• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සුබ අසුබ දිවියට ළංකරන අන්තර් දශා

January 6, 2020
in Astrology
Reading Time: 1 min read
A A
සුබ අසුබ දිවියට ළංකරන අන්තර් දශා
Share on WhatsAppShare on Facebook

මිහිපිට වසන ඕනෑම මනුෂ්‍ය සත්වයකු තම මව්කුසින් පිටතට පැමිණ සූර්යයාලෝකයට පතිත වන නියම වෙලාව ජන්ම වේලාව යනුවෙන් නම් කරනු ලබනවා. සත්ව ලෝකයට මෙහි බලවත් වැදගත්කමක් නොවූවත්, මනසින් උසස්, දියුණු මානවයා මෙම වේලාව පාදක කර ගනිමින් දිවියට අනුගත බොහෝ ඉදිරි කාරණා කටයුතු සිදුකරගනු ලබනවා. එසේම මූලික වශයෙන්ම ජ්‍යොතිෂයට අනුව උපන් දිනය, උපන් ස්ථානය. උපන් වේලාව පාදක කරගනිමින් කේන්ද්‍ර පත්‍රයක්ද සකස් කරගනු ලබන්නේ එලෙසිනි. මෙසේ උපත ලබන්නාවූ ජන්මියා උපතේදීම නියමිත වන්නාවූ මහා දශාවකටත්, දශා ශේෂයකටත් යටත් වනු ඇත. එතැන් සිට ඉදිරියට නියමිත රවි, චන්ද්‍ර, කුජ, රාහු, ගුරු ආදී වශයෙන් නිර්දේශිත මහ දශාවන් වැලඳ ගනිමින් ඉදිරියට ගමන් කරනු ලබන්නේය.

කේන්ද්‍ර පත්‍රයක් පරීක්ෂා කරනු ලබන ඕනෑම ජ්‍යොතිෂවේදියකු මෙම ගෝචරයන් ජන්මියාට පවත්නා මහ දශාවත්, අන්තර් දශාව පිළිබඳවත් ප්‍රථමයෙන් අවබෝධයක් ගනු ලබන්නේය. ප්‍රතිඵල කථනයට මෙම තත්ත්වය බොහෝ වැදගත් භාවයක් එකතු කරනු ඇත. අද දින ප්‍රථමයෙන්ම ‘මව්රට’ පුවත්පතේ කේන්දරය අතිරේකය තුළින් ඔබ වෙත පැමිණෙන මා ඔබට අප කාටත් ගෝචරයෙන් පවතිනු ලබන මහ දශාවේ අන්තර් දශාවත් පිළිබඳව මුල සිට එකින් එකට අවබෝධයක් ලබාදීමට කැමැත්තෙමි. සුබ, අසුබ මහ දශාව පාදක කර ගනිමින් ගෝචර අන්තරයේ උදාවන ප්‍රතිඵලද අනේකවිධ බව සිහියේ තබාගත යුතුය. එසේ නම් පළමුවෙන්ම අද දින අප රවි මහ දශාවට ගමන් කරමින් එහි පළමුවැන්න රවි අන්තරය පිළිබඳව මනා අවබෝධයක් ලබාගනිමු.

රවි පාපයකු වශයෙන් වෙන් කළ නොහැක. ඔහු නියත වශයෙන්ම අපක්ෂපාතී, තේජවන්ත, රජකු මෙනි. කෙනකුට ධන ධාන්‍ය, ඉඩකඩම්, තාන්න මාන්න දී උසස් කරන්නේද, දේපොළ රාජසන්තක කර නිලතලවලින් පහ කරන්නේද රජු විසිනි. රවිද එසේම වෙයි. රවිගේම මුල්ම රවි අන්තරය මාස 03 දන 18කට හිමිකම් කියනු ඇත. රවි සම්බන්ධ මුල කී බොහෝ යහපත් දේ ජන්මියාට ඇති කරනු ලබයි. දිවියට යහපත පිණිස, උසස් බව පිණිසත්, දිවියේ ආලෝකය පිණිසත් ප්‍රබල කරුණු කාරණා බලවත්ව ඇති කරන්නට සමත්වනු ඇති කාල සීමාවකි. හොඳට සිටියොත් ප්‍රධානත්වය දරන බොහෝ තනතුරුවල වැජඹෙන්නටද යෙහෙකි. විශේෂයෙන්ම දේශපාලන කටයුතුවල නියැළී යම් තාන්න මාන්න නිලතල බලාපොරොත්තු වන අයකුට රවිගේ රවි අන්තරයට යොමුවනවා නම් ඔහුට හෝ ඇයට උසස් පල නෙළාගන්නට හැකියාව මේ කාල සීමාවේ පවතිනු ඇත.

එසේම අනෙකුත් ග්‍රහ බල අසුබව, රවි දුබලව මේ කාල සීමාවේ පවතින්නේ නම් ආණ්ඩුව සමඟ හෝ උසස් නිලයන් සමඟ ගැටුම්, කලබලකාරීත්වයන් මෙන්ම කරදරවලටද මුහුණපාන්නට සිදුවනු ඇත. විවේකයද ඉතා අඩු වනු ඇත. සමහරුන්ට ගම රට අතහැර යන්නටද සිදුවන අවස්ථා නැත්තා නොවන බව සිහි තබාගත යුතුය. මෙසේ දක්වන්නට යෙදුණේ යම් ජන්මියකුට රවිගේ මහ දශාව තුළ ගෝචරයෙන් රවිගේම අන්තරයට යටත්ව පවතින්නේ නම් කුමන ආකාරයේ තත්ත්වයන් දිවියට උද්ගත වනවාද කියන්නාවූ කාරණා සමුදායයි. ඔබත් ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව මේ වන විට පවතින්නේ රවිගේ රවි අන්තරය නම් මෙවන් ප්‍රතිඵලයන්ට උරුමකම් කියනු ඇත. ඉදිරියටත් නැවත තවත් ගෝචර දශාවකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට විරාමය තබමි.
ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

පින්නවල අමතකව ගිය කතාව

Next Post

තිලංග ‌නඩුවක් දාගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.