• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අනේ සිඳු ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ

October 3, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අනේ සිඳු ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නෙ
Share on WhatsAppShare on Facebook

මේ වන විට ටෙලිනාට්‍ය නිර්මාණ කලාවේ දවසින් දවස මෙගා රැල්ලක් අපි දකිනවා. ඒ මෙගා රැල්ලේ ආරම්භක පුරුකක් ලෙසට ‘සිඳු’ ටෙලිනාට්‍ය සඳහන් කරන්න පුළුවන්. වසර ගණනාවක සිට එක දිගට විකාශය වුණු ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ මේ වන විට වෙනසක් අපි දකිනවා. පටන් ගද්දි තිබුණු චරිත කාලයත් එක්ක නළු නිළියන්ගෙ හැඩයෙන් පවා වෙනස් වෙලා. එකම දේ දිගින් දිගට ඇදන් යනවා. මේ වෙනස් වීම් නිසා ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැලැඳ ගත්ත සිඳූ ටෙලිනාට්‍ය බොහෝ පිරිසකගෙන් ඈත්වී තිබෙනවා. ඉතින් ඒ කරුණු කාරණා සියල්ලත් එක්ක හෙට දවසේ සිඳූ ටෙලිනාට්‍යයට අත්වන ඉරණම ගැන එහි අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්ස ඇතුළු, ආරම්භයේ සිට සිඳූට ජීවය දුන් කලා ශිල්පීන් කිහිප දෙනකු සමඟ අප ඒ ගැන කතා කළා.
වර්තමානයේ නිර්මාණවල මෙගා රැල්ලක් අපි දකිනවා. ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ රේටින් තත්ත්වය අඩු වෙලාද?
තවමත් ‘සිඳූ’ ටෙලිනාට්‍ය ජනප්‍රිය ටෙලිනාට්‍ය අතර තුන් වැනි තැන තිබෙනවා. තවමත් සිඳූ ටෙලිනාට්‍යයට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් පිරිසක් ඉන්නවා. ඔය අතර ප්‍රතික්‍ෂේප කරන පිරිසකුත් ඉන්නවා.
‘සිඳූ’ ටෙලිනාට්‍ය ඔබ කියන පරිදි ප්‍රතික්‍ෂේප වීමට හේතුව ගැන කතා කළොත්?
ලංකාවේ බහුතරයක් පිරිසක් හිතාගෙන ඉන්නේ දිග නිර්මාණයක් ලෙසට ඇදුණොත් හොඳ නැති වැඩක් කියලා. ඉතින් ඒ නිසා ගොඩදෙනෙක් බනිනවා. ලෝකයේ සමහර රටවල 2007 විකාශය වුණු ටෙලිනාට්‍ය අද දක්වා විකාශය වෙන නිර්මාණත් තිබෙනවා. ‘සිඳූ’ ටෙලිනාට්‍ය විකාශය වීමට අරන් වසර කිහිපයක් ගතවෙනවා. එදා අප නිර්මාණය තුළ දැකපු ළමා නළුවනගේ කරදඬු උස්මහත් වෙලා. සමහරවිට මෙය නිසා ප්‍රේක්‍ෂකයන් ඉවත් වීමක් අපි දකිනවා. ‘සිඳූ’ ටෙලිනාට්‍යය විකාශය වුණේ 2016 අගෝස්තු 08 වැනිදා. දැන් වසර හතරක කාලයක් ගෙවී හමාරයි. ඒ තරමට සිඳූ ටෙලිනාට්‍යයට ප්‍රේක්‍ෂකයෝ බැඳිලා ඉන්න බවක් අපි දකිනවා. ප්‍රේක්‍ෂකයන් එලෙස වසර ගණනාවක් එක ලෙස රඳවා ගැනීමත් පහසු කාර්යයක් නෙවෙයි. නමුත් අපි සිඳූ හරහා එය ඔප්පු කළා.
කෙළින්ම කතා කළොත් තවත් පැල්බැඳගෙන ‘සිඳූ’ ටෙලිනාට්‍ය ඉදිරියට ඇදගෙන යාවිද?
තවදුරටත් සිඳූ ටෙලිනාට්‍ය පැල්බැඳගෙන යන්න අපි අදහස් කරගෙන නැහැ. මේ වසර අවසානය වෙන විට සිඳූ අවසානයක් දකීවි.
මුදල් පරමාර්ථයෙන් තවදුරටත් ‘සිඳූ’ ටෙලිනාට්‍යය රූපවාහිනී නාලිකාවෙන් විකාශය කිරීමට යෝජනා කළොත් ඔබ ගන්නා පියවර?
එහෙම යෝජනාවක් කළොත් ඉතින් මට කරන්න සිදුවෙනවා. මොකද මේ මගේ වෘත්තිය. මගේ පවුලේ අයව ජීවත් කරවන්නේ මේ වෘත්තියෙන්. එහෙම ප්‍රතික්‍ෂේප කිරීමට අදහසක් නැහැ මගේ. නමුත් එහෙම වෙන්නේ නැති වෙයි. එහෙම වුණොත් මගේ වාසනාව.
ළමා ටෙලිනාට්‍යයක් ලෙසට ‘සිඳූ’ ටෙලිනාට්‍ය සමාජගත කළේ?
කවදාවත් අපි ළමා ටෙලිනාට්‍යයක් ලෙසට ‘සිඳූ’ ටෙලිනාට්‍ය සඳහන් කරලා නැහැ. එලෙසට වැලඳ ගත්තේ ප්‍රේක්‍ෂකයාම තමයි. ඔවුන්ට දැනෙන්නට ඇති ළමා ටෙලිනාට්‍යයක් ලෙසට.

මට ලැබුණෙ පෙර පිනක්
සිදු

‘සිඳූ’ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතයේ හැරවුමක්. මොකද මම එයට පෙර ටෙලිනාට්‍යවල රඟපාලා තිබුණත් මාව අද දක්වා ගොඩදෙනෙක් අඳුනන්නේ සිඳූ ලෙසට තමයි. එවැනි චරිතයක් නිරූපණය කිරීමට මට ලැබුණේ පෙර පිනකට කියලා තමයි මම හිතන්නේ. අවුරුදු හතරක් තිස්සේ ඉඳලා මම සිඳූ ලෙසට ජීවත් වුණා. සිඳූ හරහා මට වාසි වගේම අවාසිත් සිද්ධ වුණා. අවාසි විදියට කිව්වොත් මට නිදහසේ කාලය ගතකරන්න බැරි තරමට මාව දැක්ක හැම තැනම හැමෝම වටකරගන්නවා. කාලය ගෙවී යෑමත් එක්ක මගේ ප්‍රතිරූපය වෙනස් වෙලා තියෙනවා. හැබැයි ලොකු වෙනසක් වෙලා නැහැ. වෙනසකට තියෙන්නේ මගේ කොණ්ඩය කපපු එක තමයි. එහෙම වුණා කියලා මගේ චරිතයට බලපෑමක් වෙලා නැහැ.
සිඳූ ටෙලිනාට්‍ය කොයි කාලවකවානුවේ අවසන් වෙයිද කියලා මම දන්නේ නැහැ. හැබැයි අවසානය දක්වා මම සිඳූ එක්ක ඉන්න කටයුතු කරනවා.

සිඳූ එක්ක ගෙවපු හැම තත්පරයක්ම අමතක කරන්න බෑ
තෙරුනි

සිඳූ ටෙලිනාට්‍ය තමයි මගේ දෙවැනි ටෙලිනාට්‍යය. සිඳූ ආරම්භයේ සිට අද දක්වා සිඳූ එක්ක මම වැඩ කරනවා. මගේ දෙවැනි ගෙදර සිඳූ පවුල තමයි. වසර හතරක් විතර එකදිගට බැඳුණා. මගේ වාසනාවකට තෙරුණි චරිතය මට ලැබුණේ. ඒ ප්‍රදීප් මානවඩුගේ අයියා හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මම කිසිම රංග පාසලකට ගිහින් නැහැ. මගේ තක්‍ෂලාව ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඒ විතරක් නෙවේ මම පෙම්වතියක් විදියට රඟපාපු පළමු අවස්ථාව ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා තමයි සිඳූ එක්ක ගෙවුණු හැම තත්පරයක්ම මට අමතක කරන්න බැහැ.

දැන් අවුරුදු 4ක් එක දිගට සිඳූ නාට්‍යයේ
රෙජී

සිඳූ ටෙලිනාට්‍යයේ පළමු කොටසේ සිට මම එකදිගට වසර හතරක පමණ කාලයක් තුළ රෙජී ලෙස කටයුතු කළා. රෙජී ගොඩාක් ජනප්‍රිය වුණේ හොඳ කියන වචනයත් එක්ක තමයි. හාද කියන වචනය සමාජජාල තුළින් සමාජගත වුණා.
ටෙලිනාට්‍ය ගණනාවක මම චරිත නිරූපණය කළා වගේම ටෙලිනාට්‍ය රචනා කළා. ඒ සියල්ලටම වඩා සිඳූ හරහා ජනප්‍රවාදයක් මට හම්බවුණා. අදටත් ගමකට ගියත් අන්න රෙජී කියලා තමයි කතා කරන්නේ. ඒ ගෞරවය ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂට හිමිවිය යුතුයි.
නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැ කියනවානේ. ඉතින් සියලුම දෙනා සමඟ සුහදව කතාබහ කරලා මම තීරණයක් ගත්තා. රෙජී චරිතයෙන් ඉවත් වෙන්න. අවසානයේ රෙජීට නයෙක් දෂ්ට කරලා ඔහු මරණයට පත්වුණා. එක්තරා දවසක පාදුක්ක පොළේ මම බඩුගන්න ගියා ගෙදර අයත් සමඟ. එහිදී වෙළෙන්දෙක් මාව අඳුනගෙන දෙනෝදහක් ඉදිරියේ මට බැන්නා තෝ තමයි මේ සේරටම වගකියන්න ඕනෑ කියලා. ඉතින් ඒ අවස්ථාවේ මට දැනුණා මගේ ප්‍රේක්‍ෂකයන්ට මාව දැන් එපා වීමක් වෙලා කියලා. ඉතින් වසර ගණනාවක් එක දිගට කිසිම ප්‍රශ්නයක් නැතුව කටයුතු කරන්න ලැබීම සතුටක්.

දරපාන් වෙලා දැන් සහය අධ්‍යක්ෂණය කරනවා
දරපාන්

‘සිඳූ’ ටෙලිනාට්‍යයේ දරපාන් මාමා චරිතයට මාව තෝරා ගත්තේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්ස. ඔහුගේ තෝරා ගැනීමත් එක්ක දරපාන් මාමා ලෙසට කටයුතු කළ මට ගොඩදෙනෙක් ආදරය කරනවා. සිඳූ ටෙලිනාට්‍යයේ රඟපානවා වගේම මම ඒ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂ ලෙසටත් කටයුතු කරනවා. ඉතින් එකම ටෙලිනාට්‍යයක වැඩ දෙකක් කිරීම පහසු කටයුත්තක් නෙවේ. හැබැයි මම කිසිම ප්‍රශ්නයක් නොවන විදියට අද දක්වා සියලුම දෙනාගේ සහාය ඇතිව කටයුතු කරනවා කියලා කියන්න කැමැතියි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සඳු කියන ඇගේ රහස්

Next Post

හදපු ගෙයක් ගන්නවා නම් දෙපාරක් හිතන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.