• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හැඩ දෙපයේ සුමුදු ඇඟිලි කියන රහස්

August 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හැඩ දෙපයේ සුමුදු ඇඟිලි කියන රහස්
Share on WhatsAppShare on Facebook

හිතේ තියෙන දේ හිනාවෙන් පේනවා කියලා කතාවට කියනවා වගේ හිතේ තියෙන දේයි, නැති දේයි, ගතිගුණයි මේ හැමදේම කියන්න ඇඟේ හැඬේ බලලා පුළුවන්. ඒ සඳහා තමයි අංග ලක්‍ෂණ විiාව තියෙන්නේ. එහිදී නාරිදේහ විiාවට විශේෂ තැනක් හිමිවෙනවා. ඒ අනුව කාන්තාවකගේ පා ඇඟිලිවලින් කියැවෙන ඇගේ ජීවිත රහස් මොනවා දැයි දැනගත හැකිය. කාන්තාවන් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන ඔබටත් ඔවුන්ගේ පා ඇඟිලි දෙස පරීක්‍ෂාවෙන් බැලිය හැකිය. ඒ ඇඟිලි හැඩය, පිහිටීම, ප්‍රමාණය, දිග, මහත විවිධාකාරය. ඇතැම් පිහිටීම් අසාමාන්‍ය වෙයි. සියල්ලෙන් එකිනෙකාට වෙනස් ගතිගුණ ගැන රහස් හෙළි කරන්නේය.
සිහින්ව හා දික්ව සියලුම පා ඇඟිලි එක්තරා රටාවකට මෙන් පිළිවෙළට පිහිටන ස්ත්‍රිය අධික ලෙස රාගාධික තැනැත්තියකි. ඇය තම සහකරුගෙන් තෘප්තිමත් නොවන තැන්හි පරපුරුෂයන් කරා යන්නට පසුබට නොවන්නීය. කෙසේ නමුත් ඇයට සැප සම්පත් විඳීමට භාග්‍ය හිමිවෙයි. ජීවිතයේ මැද භාගයේ සියලු දේ සපිරි දිවියක් හිමිකර දෙයි.
යම් ස්ත්‍රියකගේ පා ඇඟිලි මහපට ඇඟිල්ල දෙසට නැමී පවතී නම් ඇය දිළිඳු වන්නීය. කෙසේ හෝ වස්තුව, ධනය ලැබුණද ඒ සියල්ල විනාශ විය හැකිය.
යම් ලෙසකට ඇගේ ඇඟිලි අතර පරතරය වැඩි නම් හිඩැස් මෙන් පෙනේ නම් ඇයට ජීවිතයේ දුක්කරදර අඩු නැත. විවාහයෙන් පසුවද දුක්පීඩා විඳීමට සිදුවෙයි. තමන් සතු දේ පවා අහිමිව යා හැකිය.
මහපට ඇඟිල්ලේ සිට පිළිවෙළකට, ක්‍රමානුකූලව දිගින් අඩු වෙමින් පිහිටන ඇඟිලි ඇති ස්ත්‍රිය ඉතාමත් කරුණාවන්ත ගති ඇති තැනැත්තියක වෙයි. ඇගේ ඇඟිලි පිළිවෙළකට පොළොවේ ස්පර්ශව ඇත්නම් වඩාත් හොඳ වෙයි. නිහතමානී කාන්තාවකි. ඇය උසස් කුලයක ඉපිද ඇත. උසස් සැමියකු ලබා සැපවත් සතුට සපිරි විවාහ දිවියක් ලබන්නට පින ඇත.
පා ඇඟිලි ඉතාමත් කෙටිව රළු ස්වභාවයෙන් පිහිටයි නම් ඇයට අධිකව වෙහෙස මහන්සියෙන් කටයුතු කරන රැකියාවල නියුතු වීමට සිදුවෙයි. එසේම ඇඟිලි අතිශය සිනිඳු ස්වභාවයක් ගෙන මෘදු, මොළොක් අයුරින් පිහිටයි නම් ඇයට ජීවිතයේ නොසිතූ, නොපැතූ ධනයක් ලැබේ. ඇගේ විවාහය ප්‍රීතිමත්ය. සැප සම්පත් ලැබීමේ වාසනාව ඇත.
පිළිවෙළක් නැතිව විරූපීව ඇඟිලි පිහිටන ස්ත්‍රියට එක් අරමුණක් නැත. කිසිවක් ගැන ස්ථිර තීරණයකට නොපැමිණේ. සාධාරණය ගැන නොතකයි.
කෙටි පා ඇඟිලි ඇත්නම් ඇයට ස්වාධීනව වැඩ කිරීමේ භාග්‍ය නැත. අනුන් යටතේ වැඩ කිරීමට සිදුවෙයි. නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් දිවි ගෙවන්නට සිදුවෙයි.
ස්ත්‍රියකගේ පා ඇඟිලි අඳුරු පැහැ ගෙන රෝම වැවී ඇත්නම් ඇයට අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඇගේ ජීවිතයේ වැඩි කාලයක් දුකින් ගෙවන්නට සිදුවෙයි. ඇඟිලි සියල්ලම පොළොවේ ස්පර්ශ නොවන්නී අවාසනාවන්තය. ඇයට ජීවිතයේ උරුමය කරුමයකි.
ස්ත්‍රි මහපට ඇඟිල්ල මසින් පිරී ඇත්නම් ඇයගේ යුග දිවිය සාර්ථක වෙයි. ගුණවත් සැමියකු සමඟ විවාහයට අවස්ථාව උදාවෙයි. සතුට, සැපත ඉතිරේ. ඇය සැමියාට රසඳුනක් වෙයි.
සිහින් මහපට ඇඟිල්ලේ කෙළවර පළල් වී නම් ඇය චරිතය කෙළෙසා ගන්නීය. විවාහයට පෙර සිටම අනියම් සබඳතා පවත්වන්නීය. ඒවා විවාහයෙන් පසුවද පවත්වාගෙන යනු ඇත.
කෙටි මහපට ඇඟිල්ලක් හිමි ස්ත්‍රිය සතුව සම්පත් රඳා පවතින්නේ නැත. ඇයට ධනවත් වීම අපහසුය. විවාහයේදී සහකරුගේ සිතට ඇයව ප්‍රිය උපදවන්නියක නොවිය හැකිය. යුග දිවිය සැනසිලිදායක නොවේ. දුක්, කරදර අඩුවක් නැත. මහත, දිග, පිරුණු පෙනුමැති මහපට ඇඟිල්ලක් ඇත්තී ඕනෑම දෙයකට එඩිතරව මුහුණ දෙන ශක්තිමත් සිතක් ඇති තැනැත්තියකි. එහෙත් ඇයට තැන නොතැන ගැන අවබෝධය අඩුය. එනිසාම වැඩි දෙනකුගේ අප්‍රසාදයට පත්විය හැකිය. එහෙත් සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත.
පොළොවේ ස්පර්ශ වෙන රතු පැහැයට හුරු පාද ඇඟිලි ඇති ස්ත්‍රිය සියලු සැපසම්පත් ලබන්නට වාසනාව ඇත්තියකි. රාජ්‍ය සම්මාන ගෞරව, ප්‍රශංසා ලබන්නීය. රජ බිසවක ලෙස ජීවත්වීම භාග්‍ය හිමිවෙයි.
මවුපිය ආදරය ලබන සැමියාට ආදරය කරන තුල සිරිත් රකින පතිභක්තිය ඇති ස්ත්‍රියක හඳුනාගත හැකි හොඳම ලක්‍ෂණය නම් පාදයේ දෙවැනි ඇඟිල්ල මසින් පිරී මහපට ඇඟිල්ල දෙසට නැඹුරුව තිබීමයි. ඇය සමඟ ගෙවන යුග දිවිය සහකරුට වාසනාවකි.
දෙවැනි ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දික්ව පිහිටයි නම් ඇය සැමියාව නොතකයි. නිතර රණ්ඩු සරුවල්වලට මුල පුරයි. ඔහුව පාලනය කරන්නට සිතයි. යම් ලෙසකට එම ඇඟිල්ල පොළොවේ ස්පර්ශ නොවෙයි නම් ඇගේ යුග දිවිය දෙදරයි. සැමියාට රහසේ අන් පුරුෂයන් පතයි.
දෙවැනි ඇඟිල්ල තෙවැනි ඇඟිල්ලට වඩා දික්ව පොළොවේ ස්පර්ශ වේ නම් ඇය ලබන්නේ පින්වත් වාසනාවන්ත දරුවන්ය. ජීවිතය සැපවත් වෙයි. මෙම ඇඟිලි අතර හිඩැස් නොමැතිව පිහිටා ඇත්නම් ඇයට දුගී පැලක ඉපදුණද, පසුකාලෙක ධන සම්පත්, යසඉසුරු ලබන්නට වාසනාව ඇත.
උල් හැඩැති දෙවැනි සහ මැදඟිල්ලක් ලබා ඒවා අතර හිඩැස් ඇත්නම් ඇය ලබන සැමියා දුප්පතෙකි. එම ඇඟිලි පොළොවේ නොගැටේ නම් ඇය වැන්දඹු වෙයි. නැතහොත් යුගදිවිය දෙදරයි. දෙවැනි ඇඟිල්ල අනෙක් ඇඟිල්ල මත එල්ලී පිහිටයි නම් දරුවන් නොලබන්නීය.
ජ්‍යොතිෂවේදී ටී. බණ්ඩාර

SendShareShare
Previous Post

DFCC BANK අපනයනකරුවන්ට හැදූ ණය යෝජනා ක්‍රමයෙ පළමු ණය ලබාදෙයි

Next Post

UBER ශ්‍රී ලංකාවට පැය 24 පුරා ක්‍රියාත්මක සහය සේවාවක් හඳුන්වා දෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.