• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හන්දි රිද්දන සෙනසුරු

October 10, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හන්දි රිද්දන සෙනසුරු
Share on WhatsAppShare on Facebook

සෙනසුරා ලැබීම යනු අපලයකි. කලදවස යහපත් නොවෙයි. එය ශාරීරිකවද බලපෑම් ගෙන එයි. ජන්මියකු හට පාදයේ ආබාධ උරුම කරන්නේ සෙනසුරාය. සෙනසුරු අයහපත් වුවහොත් ජන්මියා එක්තැන් කරවන බව ජ්‍යොතිෂයේ කියැවෙයි.

ගමන් කිරීමේ අපහසුව, ඉදිරියට නැමෙන – දිගහැරෙන විට ඇති වන වේදනාව, කොන්දේ වේදනාව මෙන්ම උඩුකුරුව නිදා සිටින විට, සිටගෙන සිටින විට පහසුවක් කෙසේ වත් නොදැනෙන වේදනාව යනාදිය සෙනසුරු වක්‍රාකාරයෙන් උරුම කරගෙන නිසිකල එක්තැන් කරවන රෝග ලක්‍ෂණ ලෙස හැඳින්වෙයි.

කැස්ස, තැටමීම, කිවිසුම් යෑම මගින්ද වේදනාව ඇති වෙයි. තුනටිය ප්‍රදේශයේ සිට පාදයේ යටිපතුල දක්වා පැතිරී යන වේදනාව, පාදයේ හිරිවැටීමක්, විකෘති වීමක් දක්වා වර්ධනය විය හැකිය.

වාත රෝග ඇති කරවීමටද මූලික වන්නේ සෙනසුරාය. වියපත් වූවන් හට සෙනසුරුගේ බලපෑම වැඩිවෙයි. වාත රෝග, කල්පවතින නිදන්ගත රෝග, ඇට බිඳීම් ආදිය සෙනසුරුගේ බලයට අවනතව ජන්මියා පීඩාවට පත්කරවයි.

වාත රෝග අතුරින් කොන්දේ කැක්කුම සුලබ රෝගී තත්ත්වයකි. මෙය රෝගී තත්ත්වයක් නොව රෝගී ලක්‍ෂණයක් ලෙස පිළිගැනෙයි. ආයුර්වේදයත්, ජ්‍යොතිෂයත් එකිනෙකට සබැඳුණු විෂය පථයන් ද්විත්වයකි.

ජ්‍යොතිෂයේ සෙනසුරු බලවතෙකි. ඉහළට ඔසවා තැබීමටත්, නැවැත නොනැඟිටින සේ පොළොවේ ගැසීමටත් හැකියාව ඇත්තේ සෙනසුරුට පමණක් බව ජ්‍යොතිෂ මතයකි.

වාත රෝග ඇතිකරවීමටද, සෙනසුරුගේ මූලිකත්වය යම්සේද, ආයුර්වේදයේදී වා, පිත්, සෙම් අතර වාදයද ප්‍රධාන වෙයි. කොන්දේ වේදනාවෙන් පෙළෙන රෝගීන්ගේ රෝග නිධානය විමසුම් කිරීමේදී එය වාතය කුපිත වීමක් ලෙසද දැක්විය හැකියි.

‘සර්වාභි වෙෂ්ඨා වාතේහ, සප්‍රාණං ප්‍රාණිණං සමෘතඃ’ යනුවෙන් චරක සංහිතාවෙහි දක්වා ඇති ආකාරයට පණ ඇති සියලු සත්වයන් සතු සෑම ක්‍රියාවක්ම වාතය මගින් ඉටුකරයි. එය පණ ඇති සියලු සතුන්ගේ ‘ප්‍රාණයට’ සමානය යනුවෙන් අර්ථ ගැන්වෙයි. ශරීරයක පිත හෝ සෙමටද සප්ත ධාතුන්ටද වාතයේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ නොහැකිය. පිත් – සෙම් කෝප කිරීමේ බලයද ශරීරයේ සෑම තැනකම පැතිරී ඇති හෙයින්ද කිසිවකුගේ ආධාරයක් නොමැතිව ක්‍රියා කළ හැකි හෙයින්ද වාතය අතිවිශාල රෝග රැසකට හේතුකාරක වන හෙයින්ද, ත්‍රිදෝෂ අතරින් වාතය ප්‍රධාන වෙයි. වාතය මිනිස් ශරීරයේ පස් වැදෑරුම්ව බලපෑම් ගෙනදෙයි.

මිනිස් ශරීරයේ හිස, පපුව, ගෙල, දිව, මුඛය සහ නාසය මූලිකව පුරා වාතය සැරිසරයි. ආශ්වාස – ප්‍රශ්වාසය, ආහාර ගිලීම ආදී කරුණු නිසිලෙස ක්‍රියාත්මක ප්‍රාණ වාතය ගෙල ඉහළ අවයවයන්ගේ ක්‍රියා පාලනය කරවයි.

පපුවෙහි ස්ථානගත වන උදාන වාතය කතාව, උනන්දුව සහ කාය ශක්තිය, මතක තබාගැනීමේ ශක්තිය වර්ධනය කරවයි. නාසය, නාභියද මෙයට ඇතුළත්ය.

හෘදය ප්‍රදේශයේ සිට ව්‍යාත වාතය සම්පූර්ණ ශරීරයම පාලනය කරයි. අත්-පා දිගහැරීම, ගමන් කිරීම, ඇස් ඇරීම, පියවීම ආදී ක්‍රියාවන් එළිදැක්වීමට ව්‍යාත වාතය හේතු වෙයි.

සමාන වාතය අග්නිය හෙවත් ගින්න ලෙසද හැඳින්විය හැකිය. උදරය, ආමාශය ඇසුරුකර ගනිමින් ආහාර ආමාශයට ගැනීම ආහාර දිරවීම දිරවූ ආහාරයෙන් අවැසි කොටස් හා මල කොටස් වෙන් කිරීම, මල කොටස් පිටකිරීම ආදියට සමාන වාතය ඉවහල් වෙයි.

අපාත වාතය ගමන් කරන්නේ තුනටිය, ගුදය, ලිංගය, මුත්‍රාශය, කලවා ආදී ස්ථාන මූලික කරගෙනය. මල, මුත්‍ර, ශුක්‍ර පහකිරීම ගර්භාෂයෙන් කළලය පිටකිරීම ආදිය පාලනයෙන් සිදුවන්නේ අපාත වාතය අනුවය.

මේ අනුව අපාත වාතයේ බලපෑම කොන්දේ වේදනාව, පාද ආබාධ සහ වාත වේදනාවලට ගොනු වූවා විය හැකියි. එහි නිදානය සොයාගත යුතු කටී කශේරුකා අතර ඇති කශේරුකා බිම්බ ඉදිරියට නෙරා ඒම හෝ තෙරපීම, බර ඉසිලීම හෝ එබඳු ඉරියව්වකින් බිම පතිත වීම, කොන්ද සහ පාද ආශ්‍රිත වේදනාවට මූලික වූවා විය හැකිය. කොඳුඇට පෙළ ඇඹරී, කොඳුඇට පෙළට පහරක් වැදීමද ගැටලුවකි. රෝග ඉතිහාසය විමසුම් කිරීමේදී උළුක්කුවක්, පහර වැදීමක් හෝ ඇදවැටීමක් ලෙසද අනාවරණය විය හැකිය.

සෙනසුරු ග්‍රහයාගේ පීඩාව සහ වාත කෝපයේ ලක්‍ෂණ නිසිව හැදුණු රෝගයට නිසි ප්‍රතිකාර කිරීමෙන් සුවය අත්වෙයි. තුනටිය සම්බන්ධ රෝගයට සතියකින්, දෙකකින් සුවයක් අපේක්‍ෂා කළ නොහැකිය. තෙල්, ගුළි, චූර්ණ, කසාය, තැවිලි, පත්තු ආදියෙන් ක්‍රමයෙන් සුවය ලබාගත හැකිය. ඒ සඳහා ක්‍රමවත් ප්‍රතිකාර පෙළක් අවශ්‍ය වෙයි.

සුවය සඳහා වෛiවරයා රෝගය අවබෝධ කරගත යුතුය. එයට පෙර අවබෝධයෙන් වෛiවරයා වෙත යා යුතුය.
ඔබේ කොන්දේ සහ පාදයේ වේදනාව පිළිබඳව ඔබ දැනුවත්ද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ගැහැනු වගේම පිරිමිත් කණවැන්දුම් වෙන ග්‍රහයෝග

Next Post

මට එක එක කාලෙට කතා හැදෙනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.