• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙහෙල් කැන්වලින් ගුටිකාලා ඉස්සෝ වඩයකින් ගොඩගිය කෝකිලයා

February 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කෙහෙල් කැන්වලින් ගුටිකාලා ඉස්සෝ වඩයකින් ගොඩගිය කෝකිලයා
Share on WhatsAppShare on Facebook

⬤ තමුසෙ දැනගන්නවා තමුසෙ හැප්පුනේ ස්නේක් කෙනෙක් එක්ක…

⬤ නාඩගම්කාරයෝ එකේ ස්නේක් හොරෙන්ම කසාද බඳී…

කුඩා අවධියෙන්ම වේදිකාවෙන් රාජ්‍ය සම්මාන හිමිකර ගත් ඔහු පසුකාලීනව ජයලත් මනෝරත්නගේ ‘තලමල පිපිලා’ වේදිකා නාට්‍යයේ ‘හේතු’ ලෙසට පත්විය. එතැනින් නතර නොවී පසුකාලීනව සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කිරීමට මේ කොළුගැටයාට වාසනාව හිමිවිය. ඒ චරිතය තුළින් ඔහු චීන අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම ළමා නළුවා ලෙසට තේරී පත්වුණේ ශ්‍රී ලංකාවට ගෞරවයක්ද එකතු කරමින්.
විවිධ පැතිකඩ හරහා තම හැකියාවන් මුළු ලෝකයටම දායාද කළ ඔහු කෝකිල පවන් ජයසූරියයි. ඔහු මේ දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. ඉතින් ඒ කරුණු කාරණා කතා කරන අතරතුර ඔහුගේ යුගදිවියේද රසබර කතා ගැන අපට පැවැසීමට ඔහු අමතක කළේ නැහැ.

🔴 කෝකිල සද්ද බද්ධ නැතිව විවාහ වුණා නේද?
එහෙම ලොකු පිරිසකට කිව්වේ නැහැ. කියන්නත් බැහැනේ. ඒ නිසා පවුලේ අය විතරක් සම්බන්ධ කරගෙන විවාහ මංගල්‍යයේ කටයුතු චාමෙට කළා.
🔴 ඉස්සෝ වඩයක් කළ ආදරයක් ගිය දුර?
ඇයව මට මුලින්ම හමුවන්නේ දමයන්ති ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ ‘ඉරගල නැකැත’ ටෙලිනාට්‍ය තුළින්. ඇයත් මම සමඟ මෙහි රඟපෑවා. එතැනින් ගොඩනැඟුණු මිතුදම අවසානයේ ඉස්සෝ වඩේ කාලා අපි ආදරය කරන්න පටන් ගත්තා.
🔴 ඔබව ඉතින් මේ දවස්වල ජනප්‍රියතම ටෙලිනාට්‍ය දෙකක දකිනවා. එය ගැන කිව්වොත්?
දනුෂ්ක රත්නායක අධ්‍යක්‍ෂණය කරන ‘දාම්’ ටෙලිනාට්‍යයේ ‘බක්ති’ගේ චරිතය නිරූපණය කරනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘මාලන්’ චරිතය නිරූපණය කරනවා.
🔴 ‘දාම්’ ටෙලිනාට්‍යයේ ‘බක්ති’ ගැන පැවැසුවොත්?
‘බක්ති’ කියන්නේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක්. බක්තිගේ මිතුරා කෙවින්. ඔහු මුහුණ දීලා සිටින අරගල, බාධක ප්‍රශ්නවලට හයියක් වෙන්නේ බක්ති. ‘බක්ති’ මිතුරා වෙනුවෙන් පන වුණත් දෙන චරිතයක්.
🔴 ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ මාලන් ඔබට දැනුණු විදිය?
මාලන් කියන්නේ නිරූපණ ශිල්පියෙක්. කොළඹින් ගමට ඇවිත් රඟන වෙනස්ම චරිතයක්. මේ ටෙලිනාට්‍යයේ තවත් විශේෂත්වයක් තමයි ගිරිරාජ් කෞශල්‍ය. ඒ වගේම ප්‍රසන්නජිත් අබේසූරිය සමඟ මම අවුරුදු 14කට පස්සේ තමයි රඟපාන්නේ. මේක ජනප්‍රිය වෙන්නවත්, ප්‍රසිද්ධ වෙන්නවත් කරපු චරිත නෙවේ.
🔴 කොළඹින් ගමට ඇවිල්ලා රඟන්න ගිහින් අපූරු සිද්ධීන්වලට මුහුණපාන්න සිද්ධ වුණා නේද?
ගමේ රඟපාන්න ගිහින් ගුටි කන්න සිද්ධ වුණේ කෙසෙල් කැන් තුනකින්. ඒ අත්දැකීම අමතක වෙන්නෙ නැහැ ඉතින්.
🔴 රංගනයේ මුල්ම අඩිතාලම වේදිකාව නේද?
මගේ පාසල පිළියන්දල මධ්‍ය මහා විiාලය. පාසලේ ඉඳලම මම වේදිකාවේ රඟපෑවා. පසුකාලීනව ‘හපන් පැදුරට’ සම්බන්ධ වුණා. ඒ කෝකිලා මිස් හරහා. ඉන්පසුව ජයලත් මනෝරත්නයන්ගේ ‘තලමල පිපිලා’ වේදිකා නාට්‍යයේ ‘හේතු’ගේ චරිතයත් එක්ක වසර කිහිපයක්ම එක දිගටම සම්බන්ධ වෙලා ගමින් ගමට ගිහින් වේදිකාවේ රඟපෑවා. එයින් මට විශාල අත්දැකීමක් ලබාගන්නට පුළුවන් වුණා.
🔴 ඔබ නළුවෙක් විදියට දැනහඳුන ගත්තේ?
මාව ගොඩදෙනෙක් හඳුන ගත්තේ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘සිරි රජ සිරි’ චිත්‍රපටය හරහා තමයි. මම ඒ චිත්‍රපටයට අයැදුම්පතක් දාලා තමයි සම්බන්ධ වුණේ. චීනයේ පවතින දහවැනි අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙලේ හොඳම ළමා නළුවාට සම්මාන පවා හිමිකර ගැනීමට මට වාසනාව උදාවුණේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටය නිසයි.
🔴 එයින් පසු සෝමරත්න දිසානායකගේ නිර්මාණ සඳහා ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?
මට හිතෙන්නේ ඉන්පසු එතුමා කරපු නිර්මාණවල මට ගැළපෙන චරිතයක් තියෙන්නට නැතුව ඇති. හැබැයි එහෙම තිබුණා නම් මාව නොගෙන ඉන්නෙත් නැහැ. මගේ හිතේ ලොකු ආශාවක් තියෙනවා එතුමාගේ චිත්‍රපටයකට නැවැත සම්බන්ධ වෙලා වැඩ කරන්නට.
🔴 මේ දවස්වල ඔබ රංගනයෙන් වගේම හඬකැවීම් ශිල්පියෙක් ලෙසටත් කටයුතු කරනවා?
‘මේ ආදරය’ ටෙලිනාට්‍යයේ ආදි චරිතයට මම හඬකවනවා. ඒ වගේම ‘චූටි දූ’ ටෙලිනාට්‍යයේ චෙමාල්ගේ චරිතයට හඬ දෙනවා. මම හඬ කැවීම් කරපු නිර්මාණ කිහිපයක්ම පසුගිය දවස්වල අවසන් වුණා.
🔴 සකුන්තලා තුළින් ඔබේ වේදිකා ගමනට අභියෝගයක් වන්නට ඇති?
එය ගැන කිය යුතුමයි. අකිල සපුමාල්ගේ ‘සකුන්තලා’ වේදිකා නාට්‍යයේ මම චරිත හයක් නිරූපණය කරනවා. මේ විදියට කවදාවත් රඟපාලා නැහැ. එය මට අභියෝගයක්. ඒ වගේම හඬවල් හයකින් මම මේ චරිත හයට ජීවය දෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහ බඹුගෙන් අපිට ලැබුණු විස්මිත ඔසුව

Next Post

විශ්ව ශක්තිය බොරුවක්ද?

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.