ජ්‍යොතිෂයේ සඳහන් සුබ ග්‍රහයන්ගෙන් යෙදෙන සුබ යෝග අතර ගජකේශරී යෝගයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම යෝගය යෙදෙනුයේ ගුරු හා සඳු යන ග්‍රහයන් ආධාරයෙනි. එහිදී ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වීම හෙවත් චන්ද්‍රයා වෙතින් 1, 4, 7, 10 යන ස්ථානයක වීම තුළ මෙම ප්‍රබල යෝගය උදා වෙයි. මෙම යෝගය ජන්ම පත්‍රයක සතර ආකාරයකට යෙදේ. එය මෙසේය.
- ගුරු හා චන්ද්‍ර යන ග්‍රහයන් යෝගව එකම රාශියක වීම.
- ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් සම සප්තම වීම.
- ගුරු ග්‍රහයා සඳු කෙරෙන් 4 වැන්නේ වීම.
- ගුරු ග්‍රහයා සඳු කෙරෙන් 10 වැන්නේ වීම.
ඉහත සඳහන් යෙදීම් සතර අතුරෙන් වඩාත්ම ප්‍රබල යෙදීම වනුයේ ගුරු හා සඳු සම සප්තම වීමය. මෙම යෝගයෙන් ලද හැකි උපරිම ඵල ලැබීමට නම් ඊට දායක වූ ගුරු හා සඳු භාව ආරෝහණ ග්‍රහයන් විය යුතුය. භාව සන්ධිගත වීම හෝ ග්‍රහ යුද්ධ ආදියෙන් පැරැදී හෝ නොතිබිය යුතුය. තවද ගුරු හෝ සඳුගේ වක්‍ර වී හෝ බාධක ග්‍රහයා වී හෝ 22 වැනි දෙර්කාණාධිපතියා මෙන්ම 64 වන නවාංශකාධිපතියා හෝ නොවී සිටිය යුතුය. එසේම ග්‍රහයකු අස්තද නොවිය යුතුය. එපමණක් නොව ගුරු ග්‍රහයා හෝ සඳු ග්‍රහයා දුෂ්ට ස්ථාන ගතද නොවිය යුතුය. සරලව කිවහොත් ග්‍රහයන් දෙදෙනාගෙන් එක් ග්‍රහයකුවත් පීඩාවට ලක් නොවිය යුතුය. ඉහත සඳහන් කළ ලෙසට ග්‍රහයකු පීඩා වන්නට, වන්නට යෝගයේ බලය හීන වේ. එනම් ලැබෙන සුබ ඵල අවම වේ. එහෙත් උච්ච, ස්වක්ෂේත්‍ර ආදී ස්ථානීය බලයෙන්ද, භාව ආරෝහණ බලයෙන්ද, ගුරු සඳු යුක්ත වේ නම් යෝගයේ සුබ ඵල උපරිමයෙන් හිමිවේ. එලෙස යෙදෙන ගජකේශරී යෝගය රාජ යෝගයකටද වඩා බලවත් වෙයි.
මෙම යෝගය නිර්මලව පිහිටි කල දීර්ඝායුෂ ලබන ඉතාම කාරුණික, ත්‍යාගශීලී, ගෞරවාන්විත, ඉගෙනීමෙහි අතිදක්ෂ, ධනවත්, බුද්ධිමත්, පරහිතකාමී, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බිහිවෙයි. උක්ත යෝගය පල දුන් බොහෝ දෙනා අදටත් අමරණීයය.
ජන්ම පත්‍රයක ගජකේශරී යෝගය යෙදිය හැකි ආකාර සතරක් ඉහත සඳහන් වේ. ඒ එක් එක් ආකාරය වෙන වෙනම නිදර්ශන කේන්ද්‍ර සටහන් අනුසාරයෙන් මෙසේ පැහැදිලි කළ හැකිය. - ගුරු හා චන්ද්‍ර යන ග්‍රහයන් යෝගව එකම රාශියේ තැන්පත්වීම.
මෙය ගජකේශරී යෝගය පිහිටන දුබලම ක්‍රමයයි. මෙහිදී ගුරු මෙන්ම සඳු සිටින කටක රාශිය ගුරුට මෙන්ම සඳුට සුබ රාශියකි. එනම් කටකයට ගුරු උච්ච වන අතර චන්ද්‍රයා ස්වක්ෂේත්‍රය. මෙම පිහිටීම සාමාන්‍ය ලෙස පලදෙන මට්ටමේ ගජකේශරී යෝගයකි. - ගුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් සම සප්තම රාශියේ තැන්පත්වීම.
මෙම කේන්ද්‍ර සටහනේ ගුරු මීන රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටියි. එසේම චන්ද්‍රයා කන්‍යා රාශියේ මිත්‍ර බලයෙන් සිටියි. මෙම පිහිටීම ඉතා සුබ පිහිටීමකි. මෙලෙස යෙදෙන ගජකේශරී යෝගය ප්‍රබලව පල දෙයි. - ගුරු ග්‍රහයා සඳු කෙරෙන් 4 වැනි රාශියේ තැන්පත් වීම.
මෙහි සඳුගෙන් සතර වැනි රාශියේ ගුරු සිටියි. එනම් මෙම කේන්ද්‍රයේ කන්‍යා ලග්නයේ මිත්‍ර බලයෙන් චන්ද්‍රයා සිටින අතර 4 වැන්නේ ගුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් සිටියි. එනිසා මෙම ගජකේශරී යෝග පිහිටීම ප්‍රබලව සුබ පල ලබා දෙයි. - ගුරු ග්‍රහයා සඳු කෙරෙන් 10 වැනි රාශියේ තැන්පත්වීම.
මෙහි සඳු මිථුන රාශියේ මිත්‍ර බලයෙන් සිටින අතර ගුරු මීන ලග්න ගතව ස්වක්ෂේත්‍ර බලයෙන් සිටියි. මෙම ගජකේශරී යෝග පිහිටීමද ප්‍රබලව සුබපල ගෙන දෙයි.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











