• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංජීවනී හිටිහැටියෙම ඇමෙරිකාවෙන් ආවෙ ඇයි

December 9, 2019
in Heart
Reading Time: 1 min read
A A
සංජීවනී හිටිහැටියෙම ඇමෙරිකාවෙන් ආවෙ ඇයි
Share on WhatsAppShare on Facebook

ගායිකාවක් විදියට දෙස්-විදෙස් ප්‍රසංගවලට සුමිහිරි හඬක් මුසු කළ ඇය පසුකාලීනව පුංචි තිරයේ ඔබේ ආදරය දිනූ ජනප්‍රියම තාරකාවක් වුණා. ඒ තරමට ඔබ ඇයට ළෙන්ගතු වුණේ ඇයගේ සැඟවුණු දක්‍ෂතා ඔබ දුටු නිසා. ඉතින් කලක් විදේශගතව සිටි සංජීවනී වීරසිංහ පසුගියදා දියණිය සමඟ ලංකාවට පැමිණි බව අපට ආරංචි වුණා. ඒ අනුව අප ඇයව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තේ මේ විදියට.
පසුගියදා රටේ පැවැති ජනාධිපතිවරණය වෙනුවෙන්ද සංජීවනී පවුලේ අයත් එක්ක ලංකාවට ආවේ?
ඒකත් එක් කාරණාවක්. මොකද හඬ අවදි කළ යුතු තැන හඬ අවදි කළ යුතුයි. රටට අවශ්‍ය හොඳ නායකයෙක්. අපේ මිනිසුන්ට නිදහසේ හුස්ම පොදක් ගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ නිදහස රැකෙන්න ඕනෑ. ශ්‍රී ලංකාව තමයි කටට, රහට කෑම ටිකක් හදාගෙන රසවිඳින්න පුළුවන් එකම රට. අපේ රටේ අපි සියලුම දෙනාගේ යහපත වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් මම එතැන නිහඬව ඉන්න කෙනෙක් නොවේ. අවශ්‍ය තැනදී මගේ උපරිම දායකත්වය මම දුන්නා. මම නිහඬ වුණා. ඒ විතරක් නොවේ මගේ දුවගේ පාසල් නිවාඩුව නිසා දුවත් මේ පාර ලංකාවට ආවා. ඉතින් නැවැත අපි ඇමෙරිකාවට යනවා. මගේ දරුවෙක් එහේ ඉද්දී මම මෙහේ ඉන්න එක හරි නැහැනේ.
ඔබ රංගනය, නිවේදනය, ගායනය යන අංශ තුනෙන්ම යම් ස්ථාවරයකට පැමිණ හමාරයි. ඒත් ඔබ වඩාත්ම සුදුසු රංගනයට කියලා අපි තීරණය කළොත්?
මම මේ ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ ගායිකාවක් විදියට. අදටත් එහෙමයි. මගේ අම්මා කැමැති මම ගායිකාවක් විදියට මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යනවාට. එහෙත් මගේ ලොකු ආසාවක් තියෙන්නේ රඟපෑමට.
නිල් මානෙල් මගේ පළමු ටෙලිනාට්‍ය. ඉන්පසු ආදරය ගින්දරක්, සුජාතා, කාව්‍යා, ඡායා ටෙලිනාට්‍යවල විවිධ චරිත රඟපෑවා. මම ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ විවාහ වුණාට පස්සේ තමයි. මගේ සැමියාගෙන් ලැබුණු නිදහසෙන් මට මේ ක්‍ෂේත්‍රයේ හැම පැත්තකින්ම ඉදිරියට යන්න ලැබීම ගැන මට සතුටුයි.
සංජීවනී සැබෑ ජීවිතයේදී හිනාවුණාට රඟපෑමේදී නම් අඬන්න හරි දක්‍ෂ බවයි අපිට ආරංචි?
මම රඟපාපු කිසිම ටෙලිනාට්‍යයක අඬන චරිතවලදී මම ග්ලිසරින් පාවිච්චි කරලා නැහැ. රොෂාන් රණවන ඉස්සෙල්ලම රඟපෑවේ මාත් එක්ක. මගේ පුතාගේ චරිතයට. ඔහු රට ඉඳලා එනවා අම්මා ළඟට. ඒ අවස්ථාවේ මම දැක්කේ රොෂාන්ව නෙමේ. මගේ පුතා මම ළඟට එන විදිය තමයි.
ඉදිරියේදී ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට පැත්තෙන් ඔබේ දායකත්වය කොයි විදියටද ගලාගෙන යන්නේ?
නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. එහෙත් ඒ ලැබුණු චරිතවලට මම කැමැති නැහැ. මම ගොඩාක් කැමැති ගැමි චරිතයක් රඟපාන්න. මිනිසුන්ගේ හදවතට දැනෙන විදියේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. එහෙම සුවිශේෂී චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.
අම්මයි, දුවයි ප්‍රසංග වේදිකාවේ හඬ අවදි කරන්න නුදුරු දිනයකදී සැලසුම් කරගෙන යනවා නේද?
මගේ දුවට මටත් වඩා හොඳට සින්දු කියන්න පුළුවන්. අපි සින්දුවක් කළා. එය ඉදිරියේදී අහන්න පුළුවන් වෙයි. මමයි, පුතයි, දුවයි එකතුවෙලා මව් සෙනෙහස සහ දරු සෙනෙහස ගැන සින්දුවක් කළා. ඒකෙත් වැඩකටයුතු කරගෙන යනවා. මේ නිර්මාණ කිහිපයම මම ආදර රසික රසිකාවියන්ට රසවිඳින්නට ඉඩකඩ සලස්වන්න අවශ්‍ය කටයුතු තමයි මේ දවස්වල සිදුකෙරෙන්නේ.
සංජීවනී නරකද ඔබ කරපු මෙහෙවරත් එක්ක ඉදිරියේදී දේශපාලනයට පිවිසුණොත්?
මට දැනටමත් පාර්ලිමේන්තු මැතිවරණයට ආරාධනා කරනවා. දේශපාලනය පැත්තෙන් මට යන්න වුවමනාවක් තිබුණට මම ඉන්නේ මෙතැන නෙමේ යම්කිසි අමාත්‍යාංශයක. සමහර කලාකරුවන් දේශපාලනයට සුදුසු නැහැ කියනවා. කලාකරුවා කියන්නේ සංවේදී කෙනෙක්. ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න මට දේශපාලනයට එන්න අවශ්‍ය නැහැ. අද මම මේ තැන ඉන්නේ ඔවුන් මට දක්වපු ආදරය නිසා. ඒ දක්වපු ගෞරවය මමත් මගේ ආදර රසික රසිකාවියන්ට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒ ඔවුන්ගේ සතුට වෙනුවෙන්.

SendShareShare
Previous Post

මහනුවර යුගයේ ඇඳුම් ආයිත්තම්

Next Post

ශ්‍රේෂ්ඨයන් බිහිකරන ගජකේශරී යෝගය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.