන කාලයකි. මෙතෙක් කල් දරුණු පීඩා ගෙනදුන් සෙනසුරු එයින් මිදී ඔබට සියලු වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන කාලයකි. දේශපාලනයේ නියැළෙන, ව්‍යාපාරික කටයුතුවල නියුතු, සිනමාවේ, කලාවේ, සමාජ කටයුතුවල නියුතු සිංහ ලග්න හිමියන්ට වැඩි වරප්‍රසාද තත්ත්වයන් ලැබෙන කාලයකි. මෙම වසර දෙකහමාරක කාලයේදී ඔබගේ අතීත ජීවිතයේදී අතහැරුණු දේ ලබා ගැනීමටත්, අනාගත ජීවිතයට අවශ්‍ය අඩිතාලම සකස්කර ගැනීමට උනන්දු විය යුතුයි. එසේම දරු පලද ලබාදෙන කාලයකි. මේ කාලයේ රාහු 11 වැන්නේ සිට ලබාදෙන දේ ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන්නේ නම් අනාගතය සුබදායී වනු ඇත.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට පසුගිය කාලයේ විඳින්නට සිදුවූ නින්දා, අපහාස සහ නොලැබී යෑම් වැනි පීඩන කාලය අවසන්ව හොඳ කාලයක් උදාකරමින් ගුරු 4 වැන්නට පැමිණ සිටී. මෙම වසරේදී ඔබට කැපී පෙනීමේ අවස්ථාව උදාවනු ඇත. රැකියාවේ උසස්වීම් ලැබේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වේවි. එසේම රැකියාවේ යම් වෙනසක් සිදුවිය හැකි අතර, එය යහපත් වෙනසකි. එසේම රාහුගේ 10 වැන්නේ ගමන ඔබට රාජ යෝග තත්ත්වයකි. ඔබ ජන ආකර්ෂණයට ලක්වෙයි. දේශපාලනය, ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ, කලාවේ නියුතු අයට හොඳම කාලයකි. හදවත සම්බන්ධ රෝග ඇති අය ප්‍රවේසම් වීමද වැදගත් වෙයි. සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු තිබුණද අනෙක් අංගයන්ගෙන් කන්‍යා ලග්න හිමියන්ට සුබපල ගෙනදෙයි.
තුලා
මෙතෙක් කලක් බලවත් ස්ථානවල ගමන් කළ ගුරු සහ සෙනසුරු නිසා තුලා ලග්න හිමියන්ට පසුගිය නොවැම්බර් 05ට පෙර ඉතාමත් හොඳ සුබ කාලයක් ගතවූ අතර, එම කාලයේ ධනය, බලය දෙකම ලැබීමට ඔවුන් වාසනාවන්ත විය. එහෙත් එම තත්ත්වය ගිලිහී යමින් 2020 වසරේ බලතල අඩු වීමක් දක්නට ලැබෙයි. එය වටහාගෙන කටයුතු කිරීම සුබදායකය. රාහුගේ 9 වැන්නේ ගමනද හිතකර නොවේ. 4 වැන්නට පැමිණි සෙනසුරු දරා ගැනීමේ හැකියාව ලබාදෙනු ඇත. බලය අඩු වුවද කරගෙන ආ කටයුතු අතහරින්නට සිදු නොවේ. කශේරුකාවේ, ස්නායු තෙරපුම් ඇති විය හැකිය. ගුප්ත විද්‍යාවත් ඉගෙනීමට හොඳ කාලයකි.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන් ෆීනික්ස් කුරුල්ලකුටමෙන් අළු මතින් නැඟීසිටින්නට කාලය උදාවී තිබේ. පසුගිය කාලයේ ගුරු, සෙනසුරු හා රාහු ගෙනදුන් අහිතකර ප්‍රතිඵල වෙනස් වෙමින් තිබේ. 2 වැන්නේ ගුරු බලවත්ව වික්‍රමස්ථානයේ සෙනසුරු බලවත්ව සිටින මේ කාලය ජීවිතයේ ලැබෙන විශේෂ අවස්ථාවකි. අලුත් දේ පටන් ගැනීමට වඩාත් යෝග්‍ය වෙයි. ඉදිරි වසර නිහඬ අඩිතාලම දමාගන්නට හොඳම කාලය උදාවී ඇත. එහෙත් චිත්ත පීඩා ඇතිවිය හැකිය. අසාත්මිකතාවලට ඉඩ ඇත. ගෑස්, ගින්දර, විදුලිය, රසායන ද්‍රව්‍ය වැනි දේ පාවිච්චියේදී කල්පනාකාරී විය යුතුය. වෘශ්චික ලග්න හිමියන්ට මේ වසර අතිශයින්ම සුබදායකය.
ධනු
ගුරු ග්‍රහයා ඔබේ ලග්නය මත තැන්පත්ව ඇති මේ කාලය ඔබට යම් පීඩනයක් ගෙන දෙන කාලයක් වුවද පසුගිය කාලයේ සිදුවූ අත්වැරැදීම් හදාගන්නට හොඳම කාලයකි. අලුත් විෂයන් ඉගෙන ගැනීමත්, අවස්ථාව ලැබී ඇත. අලුත් ජීවිතයකට හැඩගැසීමටත් මෙම කාලය ඉතාමත් හොඳයි. ලග්නය මත සිටින ගුරු ග්‍රහයා කේන්දරයේ ස්ථාන තුනක් උත්තේජනය කරයි. ලග්නයේ සිටින ගුරු ග්‍රහයා නිසා ප්‍රියමනාප පෙනුමක් ගෙන දෙනු ඇත. සමාජයෙන් වරප්‍රසාද ලැබීමට අවස්ථාව උදාවෙයි. විනෝදාස්වාදයට විදෙස් අධ්‍යාපනයට හොඳ කාලයකි. ජීවිතයට නව පණක් ලැබෙනු ඇත. මෙය ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතයේ දියුණුවක් ඇතිකර ගන්නට හොඳම කාලයකි.
මකර
මෙම 2020 වසරේ සුබපල හිමිකම් තියෙන තවත් වාසනාවන්ත ලග්නයක් ලෙස මකර ලග්නය හඳුන්වා දිය හැකිය. පසුගිය කාලයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඔබට හොඳ කාලයක් උදාවෙයි. 12 වැන්නට පැමිණ සිටින ගුරු – මකර ලග්න හිමියන්ට වෙනදාට වඩා ආධ්‍යාත්මික ශක්තියක් ලබාදෙයි. සමාජයේ හොඳ හිත දිනාගන්නට අවස්ථාව යෙදේ. විදේශ අධ්‍යාපනයට විදෙස් සබඳතා සඳහා වැඩි අවස්ථා උදාවෙයි. එසේම ලග්නය මතට පැමිණෙන සෙනසුරු මකර ලග්න හිමියන්ට නරකක් ඇති නොකරන අතරම වෙනදාට වඩා තැන්පත් බවක් ඔහු තුළ ඇති කරාවි. දේශපාලනය සහ වෙළෙඳ ව්‍යාපාර අංශවලින් ප්‍රයෝජන ගන්නට මකර ලග්න හිමියාට හොඳම කාලයක් උදාවෙයි.
කුම්භ
පසුගිය කාලයේ කුම්භ ලග්න හිමියන්ටද මුහුණ දෙන්නට සිදුවූ අහිතකර භාවය වසරේදී වෙනස් වෙයි. ආදායම් මාර්ග තරවීම සිදුවනු ඇත. කරගෙන ආ රැකියාව හෝ ව්‍යාපාරය නවීකරණය කර සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇත. එසේම ආදායම් මාර්ග කිහිපයක් පවත්වාගෙන යෑමේ අවස්ථාවද කුම්භ ලග්න හිමියන්ට උදාකර දෙනු ඇත. එය පාදා ගැනීමට කටයුතු කිරීම ඔබ සතු හපන්කමකි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. කුම්භ ලග්න හිමියන්ට ඉදිරි වසර 12ක කාලයට ගැළපෙන ලෙස ආදායම ලබාගත හැකිය. මේ 12 වැන්නේ සිටින සෙනසුරු නිසා කුම්භ ලග්න හිමියාටද ආධ්‍යාත්මික සහ ලෞකික යන දෙපැත්තෙන්ම ජය ලැබිය හැකි කාලයකි. ධනය සම්බන්ධ අලුත් සිතිවිලි ඇති වේවි. මේ කුම්භ ලග්න හිමියන්ට කලකට පසු විජයග්‍රහණ ලැබිය හැකි කාලවකවානුවකි.
මීන
මේ උදාවී ඇත්තේ මීන ලග්න හිමියන්ගේ විජයග්‍රාහී කාලයකි. 10 වැන්නාධිපති ග්‍රහයා ලග්නාධිපතිටත් වඩා සුබපල දීමේ ගෝචර තත්ත්වයක් දක්වන බැවින් මේ වසරේදී 10 වැන්නාධිපති මෙන්ම ලග්නාධිපතිත් වන ගුරු 10 වැන්නේ බලවත්වීම තුළ ත්‍රිත්ව බලයක් ලැබීමෙන් තමයි 2020 වසර ආරම්භ කරන්නේ. එසේම තමාගේම දේ ආරම්භ කිරීමට හොඳම කාලයකි. වෙළෙඳ ව්‍යාපාර ආරම්භයටද ඉතාමත් යෝග්‍ය වෙයි. මෙය වසර දොළහකට පසු ලැබෙන බලවත්ම අවස්ථාවකි. 11 වැන්නේ සෙනසුරු ඔබට අලුත් ආදායම් මාර්ග පාදාගන්නට අවස්ථාව උදාකර දේවි. රාහුගේ වේගය ප්‍රයෝජනයට ගෙන ගුරුගේ බලය භාවිත කර කළයුතුදේ කළොත්, ඉදිරි කාලය සුබකර ගැනීම අපහසු නැත.
ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක

SendShareShare
Previous Post

බුද්ධි අංශයට රහස් වැඩක් ‌දෙයි

Next Post

පුංචි තිරේ CID මීටරේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.