• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිස ගිනිතබා බඩ ලෙඩ කරන වාස්තු දෝෂ

November 21, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිස ගිනිතබා බඩ ලෙඩ කරන වාස්තු දෝෂ
Share on WhatsAppShare on Facebook

රජයේ සේවකයකු ලෙස කටයුතු කළ සමන්ත සිය රැකියාවෙන් උපයාගත් මුදලින් තමන් පදිංචිව සිටි අනුරාධපුර ප්‍රදේශයේම නිවෙසක් ඉදිකළේය. නිවෙස ඉදිකිරීමේදී ඔහුගේ පියා මූලිකව කටයුතු කළ අතර පියාගේ කැමැත්ත අනුව සියලු සැලැසුම් කටයුතු ජ්‍යොතිෂයට සහ වාස්තුවලට අනුකූලව සිදුකෙරුණේය. එහෙත් සමන්ත ඒ සම්බන්ධයෙන් එතරම් තැකීමක් කළේ නැත. ඔහු ජ්‍යොතිෂය හෝ වාස්තු සම්බන්ධයෙන් එතරම් විශ්වාසය කළේද නැත.

නිවෙස ඉදිකිරීමෙන් පසු සමන්තට විවාහයක් සිදුකර දුන්නේද පියාගේ මැදිහත් වීමෙනි. ඒ අනුව ඔහුට ඉතාමත් හොඳින් ගැළපෙන සහකාරියක්ද ලැබුණේය. ඇයද ජ්‍යොතිෂය හෝ වාස්තු ගැන එතරම් තැකීමක් කළේ නැත. අලුත් නිවෙසේ පදිංචියත් සමඟින් සමන්තගේ අතමිට දින දින සරු විය. ඔහු තමන්ටම කියා වාහනයක්ද ගත්තේය. ඒ අතරේ ව්‍යාපාරයක්ද පටන් ගත්තේය. ඔහුගේ ව්‍යාපාරය වූයේ සහල් සැකසුම් ව්‍යාපාරයකි. එය දිනෙන් දින දියුණු වෙද්දී සමන්තගේ සහල් දිවයින පුරා බෙදාහරින්නටද අවස්ථාව ලැබෙන්නේය. මේ කටයුතු සඳහා කොළඹින් තමන්ටම කියා ඉඩමක් ගෙන ගබඩාවක් ඉදිකළ සමන්ත රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය කරන්නට පටන් ගත්තේ එයින් තමාට ලැබෙන ආර්ථික වාසිය වැඩිවූ නිසාවෙනි.

අනුරාධපුරයේ සිට කොළඹටත් කොළඹ සිට අනුරාධපුරයටත් නිතර නිතර එහා මෙහා යන්නට සිදුවූ හෙයින් සමන්ත කොළඹින් නිවෙසක් ගෙන පදිංචි වෙන්නට තීරණය කළේ මේ අතරේය. ආවාට ගියාට ගෙවල් ගන්නට එපා යැයි පියා කොතරම් පැවැසුවද ඒ ගැන තැකීමක් නොකර දෙමහල් නිවෙසක් මිලට ගත් සමන්ත සිය බිරියත්, දරුවන් සමඟින් එහි පදිංචි විය. හාල් මෝලේ කටයුතු පියාගේ සොයා බැලීම් අනුව සිදුකරනු අතර කොළඹ බෙදාහැරීම් සමන්ත සිදුකළේය.
වසරකට ආසන්න කාලයක් කොළඹ නිවෙසේ රැඳී සිටි සමන්ත විටින් විට උදරයේ ආබාධවලින් පෙළුණේය. ඔහුගේ බිරියටද එවැනි රෝග පීඩා ඇතිවූ අතර, විවිධ ගනුදෙනු සම්බන්ධවත් වෙනත් ප්‍රශ්නත් නිසා ඔවුන් නිතරම සිටියේ මානසික ආතතියෙනි. කෙතරම් මුදල් ලැබුණද ඒ තත්ත්වයන් හිතට නිදහසක් නොව කරදරයක් විය. ඇතැම් අවස්ථාවල චෙක්පත්වල මුදල් එකතු කිරීම පවා කරදරයක් සේ සමන්තට දැනුණේය. අවසානයේ ඔහු ව්‍යාපාරය අතහැර දමන තත්ත්වයට පත්විය. එයින් ව්‍යාපාරය පාඩු ලබන සහ බංකොළොත් තත්ත්වයට පත්වූයෙන් සමන්තගේ පියා කොළඹ නිවෙසට ආවේය. වාස්තු ගැන යම් දැනීමක් තිබූ ඔහුට නිවෙස තුළ තිබූ වැසිකිළි වළ දුටු සැණින් කාරණාව වැටහිණි. අවසානයේ ඔහු ඒ බව මා හට දැන්වීමෙන් පසු නිවෙස පරීක්ෂා කර බලා අවශ්‍ය කටයුතු විමසා බලන්නට සිදුවිය. එහිදී හඳුනාගත් වාස්තු දෝෂ රාශියකි. වාස්තු පුරුෂයාගේ හිස නියෝජනය කරන ප්‍රධාන පිවිසුම් දොර එම නිවෙසේ ජීවත් වන ගෘහ මූලිකයාගේ ආර්ථික තත්ත්වය මෙන්ම අනාගත දියුණුවද තීරණය කරයි. එනිසා නිවෙසක බ්‍රහ්ම පාදයට හිමි තැන ප්‍රධාන දෙරටද ලැබිය යුතු බවට වාස්තු විද්‍යාවේදී සලකයි. බ්‍රහ්ම පාදයත් ප්‍රධාන දොරත් කිසිදු ආකාරයකින් බාධා නොවන ආකාරයට තිබීමෙන් ගෘහ මූලිකයාගේ ඉදිරි ගමනද නිදහසේ සාර්ථක කරගන්නට හැකිවේ.

මෙම නිවෙසේ ඉහළ මහලට යෑමට ඒමට තිබූ පඩිපෙළ පිහිටා තිබුණේද ප්‍රධාන දොරටුවට මුහුණලාය. එයද නිවැසියන්ගේ මානසික සහනය අහුරා දමන්නකි. මෙමඟින් නිවැසියන්ට සිතේ නිදහසේ කටයුතු කරන්නට ඇති අවස්ථාව නැතිවී යයි. එසේම කරගෙන ආ කටයුතු අඩාළ වීමත්, ආර්ථිකයට බාධා කිරීමත් සිදුවේ. අදාළ නිවෙස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එම නිවෙසේ පිටුපස කොටසේ ඇතුළත තිබූ වැසිකිළි වළයි. නිවෙසක් තුළ වැසිකිළි වළක් පිහිටුවීම අතිශය අසුබ දෙයකි. එයින් නිවැසියන්ගේ උදරය ආශ්‍රිත විවිධ රෝගාබාධ හට ගැනෙයි. ශරීරයේ අප්‍රාණික බව, මානසික සහනයද නැතිවී යයි. ප්‍රියමනාප පෙනුමද කල්පනා ශක්තියද වෙනස් වේ.

එමෙන්ම කිසිදු වාස්තු දැනීමකින් තොරව වහලය ඉදිකර තිබෙනු දක්නට ලැබුණු අතර, එහි යටලී මූට්ටු පරාල මූට්ටු මෙන්ම පල ගණනේද අයහපත් ප්‍රතිඵල දක්නට ලැබිණි. ඒ නිසා එම හේතු සියල්ල යළි සකස් කළයුතු බව දැනුම් දීමෙන් පසු ඔවුන් කැමැත්තෙන්ම ඊට එකඟ විය.
ඉහත සඳහන් කළ සියලු දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව අද වෙද්දී සමන්ත සිය පවුල සමඟ එම නිවෙසේ සතුටින් වාසය කරයි. ඔහු අද වෙද්දී ලංකාවේ ප්‍රබල සහල් සැපයුම්කරුවකුගේ තත්ත්වයට පත්ව සිටී.
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න)
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ඔක්කොම පරදා සජිත් පාර්ලිමේන්තුවේ අංක එකට එයි

Next Post

පැංචලා 200කින් එකට ආව සුපිරි පැංචා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.