කෙනෙකුට සතුට, සැප සම්පත් ලැබෙන්නේත් දුක, කඳුළ, කරදර විඳින්නට වෙන්නේත් ග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය අනුවය. ඒ ඒ ග්‍රහයන් ගෝචර වන ස්ථාන අනුව එකිනෙකාට ලැබෙන ප්‍රතිඵල වෙනස්වේ. එනිසා සෑම ජන්මියකුම නවග්‍රහයන්ගෙන් ලැබෙන හොඳ නරක ඒ ජන්මියාගේ උත්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම අනුව සොයාගත හැකි වෙයි. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සේ සැලකෙන රවි ග්‍රහයාද ජන්මියකුට විවිධාකාර සුබ අසුබ ලබාදෙන ප්‍රධාන ග්‍රහයෙකි. මේ නිසාම රවිගේ මහ දශා, අතුරු දශා මෙන්ම රවිගෙ අපල පිළිබඳවත් දැන සිටීම ඉතාමත් වැදගත්වේ.
රාශි චක්‍රයෙන් ජන්මියකුගේ පෞරුෂය ලැබෙන ධනය, සහෝදර සහෝදරියන් ගේදොර, යාන වාහන, අධ්‍යාපනය, රෝග, මාරක මරණ, පෙර පින්, රැකියාව, ඉපැයීම් හා වැයවීම්ද පෙන්නුම් කරයි. මේ ස්ථාන අතරින් රවි ග්‍රහයා ගෝචර වීම අනුව ඒ ඒ ස්ථානවලින් ලැබෙන සැප හෝ දුක් උරුම වෙයි. රවි ග්‍රහයාට සුබ ස්ථානයක ගෝචරයකු වුවද ජන්මියාට අසුබ පල දෙන අවස්ථා එමටවත් තිබේ. එසේ වීමට ජන්මියකුගේ උපන් කේන්දරයේ රවි ග්‍රහයාගේ දුබලතාව බලපායි. උපන් කේන්දරයේ රවි ග්‍රහයා භංග නොවන නීචයක පසුවේ නම් එම රවි 20 වැනි දෙර්කාණාධිපති හෝ 64 නවාංශකාධිපති වේ නම් හෝ චර නවාංශකාධිපති වේ. බොහෝ නරක පල ලබාදේ.
එමෙන්ම රවි නිදනාමිශ හෝ අෂ්ටමාංශගත වී ඇත්නම්ද රවිට අසුබ දෘෂ්ටි ලැබේ නම්ද ජන්මියාට බොහෝ අසුබ ප්‍රතිඵල රාශියක් ගෙන එනු ඇත.
රවි ග්‍රහයා ප්‍රධාන වී යෙදෙන අපලයන්ද ජ්‍යොතිෂයේ සඳහන්වේ. ඒ පාඩත අපලයයි. මෙහිදී ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා සිටින රාශිය හරහා පාපී අසුබ ග්‍රහයකු ගමන් ගන්නා විට මෙම අපලය ජන්මියාට උදාවෙයි. පාඩත අපලය ඇති ජන්මියාට බලාපොරොත්තු බිඳවැටීම, මානසික පීඩා, නිතර අඬදබර ඇතිවීම, ශරීර සෞඛ්‍ය දුර්වල වීම ආර්ථික පරිහානිය සහ තමන්ගේ රැකියාවේද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවේ. එමෙන්ම ජන්මියකුට උන්හිටි තැන් පවා අහිමි කරන්නට පාඩත අපලයට හැකි බව ජ්‍යොතිෂ විශ්වාසයයි.
ජන්ම පත්‍රයෙන් රවි ග්‍රහයා මෙවැනි අපලකාරී තත්ත්වයකට පත්ව ඇත්නම් ඊට සුදුසු පිළිවෙත් කර අපලය දුරුකර ගැනීම අනිවාර්ය කටයුත්තකි. අපලයක් යනු පෙර කළ පව් පලදීමකි. එනිසා අපලය කලින් හඳුනාගෙන ඊට පිළිවෙත් කොට සිදුවීමට නියමිත අසුබ ක්රියාකාරීත්වයන් පාලනය කරගත හැකිය.
ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන තත්ත්වයකට පත්වී ඇති බව දැනගත් විගස සියල්ලට පෙර තමන් දැහැමි දිවියකට නැඹුරු විය යුතුය. පස්පවින් වැළකී ගුණ දහම් වඩවන ක්‍රියාවන්ගේ නිරත වීමෙන් බරපතළ තත්ත්වය අඩුකර ගත හැකිය. එසේම රවිගෙන් අපල ඇති අය ගමන් බිමන් යෑමේදී රිය පැදවීමේදී මෙන්ම යම් යම් අනතුරුදායක කටයුතුවලදී වඩාත් කල්පනාකාරීව වැඩකළ යුතුය. නිතරම තම ඉෂ්ට දේවතාව සිහිකරමින් පිහිට පැතීමද සුදුසුවේ.
මෙයට අමතරව පෙර සඳහන් කළ ආකාරයට යහපත් පුද්ගලයකු වී ඉන් පසුව රවි අපලයට වත්පිළිවෙත් සිදු කිරීමෙන් වඩාත් උසස් ප්‍රතිඵල ලැබේ. එහිදී ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වීම ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හෝ කතරගම දෙවියන්ට සෙත් කවි කීම, රතු නෙලුම්, රතු අරලිය, රත්මල් වැනි රතු පැහැයෙන් යුතු මල් සර්වඥ ධාතූන් උදෙසා පූජා කර බෝධිපූජා පැවැත්වීම, ඉඹුල් ගසක් සිටවා එයට සත්කාර කිරීම, ඉඹුල් සෙවණක මොහොතක් ගත කිරීම සහ රවි ග්‍රහයාට අදාළ ග්‍රහදාන දීමද සුදුසුවේ. මෙයට අමතරව රතු රෙදි, රතු පරිප්පු, රතු සීනි වැනි දේ සිල්වත් ගුණවත් අය හට ලබාදීම මඟින්ද රවි ග්‍රහ දොස් දුරුකර ගත හැකිය.
මරණයට කැපවූ ගවයන්, කුකුළන්, ඌරන් වැනි සතුන්ද සිරවූ ගිරවුන්, පරවියන් වැනි සතුන්ට නිදහස ලබාදීම තුළින්ද, අටපිරිකර පූජාව, ධර්ම දානය, කැසිකිළි, වැසිකිළි තැනීම තුළින්ද ඉඹුල් කොළ තැම්බූ ජලය ස්නානය තුළින්ද රවි අපල දුරුවනු ඇත. එසේම කිරි අම්මාවරුන්ට දානයක් දී එම දානය වෙනුවෙන් තැනූ ආහාර, අඟහිඟකම් නැති ධනවතුන් හට බෙදාදීමෙන්ද සහනයක් උදාකරගත හැකිවේ.
රවි ග්‍රහ අපලය සඳහා පුද පූජා කටයුතු කිරීමේදී පූජා වට්ටිය, රතුමල්, රත්හඳුන්, පද්ම රාග හෝ රතුකැට, තිරිඟු පිටි, රතු වදමල් මාලා, රතු රෙදි, රතු කොඩියක්, ඉඹුල් කොළ, සුනු සහල් බත්, උක් හකුරු මිශ්‍ර කිරිබත් සහ තුරඟ රූපයක්ද තැබීම සුබපල වැඩි කරන කරණාවන් බවද අමතක නොකළ යුතුය.
තරුපති ගෝවින්ද











