ආණ්ඩුව ඇතුළේ වෙනත් කල්ලි කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකින් දැනුම්දීමක් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම මේ සඳහා හේතුවී ඇති බව වාර්තා වේ.










