ඇවන්ට්ගාඩ් නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කර ඇත.
සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙස නියෝග කර තිබේ.











