බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ පරිපාලන අවශ්‍යතාව මත සියලූම බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලර්වරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ සේවා අවශ්‍යතාව මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර 19 හි ප‍්‍රධාන ජේලර්වරුන් 19 දෙනාගේ ම ස්ථාන මාරුවීම් සිදුකළ අතර ප්‍රධාන ජේලර් තනතුර සඳහා නව නිලධාරීන් 6 දෙනෙක් පත්කළ බවය.
මේ අතර පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා තනතුරින් ඉවත් කර දුම්බර බන්ධනාගාරයේ සේවය සඳහා මාරුකර යැවීමටද පියවර ගෙන ඇත.











