ඔබ හෝ නිවෙස් හිමියන් වාස්තු දෝෂ පිළිබඳ නිතරම සැලකිල්ලක් නොදක්වයි. කුලී නිවෙසක වෙසෙන අයට තමන් පදිංචි නිවෙසේ එවැනි දෝෂ දක්නට ඇතත් ඒවා නිවැරැදි කරගැනීමේ අයිතියක් නැත.
වැඩ නිම කළ නිවෙසක් මිලදී ගන්නා විටදී මේ පිළිබඳව අවධානයක් යොමු නොකෙරේ.
එක්තරා පුද්ගලයෙක් විදේශ රැකියාවක් කර සෑහෙන මුදලක් අතට ගෙන ලංකාවට පැමිණි කෙනකුගේ මඟ පෙන්වීමක් හරහා නිවෙසක් මිලයට ගත්තේය. මෙම නිවෙසේ දෝෂ ඇති බැව් දැනගන්නා ලද්දේ කලක් ගිය පසුවය. ඊශාන කලාපයේ කුස්සියත්, නැඟෙනහිර වැසිකිළි, නාන කාමරත් තිබූ අතර, ගෙයි හරි මැද මධ්‍ය ලක්ෂ්‍යය සහ බ්‍රහ්මපාදය පෑගෙන තැනක තිබිණි. ළිඳ නිවෙසේ අත්තිවාරමේ සිට අඩි 2ක ප්‍රමාණයකද පිහිටා තිබුණි. දකුණු දිසාවේ උළුවහු දෝෂ, වහල දෝෂවලින් පිරී තිබිණි. මෙකී නිවෙස සාදා කිහිප දෙනෙක්ම කුලියට සිටිය මුත් විවිධ කායික හා මානසික පීඩනයන්ට ගොදුරු වීම නිසා නිවෙස අන්තිමේදී විකුණා ඇති බැව් දැනගැනීමට ලැබුණේද කාලයක් ගතවීමෙනි.
මෙවන් මහා වාස්තු දෝෂ ඇති නිවාස සංඛ්‍යාවක් මා දිවයිනේ විවිධ ප්‍රදේශවල දැක ඇත්තෙමි. නිවෙසක් මිලදී ගැනීමට පෙර එකී නිවෙස විකිණීමට මූලික හේතුවක් සෙවීම වැදගත්ය. මිනිසුන් එල්ලී මැරී සිට නිවාසද මේ අතර වෙයි.
වාස්තු දෝෂ බහුලව ඇද්ද යන්න නිවාස මිලදී ගැනීමට පෙර පරීක්ෂා කර බැලීම අනිවාර්ය වෙයි. නැත්නම් පසුවට කරදරවලට මුහුණ පෑමට සිදුවන බැව් පැහැදිලිය.
මූලික වාස්තු දෝෂ ඇති නිවෙසක ජීවත් වීමේදී ඔබට මුහුණ පෑමට සිදුවන පලවිපාක මෙසේය. අඹු – සැමි අරගල, භේද භින්න වීම, රැකියා ගැටලු, සතුරු කරදර, අනවශ්‍ය බාහිර ප්‍රශ්න, ලෙඩ රෝග, නිධන්ගත රෝග මතු වීම, ශාරීරික පීඩා, කෙතරම් වෛi ප්‍රතිකාර කළත් සුව නොවීම. රෝග නිධාන සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසා පිලියම් ලෙස බලි-තොවිල්, යන්ත්‍ර-මන්ත්‍ර සහ ගුරුකම් කරන්නට ණය වී තවත් ආර්ථිකමය ප්‍රපාතයකට ඇද වැටීම් ආදිය සිදුවෙයි.
මෙවැනි ක්රමයන් හරහා නිවෙසක වාස්තු දෝෂ නැතිකර ගැනීමට නොහැකිය. කළ යුත්තේ දක්ෂ අත්දැකීම් ඇති වාස්තු විiාවේදියකුට පෙන්වා උපදෙස් හරහා නිවෙසේ ඇති වාස්තු දෝෂ ඉවත් කර ගැනීමයි.
වාස්තු රෝගී නිවෙසක් තුළ ජීවත් වීමට සිදුවන්නේ නම් ඔබත් ඔබේ මුළු පවුලම රෝගී ව්‍යාධි තත්ත්වයට පත්වන බැව් ඇත්තකි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











