• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පැංචලා 200කින් එකට ආව සුපිරි පැංචා

November 21, 2020
in Heart
Reading Time: 2 mins read
A A
පැංචලා 200කින් එකට ආව සුපිරි පැංචා
Share on WhatsAppShare on Facebook

මේ ආපු ගමන ගැන මටත් පුදුමයි…

සුනිල් සර් එක්ක වැඩ කරන්න ලැබුණෙ වාසනාවකට…

ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා කෙටි කාලයකින්ම ජනප්‍රිය වුණු නළුවෝ බොහොමයක් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රියත්වය වගේම ඇගයීමටත් ලක් වෙන නළුවෝ ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. දුලාන් මන්ජුල ලියනගේ කියන්නෙත් සීමිත පිරිස අතර කෙනෙක්. ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා ඉතාම කෙටි කාලයක් ඇතුළත නැගී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ වීමේ අවස්ථාව දුලාන්ට හිමි වෙනවා. මේ දවස්වල can you hear me ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වට පත් වෙලා ඉන්න දුලාන් අපි එක්ක කතාබහට එකතු වුණේ මෙහෙමයි.
කොහොමද can you hear me සඳහා ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. මේ ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උප සිරැසි සහිතව අන්තර්ජාලයට එකතු කරන නිසා ජාත්‍යන්තරයෙන් පවා හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාව, ජපානය සහ ඉන්දියාව වගේ රටවල ප්‍රේක්ෂකයන් රැසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බව පේනවා. ඉන්දුනීසියාවේ කුඩා ළමුන් පිරිසක් ජ්බ හදම යැ්ර පැ ටෙලි නාට්‍යයේ ගීතයකට රංගනයේ නිරත වෙන ආකාරයත් පසුගිය දවසක අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින්ම මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
මං හිතන්නේ ඒක මට ලැබුණු ලොකු භාග්‍යයක්. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කරන්න ලැබුණු එක වගේම ප්‍රවීණ ශිල්ප ශිල්පීන් රාශියක් එක්ක වැඩ කරන්න ලැබුණු එකත් ලොකු වාසනාවක්. හැබැයි ඒ අය ඉතාම මිත්‍රශීලීව අපි එක්ක වැඩ කරනවා. ඒ වගේම මාව මේ නිර්මාණයට සම්බන්ධ කර ගැනීම ගැන සුනිල් කොස්තා මහත්මයාට මගේ ස්තුතිය හිමි වෙන්න ඕනෑ.
දුලාන් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිය මතක් කරලම අපි මේ කතාව ඉදිරියට අරගෙන යමු?
2017 නොවැම්බර් මාසෙදි තමයි මම මුලින්ම ටෙලිනාට්‍යයක චරිතයක් සඳහා පෙනී හිටියේ. කැළුම් උඩුවාවල අයියා තමයි ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළේ. අලුත් ටෙලි නාට්‍යයක් ගැන දැන ගත්තොත් මට කියන්න කියලා මම ඒ වෙලාවේ කැළුම් අයියට කිව්වා. ඔහු තමයි මට සුදු ඇඳගෙන කළු ඇවිදින් ගැන කිව්වේ. “මල්ලි සුනිල් කොස්තා සර්ගේ වැඩක් පටන් ගන්නවා. ජගත් චමිල කියන රංගන ශිල්පියාත් ආවේ සුනිල් කොස්තා මහත්මයාගේ ටෙලි නාට්‍යයක් හරහා. ඒ හින්දා මේකට තේරුණොත් උඹේ වෙලාව.” කියලයි කැළුම් අයියා මට කිව්වේ. මම ටෙලි නාට්‍යයේ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. 200ක විතර පිරිසක් ඒකට ඇවිත් හිටියා. දවස් දෙකක වැඩමුළුවකට පස්සේ තමයි තෝරා ගැනීම් තිබුණේ. කොහොම හරි ඒකෙන් මාව තේරුණා. ඒ හරහා තමයි මට සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන්නෙත් ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ එක් සංධිස්ථානයක්. ඔබව ඒ හරහා නැගී එන නළුවා සම්මානයටත් නිර්දේශ වුණා. ඒ වගේම පැංචා ගැන අදටත් බොහෝ අය කතා කරනවා?
ඇත්තටම තවමත් බොහෝ දෙනෙක් මට පැංචා කියල තමයි කතා කරන්නේ. ඒ ජනප්‍රියත්වය තවමත් ඒ විදියටම තියෙනවා. මාව නැගී එන නළුවා සම්මානයට නිර්දේශ වුණා වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් හොඳම ටෙලි නාට්‍ය සඳහාත් නිර්දේශ වුණා. මං හිතනවා ඒ ටෙලි නාට්‍යයේ මගේ කොටස මම හරියට කරන්න ඇති. ඒ හින්දා තමයි සුනිල් කොස්තා මහත්මයා ජ්බ හදම යැ්ර පැ සඳහාත් මාව තෝර ගන්න ඇත්තේ.
මේ තරම් ඉක්මනට මේ වගේ ගමනක් එන්න දුලාන්ට හැකියාව ලැබුණේ කොහොමද? ඒක උපතින් ගෙනාව දෙයක්ද? කැපවීමද? නැත්නම් වාසනාවද?
ඇත්තටම ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් වාසනාව තියෙන්නේ ඕනෑ. ඒ වගේම කවදා හරි නළුවෙක් වෙන එක තමයි පොඩි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ. මං හිතන්නේ රංගනය කියන දේ පොඩි කාලේ ඉඳන්ම මගේ ඇගේ තිබුණා. ඒ වගේම පොඩි කාලේ ඉඳන් මම චිත්‍රපට බලන්නත් හරිම ආසයි. හැබැයි අපේ අම්මලා මගේ හීනයට කැමැති නොවුණු හින්දා මට අම්මලාගේ හීන වෙනුවෙනුත් කැප වෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් අන්තිමට ඒ හීනය සැබෑ වෙලා තියෙනවා. මේ ආව ගමන ගැන මටත් පුදුමයි. ඒ වගේම සතුටුයි. මං හිතන්නේ උපතින් ආව හැකියාව එක්ක වාසනාව, කැපවීම කියන හැමදේම මේ ගමනට බලපාන්න ඇති.
අනාගතයේදී දුලාන්ව අපට මොන වගේද දකින්න ලැබෙන්නේ. ක්ෂේත්‍රයේ පරිණත වෙද්දී බොහෝ දෙනා චරිත තෝරා ගැනීම ගැන කතා කරනවා. දුලාන් ඒක දකින්නේ කොහොමද?
මට ලැබෙන චරිතය මොකක්ද, ඒ චරිතයට උපරිමය කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකට උපරිමය කරන්න පුළුවන් නම් ඕනෑම චරිතයක් මම බාර ගන්නවා. හැබැයි මට දැනෙන තරමින් උපරිමය කරත් ඒක සාර්ථකද, නැද්ද කියන එක ප්‍රෙක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හිස ගිනිතබා බඩ ලෙඩ කරන වාස්තු දෝෂ

Next Post

2024 සටන තීන්දුයි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.