වසර 7කට පමණ පෙර අගනුවර ආසන්නව පිහිටි නිවෙසක වාස්තු පරීක්‍ෂා කිරීම සඳහා මට අවස්ථාව ලැබුනා. මෙම නිවෙසේ ගෘහමූලිකයා වුණේ ගෙදර බිරිය සන්ධ්‍යා මහත්මිය. සන්ධ්‍යා මහත්මියගේ සැමියා, අතුල මහතා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. සන්ධ්‍යා මහත්මිය සාර්ථක රෙදි සේදුම් ව්‍යාපාරයක හිමිකාරියක්. ඇය යටතේ සේවකයන් 15 දෙනකු පමණ සේවය කළා. ගෙදර වැඩ, ව්‍යාපාර කටයුතු පමණක් නොවෙයි තම පුතණුවන් පාසල් පවා ගෙනගියේ, රැගෙන ආවේ ඇය විසින්. සන්ධ්‍යා මහත්මියට හොඳින් රිය පැදවීමට හැකිවුණා. ඔවුන්ගේ නිවෙසට ගොඩවදින කෙනකුට නම් ඔවුන් ප්‍රශ්නයකට, කරදරයකට මුහුණ පා ඇති බව කිසිවිටෙක සිතෙන්නේ නැහැ. නමුත් නිවෙසේ සහ ඉඩමේ කොටසින් කොටස පරීක්‍ෂා කිරීමේදී ගෙදර බිරිය ගර්භාෂය, කුස ආශ්‍රිතව දරුණු රෝගාබාධයකට ගොදුරු වී ඇති බව වටහා ගැනීමට මට හැකිවුණා.
ඒ පිළිබඳ සන්ධ්‍යා මහත්මියට පැවැසීමත් සමඟ ඇය එතෙක් පැලඳි විග් එක ගලවා මා හට පෙන්වූවා. මෙතෙක් වෙලා නිහඬව සිටි ස්වාමිපුරුෂයා හඬා වැළපෙන්නට වුණේ බිරියගේ රෝගී තත්ත්වය පවසමින්. සන්ධ්‍යා මහත්මිය ගර්භාෂය ආශ්‍රිතව පිළිකා රෝගයකට ගොදුරුව තිබුණා. අතුල මහතා මා හා පැවසුවේ ‘මගේ අත-පය කඩාදාලා වගේ. නෝනගේ ජීවිතයට කරදරයක් වෙයි කියලා මට පුදුම බයක් තියෙන්නේ. පුතා දැන් ඉස්කෝලේ යන්න බැහැ කියනවා. දරුවන් මානසිකව වැටිලා. බෙහෙත්වලට ලක්‍ෂ 3ක් විතර යනවා. ව්‍යාපාර කඩාවැටිලා. අපි පුදුම විදියට අසරණ වෙලා. නිවෙසේ පැවැති වාස්තු දෝෂ සහ දෝෂ නිරාකරණයට මා උපදෙස් ලබාදුන්නේ මෙසේය.
දුර්මුඛ වූ නාන කාමරය
යම් නිවෙසක බ්‍රහ්ම පාදයේ සිට ඍජුව විහිදෙන රේඛාවක් නාන කාමරය හරහා ගමන් කරයි නම් දුර්මුඛ වීම ලෙස හැඳින්වෙයි. දුර්මුඛ වූ විට නිවැසියන් දැඩි ලෙස කායික, මානසිකව පිරිහීමට ලක්වෙයි. මෙම නිවෙසේ නාන කාමරය දුර්මුඛව පැවැතිනි. මෙවැනි නිවෙස්වල කොතරම් ප්‍රතිකාර කළත් රෝග සුව නොවේ. එක් අසනීපයක් ඉවර වන විට තව අසනීප සෑදේ. නිවෙසට නව කොටසක් එකතුකොට දෝෂය ඉවත් කළාය.
ප්‍රධාන දොර උඩින් පඩිපෙළ වැටීම
මෙම නිවෙසේ ප්‍රධාන දොර උඩින් පඩිපෙළ වැටී තිබුණි. ප්‍රධාන දොර සුබ පාදයක තිබුණද පල නොදේ. ආර්ථිකය පිරිහේ. දරාගන්නට බැරි දුක් ඉහළීමට සිදුවෙයි. ගෘහමූලිකයා දැඩි මානසිකව පීඩාවට පත්ව දරාගත නොහැකි බරක් හිසමත තැබුවා සේ දිවි ගෙවීමට සිදුවෙයි. මොන දේ තිබුණත් අසතුටින් දිවි ගෙවීමට සිදුවෙයි. පඩිපෙළ ඉවත් කිරීමට නොහැකි නිසා ප්‍රධාන දොර ගලවා සුබ පාදයක තැබීමට උපදෙස් දුනි.
කත්‍රී දෝෂය
නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදය මත බිත්තියක් තිබීම කත්‍රී දෝෂය ලෙස හැඳින්වෙයි. කත්‍රී ලෙස හැඳින්වෙන්නේ වෙන් වීමයි. මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය මත බිත්තියක් පිහිටා තිබුණි. මෙලෙස පිහිටි විට අකල් මරණය හෝ නොයෙකුත් හේතු නිසා පවුල් ජීවිත කැඩී විසිවී යයි. හොඳට තිබෙන පවුල් කඩාකප්පල් වෙයි. සැමියාට හෝ බිරියට තනිකඩව දිවි ගෙවීමට සිදුවෙයි. නිවෙසට නව කොටසක් එකතු කිරීමත් සමඟ දෝෂය ඉවත්විය.
වාස්තු දෝෂය නිරාකරණය කිරීමෙන් පසු සන්ධ්‍යා මහත්මිය සුවය ලබා ව්‍යාපාරවල නිරත වෙමින් සැමියා සහ දරුවා සමඟ සතුටින් ජීවත් වෙයි.
ජ්‍යොතිෂවේද අමාලි අගස්පතිරණ











