• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහය ඉක්මන් කරගන්න පහසුම ක්‍රමය

September 5, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විවාහය ඉක්මන් කරගන්න පහසුම ක්‍රමය
Share on WhatsAppShare on Facebook

විවාහය ප්‍රමාදවීම් අද වන විට අධික වෙමින් පවතී. මෙයට ප්‍රධානතම සමාජ විiාත්මක කරුණක් වනුයේ ශ්‍රී ලංකාවේ ජනගහන සංඛ්‍යාව අනුව නිරීක්‍ෂණය කිරීමේදී පිරිමි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීමත්, ගැහැනු සංඛ්‍යාව වැඩි වීමත් යැයි සමාජ විද්‍යාත්මකව සෙවීමේදී හෙළි වී ඇත්තේය. ලක්‍ෂ දහයකට අධික සංඛ්‍යාවක් අවිවාහක වයස 20ත්, 30ත් අතර කාන්තාවන් සිටී. මේ වන විටත් පවුලක ගැහැනු දරුවන් වැඩිය. උපදින්නේද ගැහැනු දරුවන්ය.

කරුණු මෙසේ වුවත් විවාහ කටයුතු සඳහා කොතරම් විiුත් හා මුද්‍රිත මාධ්‍ය හා මංගල සේවා ආයතන ඇතත්, තමාට ගැළපෙන විවාහයක් කරගැනීමේ අපහසුතාවය දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතී. උසස් අධ්‍යාපනයක් හොඳ රැකියාවක්, ගේ-දොර, ඉඩකඩම් දේපොළ, ධන සම්පත්, බැංකු ගිණුම්, වාහන, මහල් නිවාස පහසුකම් කොතෙකුත් ඇතත්, සියලු දේ සම්පූර්ණ වුවත් විවාහ වීමේදී සමහර විට පොරොන්දම් නොගැලපෙන තත්ත්වයක් උදාවෙයි. කුජ 7 සිටින දෙපක්‍ෂයම කුජ 7 සිටින අයකුම සොයයි. අපේ සාම්ප්‍රදායික පොරොන්දම් සීහූම්වලදී සෑහෙන ගැටලු මතුවෙයි.

විවාහ දෝෂ 20ක් ඇතත් මේ සියලුම දෝෂ භංග කර විවාහයක් වන්නේ කෙසේද?
අන් සියලුම කරුණුවලට වඩා විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීම ඉතාම දුෂ්කර කටයුත්තකි. පෙම්වතුන්, පෙම්වතියන් මෙන්ම මවුපියන්ද විශාල ප්‍රශ්නයකට අද මුහුණ පාසිටින බැව් අප අත්දැක ඇත්තෙමු.

මේ සියලුම දෑ ග්‍රහයන්ට බාරදී සිටීම හරිද යන්නත් ප්‍රශ්නයකි. දෙදෙනකු එකෙකු නොව දෙදෙනෙකි. මේ ගැන නොසිතා තමා සිතන පතන අයුරින්ම අනෙකා සිතිය යුතු යැයි සිතන නිසා සමහර අයට වරදින තැන් එමටයි. එක්තරා පවුලක සැමියෙක් ඉඳිආප්ප කෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා හටගත් මුල්ම අවුල කෙළවර වූයේ දික්කසාදයෙනි.

බිරිය බුද්ධිමත්ව උපක්‍රමශීලී වූවා නම් ඉඳිආප්පවලට පැණිපොල් තබා දෙකට නවා ලැවරියා සාදා සැමියාට කන්න දුන්නා නම් දික්කසාදයක් නොවනු ඇත. (ඇත්තටම) මෙය දික්කසාදයක් නොව කෙටි කසාදයකි. එකිනෙකාව තේරුම් ගැනීමට නොහැකිව සමහර විට සැකයට මුල්තැන දී වැඩ වරද්දා ගනී. අද සැකය කොරෝනාවක් වී ඇත.

කාන්තා සිරුරෙන් වයස 30දී එක් සරු බීජයක් නිකුත් වීම අරඹන අතර වසරින් වසර සරු බීජ ඉවත් වීම හරහා විවාහයේ දී වැඩි වයස දාරක සම්පත් දෙන ප්‍රතිශතය අවමව පවතී.
එබැවින් වැඩි වයස් පරාසයක් ඉක්මවීමට පෙර විවාහ වීම යහපත් ප්‍රවණතාවයකි. අද වන විට ආයුෂ ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩුවන තැනට පත්වෙමින් ඇති නිසා නිසි කාලය එළඹෙත්ම විවාහ වීම සෑම අතකින්ම යහපත් බැව් පෙනේ. අප සිතන පතන තරම් විවාහයක් වීම පහසු නැති වුවත්, සාර්ථකත්වයට විවාහය ගෙනයෑමටද යත්න දැරිය යුතුයි. සියල්ලම පෙර කරන ලද පව්වලටම බාරදී නිසොල්මන් වීම බුද්ධිමත් නොවේ.

විවාහක සාර්ථක විවාහයක් සඳහා කුඩා අවධියේ සිටම ජීවිතය ගැන ඉතාම යහපත් කළමනාකාරීත්වයක් තිබිය යුතුවෙයි.
පිරිමින්ට වඩා අවිවාහකව සිටින තරුණයන් පොදුවේ කිසියම් මානසික පීඩනවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.

එසේම සෑම පැත්තකින්ම ගැහැනියකට අවාසි සිදුවෙයි. රැකගත යුතු දේ අපමණය. නැතිවන දේවල් බොහෝ ඇත. ඒ අපේ සංස්කෘතිකමය ජීවන ගමනේ සෞන්දර්ය රටාවකි.
තරුණ දියණියක් සිටින මව්වරු හැඬූ කඳුළින් සිටින බැව් නොරහසකි. පියවරු ඊටත් වඩා නිහඬව මානසිකව දුක්විඳී. ඒ තම දියණියගේ කල් යන විවාහය ගැන සිතමින්ය. මව දෙඇසින් හඬයි. පියා හදවතින් හඬයි.

මේ පෙරළිය සිදුවූයේ 70 දශකයෙන් පසුවය. එදා සිටිය තරුණ පිරිමි කුරිරු යුද්ධවලින් මියගියහ අංගවිකල වී එක්තැන් වූ තරුණ පිරිසද මේ අතර විය. අද වන විට පැවිදි බිමට ඇතුළු වීමටද පිරිමි නැත. එතරම්ම පිරිමි සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇත.

කවුරු කෙසේ නොසිතුවත් මෙය ඉතාමත්ම සංකීර්ණය. මහා ගැටලුවකි. තව වසර දහයකින් දැන් හැදෙන, වැඩෙන ගැහැනු දරුවන්ට විවාහයක් සඳහා විශාල ප්‍රහේලිකාවක් විය හැකිය. මිනිපිරියන් අට දෙනකු සිටින බැවින් ඒ ගැන මා වඩාත් ගැඹුරින් සිතමි.
දෙකොන විලක්කු බැඳගත් දෙගොඩහරි වයසේ මවුපියන්ට අද සිදුවී ඇත්තේ දුම්මලවරම සිඳී ගියක් වැනි වැඩකි.

‘අනේ මහත්තයෝ පොරොන්දම් අවුරුදු 10ක ඉඳලා බලනවා. එකක්වත් හරිගියේ නැහැ. නොගිය දේවාලයක් නැහැ. යන්ත්‍ර – මන්ත්‍ර – ගුරුකම් කළා. සෙත්කවි කිව්වා. බෝධි පූජා තිබ්බා. අඳුන් බැලුවා. ශාස්ත්‍ර, පේන ඇහුවා, බැලුවා කරන්න තියෙන හැම දෙයක්ම කළා. දැන් දුවට වයස 39ක් වෙනවා. මගේ ඔළුව නරක් වෙලා. මෙහෙම යනකොට මට පිස්සු හැදේවි. මේ එක්තරා මවකගේ හදවතින් එන ආඳෝනාවකි.’
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

U (උන්ගේ) N (නිව්ස්පේපර්) P (පක්ෂය) -උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

Next Post

මට පිළිකාවක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.