• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විශ්ව ශක්තිය බොරුවක්ද?

February 6, 2021
in Astrology
Reading Time: 1 min read
A A
විශ්ව ශක්තිය බොරුවක්ද?
Share on WhatsAppShare on Facebook

විශ්ව ශක්තිය යන්න කාලයෙන් කාලයට විවිධ නම්වලින් විවිධ හැඳින්වීම් සහිතව භාවිතා වූ සහ භාවිතා කළ කාරණාවකි. මෙය මහා ශක්තිය, විශ්ව පාලන ශක්තිය ලෙසද ඇතැම් තැන්හි සඳහන්ව තිබේ. අතීතයේ ඒ ඒ යුගයන් ආශ්‍රිතව ජීවත් වූ විවිධ ජන කොටස් සිය අභිමතාර්ථ ඉටුකර ගැනීමේ අරමුණ පෙරදැරිව විශ්ව ශක්තිය නමින් නොපෙනෙන බලවේග ඇදහූ බවටද ජනප්‍රවාදයෙහි මනාවට සඳහන් වේ. එසේම එම ශිෂ්ටාචාරයන්හි ජීවත් වූ බොහෝමයක් ජනයා සිය මනසින් නිර්මාණය කරගත් විවිධ රූපකායන් විශ්ව ශක්තිය හා සම්බන්ධ කරමින් පුද පූජා පැවැත්වූ බවටද තොරතුරු අනාවරණය වී ඇත.

බෞද්ධ, හින්දු දර්ශනයට අනුවත් වේදය, යෝගය, ආයුර්වේදය, ගුප්ත විද්‍යාව හා ශාන්තිවේදය වැනි පෙරදිග විiාවන්ට අනුවත් විශ්වය නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූත කොටස් එකතු වීමෙනි. එසේම විශ්වය නිර්මාණය වීමේදී ගති, තාප සහ අප්‍යායන යන ශක්ති ත්‍රිත්වයද ඊට දායකත්වය ලබාදෙයි. මේ අනුව විශ්වයේ නිර්මාණය හා විකාශනය සිදුවන්නේ පංච මහා භූත කොටස් සහ ත්‍රී ශක්ති එකතුවකිනි.

මෙහිදී ශනි, තාප, අප්‍යායන යනු විශ්වයේ ඇති උණුසුම, තෙත් බව සහ චලනය වීමේ හැකියාව හෙවත් මිනිස් සිරුර තුළ ඇති වාතය, පිත හා සෙම යන ත්‍රිත්වයයි. එහෙයින් විශ්වයේ ඇති භූත කොටස් හා ත්‍රී ශක්තියෙන් නිර්මාණය වී ඇති මිනිසාට විශ්වයේ ශක්තිය බලපෑම් කරන බව අමුතුවෙන් කිවයුතු නැත. ආයුර්වේද මතය අනුව මිනිසාගේ සියලු රෝග සඳහා හේතු වනුයේ ශරීරයේ ඇති මෙම වාතය, පිත සහ සෙම යන කොටස් තුනයි. වාතය යන්න මෙහිදී අදහස් කරනුයේ මිනිසාට ඇති චලනය වීමේ හැකියාවයි. ශරීරයේ ඇති වාතය, පිත හා සෙම තත්ත්වයන්ගේ අඩු වැඩි වීම තුළ මිනිසා රෝගී වන අතර, එම ශක්ති ත්‍රිත්වය පාලනය කරනුයේ විශ්වයේ ඇති ගති, තාප, අප්‍යායන නම් ශක්ති තුනයි. එහෙයින් පැහැදිලි වනුයේ මිනිසාගේ සියලු ලෙඩ රෝග පාලනය කෙරෙනුයේ විශ්ව ශක්තිය මගිනි.

මෙම ගති, තාප සහ අප්‍යායන ශක්ති ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වයට මූලිකව බලපානුයේ සූර්යයා සහ චන්ද්‍රයාය. එය අපට පරිසරය තුළින් හොඳින් අධ්‍යයනය කළ හැකිය.

අප රටට ආසන්නයෙන් සූර්යා ගමන් කරන කාලවලදී අපගේ සිරුරේ උෂ්ණතවය ඉහළ යයි. ඒ තුළින් රෝග ඇති කරනුයේ මෙම තාප ශක්තිය වැඩි වීම හේතුවෙනි. එසේම චන්ද්‍රයාගේ පුර පක්ෂයේදී සෙම රෝග වැඩිවේ. ඒ අනුව විශ්වයේ ඇති ශක්තිය මිනිස් සිරුරට බලපෑම් කිරීම මනාව පැහැදිලිවේ. ඒ අනුව බලන විට අතීතයේ විසූ බොහෝමයක් ශක්ති විද්‍යාවන් ප්‍රගුණ කළවුන් මේ රහස් දැන සිටි බවත් එමගින් පල ලබාගත් බවත් පිළිගත යුතුය. කෙසේ නමුත් විශ්ව ශක්තිය පාලනයෙන් සහ භාවිතයෙන් මිනිස් සිරුරේ විවිධ ලෙඩ රෝග පාලනය කළ හැකි බව එදත්, අදත් පිළිගැනෙන කරුණකි. එහෙත් වර්තමානයේ මෙය ජාවාරමක් බවට පත්වීම හේතුවෙන් විශ්ව ශක්තියේ සත්‍යතාවය පවා අභියෝගයට ලක්වෙමින් තිබේ.

වර්තමානයේ විශ්ව ශක්තිය කියූ පමණින් බහුතරයකට මතකයට නැඟෙන්නේ ලෙඩ රෝග සුව කිරීමේ ක්‍රමවේදයක්ය යන මතය වුවද එය විශ්ව ශක්තියේ එක් පැතිකඩක් පමණක් බව පිළිගත යුතුය. මෙය අතිශය පුළුල් පරාසයක් පුරා විසිරී ගිය කාරණාවක් බව අවබෝධයෙන් වටහාගත යුතුය.

විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමයකදී සිදුකරනුයේ විශ්වශක්තිය මනසින් පාලනය කිරීමේ හැකියාව සහ පළපුරුද්ද ලබාගත් පුද්ගලයකු රෝගී පුද්ගලයකුගේ දුර්වල වූ ත්‍රිදෝෂ කොටස් තමා හරහා එම පුද්ගලයාට ඇතුළු කිරීමයි. ආයුර්වේදයේදී වෛiවරයා කරනුයේද ඊටම සමානම කාර්යයකි. ඒ එලෙස දුර්වල වූ ත්‍රිදෝෂ කොටස් ඖෂධ මගින් යථා තත්ත්වයට පත්කිරීමයි. එසේම මන්ත්‍ර සහ ස්තෝත්‍ර මගිනුත් පිඹීම වැනි ක්‍රියාකාරකම් තුළිනුත් ශනි හෙවත් වාත ශක්තිය හසුරවයි. ඒත් සමඟම ශක්ති කිරණ එක්කළ ජලය පානයෙන්, අප්‍යායන හෙවත් සෙම ධාතුව වෙනස් කරයි. ශක්ති කිරණ හා ස්පර්ශය මගින් ශරීරයේ පිත හෙවත් තාප ශක්තිය වෙනස් කරයි.

නමුත් වර්තමානයේ බොහෝ තැන්වලදී බහුතරයක් දෙනා විශ්ව ශක්තිය මඟහැරගෙන ඇති බව තේරුම්ගත යුතුව ඇත. මන්ද නිසි තැන නිසි ලෙස විශ්ව ශක්තිය හඳුනා නොගත්තොත් නොදැනුවත්වම රෝගී වන හැටිත් අපහසුතා විඳින හැටිත් අද බහුලව දක්නට ලැබෙන බැවිනි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

කෙහෙල් කැන්වලින් ගුටිකාලා ඉස්සෝ වඩයකින් ගොඩගිය කෝකිලයා

Next Post

ආණ්ඩුවේ කල්ලි හැදීම නවත්වන්න: ඉහළ තැනකින් නියෝගයක්

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.