රාජ්‍ය සේවයේ ඇතැම් ආයතන තුළ පවතින වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතාව පිටුදැකීම සදහා බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වංචා දූෂණ සිදුවෙතැයි සැලකෙන බවට ප්‍රසිද්ධව ඇති මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, හැදුනුම්පත් නිකුත් කිරීමේ ආයතන, රථවාහන බලපත් නිකුත් කිරීමේ ආයතන වෙත බුද්ධි අංශ නිලධාරීන් පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද යෙදවීමට සැලසුම් කර ඇත.
එමෙන්ම රාජ්‍ය සේවයේ නිලධාරීන් අල්ලස් ගැනීමෙන් වැළැක්වීම සදහා විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ යම් රාජ්‍ය සේවකයකු අල්ලස් ගතහොත් ඔහුට තවදුරටත් රාජ්‍ය සේවයේ නියුතු වීමට තමන් ඉඩ නොතබන බවකි.