• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදිසි ධන ලාභ තියෙනවද

September 23, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් තවත් රේඛාවකි කීර්ති රේඛාව. මෙය රවි මණ්ඩලයෙන් අවසන් වන නිසාම කීර්ති රේඛාවෙන් බොහෝ විට ප්‍රකාශ වන්නේ රවි ග්‍රහයාට හිමි ගතිගුණමයි. කීර්තිය, ප්‍රසිද්ධිය සමාජයෙන් ලැබෙන ගරු බුහුමන් ආදිය කීර්ති රේඛාවෙන් පෙන්නුම් කරයි. කලා කෞශල්‍ය, ප්‍රතිභා ශක්තිය ඇතුළු පුද්ගලයා සතු උපන් දක්‍ෂතාවන්ද මෙම රේඛාවෙන් සටහන් වෙයි. හදිසි ධන ලාභ ජයග්‍රහණ ආකර්ෂණය ආදි ගුණාංගයන්ද මේ රේඛාව මඟින් ප්‍රකට කෙරෙහි. මෙම රේඛාව හැම අයකුගේම අතක නොපිහිටියත් තමන්ගේ වාසනාව උදා වන විට එම රේඛාව මතු විය හැකිය. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව කියැවෙන්නේ කීර්ති රේඛාව අත්ලක නොපිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ දියුණුව සීමාසහිත වන බවයි. උසස් ලෙස දියුණුවට පත් බොහෝ දෙනකුගේ අත්වල මෙම රේඛාව පැහැදිලිව පිහිටයි.

දෛව රේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත්කිරීමේ සුවිශේෂී බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව වශයෙනි. මෙම රේඛාව කුමන ස්ථානයකින් ආරම්භ වුවත් අත්ල හිමියාට සුබඵලම ගෙන දෙයි.

කීර්ති රේඛාව දෛව රේඛාවෙන් ආරම්භ වුවහොත් ස්වඋත්සාහයෙන් අත් හිමියා උසස් දියුණුවකට පත්විය හැකිය. දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුව සිටි උසස් තනතුරකට පත්වීම, ව්‍යාපාරයේ දියුණුව ආදියත්, හදිසියේම වාසනාවේ ඉහළටම නැඟීමත් පෙන්නුම් කරයි. තවද එම අයගේ හැකියාවන්හි බලයත්, එමෙන්ම කාලයක සිට දැරූ උත්සාහයකට දෛව රේඛාවෙන් ලැබෙන ආධාරයත් එමඟින් පෙන්නුම් කරයි. වාසනාව මතු වීමට අවුරුද්දකට දෙකකට කලින් මෙය පෙරනිමිත්තක් සේ අත්ලේ සටහන් වෙයි. දිනපතාම ප්‍රයත්නයන් එකතු වීමෙන් විශ්වාසය තැබිය හැකි සලකුණක් සේ නිසිපල දරනු ඇත.

ස්ත්‍රියකගේ අතක කීර්ති රේඛාව චන්‍ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වුවහොත් පුරුෂ පක්‍ෂයෙන් ලැබෙන සහාය මත වාසනාව හා දියුණුව සැලසෙන බවත්, පුරුෂයකුගේ අතක එම අයුරින් කීර්ති රේඛාව ආරම්භ වුවහොත් ස්ත්‍රී පක්‍ෂයෙන් ලැබෙන ආධාර උපකාර මත වාසනාව දියුණුව සැලසෙන බවත් පෙන්නුම් කරයි.

යමකුගේ ඉහළ කුජ මණ්ඩලය හෙවත් බුධ මණ්ඩලයත්, චන්‍ද්‍ර මණ්ඩලයත් අතර ප්‍රදේශයෙන් කීර්ති රේඛාව ආරම්භ වුවහොත් හෙතෙම අතිශයින්ම නිර්භීත යුධ උපක්‍රමයෙහි දක්‍ෂයෙක් වෙයි. ධනයත්, කීර්තියත් නිරායාසයෙන්ම ඔවුන් කරා ගලා එයි. ආරක්‍ෂ අංශයේ ඉහළ තනතුරු දරන බොහෝ අයගේ අත්වල මෙම සලකුණු දැකිය හැකිය. අත්ලේ මැද හෙවත් කුජ තලාවෙන් මෙම රේඛාව ආරම්භ වුවහොත් එම තත්ත්වය ලබා ගැනීමට දහසක් බාධකවලට මුහුණ දිය යුතුය. චන්ද්‍ර මණ්ඩලයත්, සිකුරු මණ්ඩලයත් අතරින් ආරම්භ වී රවි මණ්ඩලයට යෑමද සුබ පිහිටීමකි. අසහාය බුද්ධි බලයේත්, ධන බලයේත් සංකේතයක් වශයෙන් එය සැලකිය හැකිය. ජීවන රේඛාවෙන් පටන් ගෙන රවි මණ්ඩලය දෙසට ඇදෙන කීර්ති රේඛාව පෙන්නුම් කරන්නේ උත්සාහයෙන් ලබාගත් කීර්තිය හා ප්‍රසිද්ධියයි.

මෙම සලකුණු ඇති අය සහජ දක්‍ෂතාවක් ඇතිව ඉපිද අන්‍යයන්ගේ ආදරය දිනා උත්සාහවන්තව ක්‍රියා කිරීමෙන් නිසිපල දරා කීර්තිය ලබා ගනිති. සමහර අවස්ථාවල මෙම රේඛාව ශීර්ෂ රෝඛාවෙන්ද ආරම්භ විය හැකිය. ඔවුහු උසස් විද්‍යාඥයන් හා දර්ශනවාදීහු වෙති. ඔවුන් ප්‍රසිද්ධිය හා ගෞරවයද හිමිකර ගනියි. අවුරුදු 20ත් 25ත් අතර කාලයේ ඔවුන්ගේ දියුණුව ආරම්භ වෙයි. කීර්ති රේඛාව හෘද රේඛාවෙන් පටන් ගැනීම ඔවුන්ගේ ජීවිතයේ පූර්ණ දියුණුවක් ප්‍රකට වෙයි. මුල් කාලයේ කරදර සහිත වුවත් තම උත්සාහයෙන් මැදි වයසේදී උසස් දියුණුවකට පත්වෙයි. කීර්ති රේඛාව මැණික්කටුව ප්‍රදේශය සමීපයෙන්ම පටන්ගෙන සියලුම රේඛාවන් ඡේදනය කරමින් රවි මණ්ඩලය දෙසට විහිද යෑමද ධනය, ගෞරවය, කීර්තිය, යාන-වාහන ආදී හැම සම්පතක්ම හිමිවීමට හේතුවක් වෙයි. ඔවුහු සාර්ථක ව්‍යාපාරිකයෝ මෙන්ම ලේඛකයෝද වෙති.

කීර්ති රේඛාව අත්ල මැදින් ආරම්භ වීම ලොතරැයි ආදියෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හදිසියේ ධන ලාභයක් ලැබීමට හේතුවෙයි. රේඛාවේ කෙළවර තරුවක සලකුණක් වීනම් ඉහළම කීර්තිමත් බව ප්‍රකට කෙරේ. එය හරස් රේඛාවලින් කැපී ඇත්නම් කීර්තියට බාධා පෙන්නුම් කෙරේ. කතිරයකින් අවසන් වීම ඉරකින් අවසාන වීමටත් වඩා අසුබය. අවසන් වීම ත්‍රිශූලයක සලකුණකින් නම් කීර්තිය හා ධනය අඩු නොවේ. ත්‍රිශූලයේ අඬු තුන රවි, බුධ හා ශනි මණ්ඩලය දෙසට විහිද ගියේ නම් එම ප්‍රමාණයට ධනය, බලය හා කීර්තිය හිමිවෙයි.

පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

ඇවන්ගාඩ් නඩුවෙන් ‌ගෝඨා නිදහස්

Next Post

සජිත් ජනාධිපති ‌කොමිසමේ: රනිල්-සජිත් හමුව රෑට කල් යයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.