• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සුරගුරු මාරුව ඔබේ ලග්නයට

June 27, 2020
in Astrology
Reading Time: 7 mins read
A A
සුරගුරු මාරුව ඔබේ ලග්නයට
Share on WhatsAppShare on Facebook

බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම සුබ ග්‍රහ ලොවයි- ජන්මියාට බෙහෙවින්ම සුබඵල උදාකරන්නේද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්න ගතව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය- කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන අකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනෙකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථානවල ගමන් කිරීම සුබදායක වන අතර 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය.

එවන් වූ ගුරු දැනට 3න් මසකට ආසන්න කාලයක් මකර රාශියේ නීචව දුර්වල ගෝචරයෙන් ගමන් කළ අතර එම ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එළඹෙන 2020 ජුනි මස 30 වන කුජ දින පාන්දර 5.22 ට තමාගේම ස්වක්ෂේත්‍ර රාශියක් වන ගුරුටම අයත් ධනු රාශියට නැවත පිවිසෙයි.
එම ගුරු එතැන් සිට 2020 නොවැම්බර් මස 20 වන දින යළි මකර රාශි ගත වන තුරු මාස 5කට ආසන්න කාලයක් ධනුවේ රැඳී සිටිනු ඇත- මෙම ගුරු ග්‍රහ මාරුව අප රටට ලෝකයට මෙන්ම ලග්න 12කින් උපන් ඔබට කෙසේ බලපායිද?

පසුගිය 2020 මාර්තු 30 වන දින සිට ශ්‍රී ලංකා නිදහස් කුම්භ ලග්න ජන්ම පත්‍රයේ ලග්න භාවයෙන් 12 වැන්නේ වූ මකර රාශියේ නීචව ගමන් ගත් ගුරු නැවත 11 වැන්නට හෙවත් අයස්ථානයට බලවත්ව පිවිසීම අප රටට පසුගිය තුන් මාසයේ පැවති අපල හා කරදරවලට යම් පමණකට සහනයක් උදාරමින් නැවත යහපත හා සුබදායක තත්ත්ව උදා වනු ඇත. එසේම සියලු ලග්නවලට ගුරුගේ මේ ගමනින් හැකි පමණ සුබඵල උදා කරනු ඇත. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම ලංකාවේත් විවිධ වෙනස්කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. පසුගිය කාලයේ නැවතී තිබූ ආගමික කටයුතු නැවත ආරම්භ වී ආගමික ප්‍රබෝධයක් ඇති වේවි. නැවත ජ්‍යොතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳේවි. නව ප්‍රබෝධයක් රට තුළ ඇති වේවි. දේශපාලනය තවතවත් උණුසුම් වේවි. නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. ප්‍රමුඛ පෙළේ දේශපාලන හා පරිපාලන නායකයෙකුට හා ප්‍රධාන ආගමික නායකයෙකුට අපල තත්ත්ව ඇතිකරයි. එසේම මෙම කාලය තුළ මැතිවරණයක් පැවැත් වේවි. නව දේශපාලන පක්ෂ බිහි වේවි.
මේෂ
උසස් අධ්‍යාපනයෙන් ජය

ඔබගේ ජන්ම පතේ පසුගිය 3න් මසක් පුරාවට ලග්නයෙන් 10 වැන්නේ අසුබ රාශි ගතව ගමන් කළ බ්‍රහස්පති නැවත ලග්නභාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 9 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ.

ඔබ විවාහක නම් ගේ දොර කටයුතුවලටද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත- උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි- උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා ඉතාමත් යහපත් කාලයක් වනු ඇත- උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත්වීම වැදගත්, සුළු අනතුරුවලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතුවලට සිත යොමුවනු ඇත.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා ඇත. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන්ද සාර්ථකවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබේ. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමටද හේතු ඇති වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි- දරුවන් බලාපොරොත්තු වූ ඔබගේ එම කාරනා මෙම වසරේ ඉටු වනු ඇත.

ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-
පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09 ක් උදේ 6 -7 අතර බෝධිපූජා පවත්වා බෝධිය පැන් කළ 3කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

වෘෂභ
සුබදායක නොවනු ඇත

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 08 වැන්න හෙවත් ආයු ස්ථානයට පිවිසීම ඔබට එතරම් සුබදායක නොවනු ඇත. ඔබ විවාහක නම් ඔබගේ ගේදොර කටයුතුවලටද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතුද යම් පමණකට බාධාකාරී තත්ත්වයන් මත ඉටුකිරීමට සිදුවන්නේය- එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු පමාවනු ඇත- කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි- උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක් වනු ඇත- උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත්වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි-
මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත- පැවති රෝගාබාධ යම් පමණකට වැඩිවීමේ අවස්ථාද උදාවනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇතිවිය හැකි කාලයකි- මිතුරන් අමනාප වන කාලයක් වුවත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත.
එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක නොවනු ඇත- තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි- නීතිමය ප්‍රශ්න ඇතිවනු ඇත.
පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09ක් උදේ 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න-


මිථුන
රැකියා මාරු

බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 07 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 07 වැන්න ගුරුට ගෝචර ගමනේ යම් පමණක යහපත් ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන අවස්ථාද උදාවේ.
ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත- එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත්විය හැකිය- තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත- කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලටද මුහුණදීමේ අවස්ථාද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත-
එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත- තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත- පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි- නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි- එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
තමාගේ නොවන නිවාසවල රැඳී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත- මෙම ග්‍රහ මාරුව ඔබගේ හිත මිතුරන්ට අසුබදායකය. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන්වලටද එවැනිම බාධා එල්ල විය හැකිය. රෙදිපළි හා ස්වයං රැකියා ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම යකඩ ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව යම් පමණකට සුබ දායක ග්‍රහ මාරුවකි-
එසේම ඔබට යටිබඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් රෝග ඇතිවිය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්යක් වනු ඇත- එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතුවලදී විමසිලිමත් වීම වැදගත්ය.

කටක
නීතිමය ගැටලු හා ශරීර සනීපය දුබල වීම

ඔබගේ ජන්ම පතේ ගුරු 6 වැන්නේ සිටී. ඒ රෝගස්ථානයයි. ඒ හේතුව නිසාවෙන් සතුරු කරදර නීතිමය ගැටලු, ශරීර සනීපය දුබල වීම වැනි ගැටලු පැන නගින්න පුඵවන්. ඒත් ඒවා ගුරුගේ ගුණය නිසා ප්‍රබල වෙන්නේ නෑ. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබටත් සුබ වගේම අසුබ ඵලත් ලැබෙනු ඇත. එසේම ඔබට මෙතෙක් පැවති පපුවේ සෙම් අමාරු වගේ දේවල් සුවවිය හැකිය. උෂ්ණාධික හෝ කොන්ද ආශ්‍රිත රෝග හේතුවෙන් රෝහල් ගතවීමේ අවදානමකුත් තිබෙනවා. සිතේ මානසික අසහානය ඇති වන කාලයකි. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත. එසේම විමසිලිමත් වීම වැදගත්ය. ඒ කොහොම උනත් ඔබට ගුරුගේ නිවාස මාරුව නම් යම් පමණකට සුබයි.
පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09ක් උදේ 6 -7 අතර බෝධිපූජා පවත්වා බෝධිය පැන් කළ 3කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට විෂ්ණු දෙවියන්ට පින් දෙන්න-

සිංහ
අලුතින් නිවාස ඉදිකිරීමට සුබයි

ලග්නයේ 5 වන්නට පැමිණෙන ගුරුගෙන් දරුවන් බලාපොරොත්තු වන ඔබට වාසනාවන්ත හා පුණ්‍යවන්ත පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. රෙදිපිළි හා ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව බෙහෙවින් සුබදායක ග්‍රහ මාරුවකි- ලාබ ලැබෙන කාලයකි- සිතා සිටි කටයුතු සාර්ථක වනු ඇත.
ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-

කන්‍යා
සමපල උදාකරනු ඇත

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු සිව් වැන්නේ කේන්ද්‍රස්ථාන ගත වෙනවා. 4 වැන්න ඔබගේ මෘතෘස්ථානය හෙවත් ගෘහස්ථානයයි- ඔබට මෙම ග්‍රහ මාරුව සමපල උදාකරනු ඇත- ඔබගේ ආදායම් තත්ත්වයට යම් පමණකට බාධා එල්ල විය හැකිය- කෙසේ වෙතත් ඔබගේ සිතේ පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත- මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට සුබදායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමුවෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන්ද ඉටුවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමටද හේතු ඇති වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි- ඔබගේ නිවාස සිහින ඉටු වනු ඇත.
ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-

තුලා
චෝදනා හා අපවාද එල්ල වන කාලයකි

ලග්නයෙන් තුන් වැන්නට බ්‍රහස්පති පිවිසීම ඔබට සුබ හා අසුබ ඵල දෙකම උදාවීමට නියමිතය. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට වැඩි වීමෙ අවස්ථා උදාවනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි- මිතුරන් අමනාප වන කාලයක් වුවත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත- අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වනු අවස්ථා උදාවේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක නොවනු ඇත- තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි- අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්, සුලු අනතුරුවලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ලවන කාලයකි- ආගමික කටයුතුවලට සිත යොමු වනු ඇත-
ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-

වෘශ්චික
තැන්පත් ධනය ඉහළට

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු දෙවැන්නේ ත්‍රිකෝණස්ථාන ගත වෙනවා. 2 වැන්න ඔබගේ කේන්ද්‍රයේ ධනස්ථානයයි. පසුගිය තුන් මසක් පුරාවට ඔබට අසුබඵල උදාකරමින් ගුරු හෙවත් බ්‍රහස්පති ඔබගේ ලග්න භාවයේ තුන් වැන්නේ ගමන් කළා. ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව සුබපල උදාකරනු ඇත- එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක සුළු බාධා එල්ල විය හැකිය- තැන්පත් ධනය නම් ඉහළ යනු ඇත- විටෙක අය පක්ෂය ඉහළ යන අවස්ථාද මෙම ඉදිරි කාලය පුරාවට උදාවනු ඇත- කුලි නිවාසවල සිටි ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත- මෙම ග්‍රහ මාරුව ඔබගේ මවට හා පියාට සුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. රෙදිපිළි හා ගොඩනැගිලි ආශ්‍රත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව බෙහෙවින් සුබ දායක ග්‍රහ මාරුවකි- ලාබ ලැබෙන කාලයකි-
ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන්ද ඉටුවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමටද හේතු ඇති වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහලළ යනු ඇත.
එසේම ඔබට උගුරේ අපහසුතා හා පපුවේ සෙම් අමාරු ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ වම් උරහිස ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර විදුලිය ආශ්‍රිත කටයුතුවලදී විමසිලිමත් වීම වැදගත්ය.

ධනු
කලක් පැවති අපල ඉවතට

ඔබගේ ජන්ම පතේ පසුගිය කාලය පුරාවට ලග්නයෙන් 12 වැන්නේ අසුබ ප්‍රතිඵල උදාකළ බ්‍රහස්පති මෙවර නැවත ලග්නභාවයට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදාවනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි- නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි- එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
ගේ දොර කටයුතු යහපත් වන අතර දරුවන්ගේ කටයුතුද වර්ධනය වන්නේය- එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත- උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි- අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ. එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත- තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-

මකර
නීතිමය ප්‍රශ්න

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 12 වැන්න හෙවත් වැයස්ථානයට පිවිසීම ඔබට නම් එතරම් සුබදායක නොවනු ඇත- ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව අසුබපල උදාකරනු ඇත- එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක බාධා එල්ල විය හැකිය- තැන්පත් ධනය කැපී පෙනෙන ලෙස පහළ යනු ඇත- විටෙක නීතිමය ප්‍රශ්නවලටද මුහුණදීමේ අවස්ථාද මෙම ඉදිරි කාලය පුරාවට උදාවනු ඇත.
ගේ දොර කටයුතුවලටද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය- එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත- උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි- අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. කුලී නිවාසවල රැඳී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත-
සෙම් ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත- එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතුවලදී විමසිලිමත් වීම වැදගත්ය.
පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09 ක් උදේ 6 -7 අතර බෝධිපූජා පවත්වා බෝධිය පැන් කළ 3කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න-

කුම්භ
අවිවාහක අයට මංගල යෝග

බලවත් බ්‍රහස්පති මෙවර ලග්නභාවයෙන් 11 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදාවේ.
එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත- තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත- පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇතිවිය හැකි කාලයකි- නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි- එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයං රැකියා කරන ඔබගේ එම කාර්යයන්ද ඉටුවනු ඇත- එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. නමුත් රාජකාරි නිසා නිවසින් ඈත් වීමටද හේතු ඇති වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නම් ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.
ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උච්චව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනම් හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය- ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්ත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත-

මීන
රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බලවත්ව ලග්නයෙන් 10 වැන්න හෙවත් රැකියාස්ථානයට පිවිසීම ඔබට සුබඵල උදා කරනු ඇත- රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත- එසේම ඔබගේ ආදායම් තත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත්විය හැකිය- තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත- කෙසේ වෙතත් විටෙක රැකියාව සම්බන්ධව නීතිමය ප්‍රශ්නවලට මුහුණදීමේ අවස්ථාද මෙම ඉදිරි කාලය පුරාවට උදාවනු ඇත-
එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබදායක වනු ඇත- තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි- මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත- පැවති රෝගාබාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත- එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත- සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇතිවිය හැකි කාලයකි- නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි- එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.
රෙදිපිළි හා ගොඩනැගිලි ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත ඔබට මෙන්ම වාහන ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව යම් පමණකට සුබදායක ග්‍රහ මාරුවකි-
එසේම ඔබට යටිබඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ්‍රත රෝග ඇති විය හැකි නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත- එසේම ඔබ ජලය ආශ්‍රිත කටයුතුවලදී විමසිලිමත් වීම වැදගත්ය.
පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09 ක් උදේ 6 -7 අතර බෝධිපූජා පවත්වා බෝධිය පැන් කළ 3කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න-
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

උපුල්දෙණිය හිරගෙවල් 19ම කණපිට පෙරළයි

Next Post

කරුණා ගැන ආණ්ඩුවෙන් එන පණිවුඩයක් ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.