• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

U (උන්ගේ) N (නිව්ස්පේපර්) P (පක්ෂය) -උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

September 5, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
U (උන්ගේ) N (නිව්ස්පේපර්) P (පක්ෂය) -උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
Share on WhatsAppShare on Facebook

1977 ජේ. ආර්. බලයට ආ විට ජේ. ආර්.ගේ සමීපතම මිතුරා සහ ඥාතියකු මෙන්ම ජේ. ආර්.ගේ දේශපාලන උපදේශකයකු වූ රනිල්ගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහ ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් විජයවර්ධන – වික්‍රමසිංහ පවුලට අයත් බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් රජයට පවරාගෙන තිබූ ලේක්හවුස් පුවත්පත් ආයතනය යළිත් විජයවර්ධන – වික්‍රමසිංහ පවුලට පවරා දෙන ලෙසටය.
‘ලේක්හවුස් එක ආපහු ඒ ගොල්ලන්ට දුන්නොත් මට ආණ්ඩුවයි යූ.ඇන්.පී.යයි දෙකම නැතිකර ගන්න වෙන්නේ…’
මේ ජේ. ආර්. එස්මන්ඞ්ට දුන්න උත්තරයය. ලේක්හවුස් පුවත්පත් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන, ජේ. ආර්.ගේ මාමා වුණත් ජේ. ආර්. ලේක්හවුස් පුවත්පත් ආයතනය දුටුවේ යූ.ඇන්.පී.ය හසුරුවන්න එන යූ.ඇන්.පී.ය ඇතුළේ ප්‍රශ්න ඇති කරන පුවත්පත් ආයතනයක් ලෙසය. 1965 – 70 ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩු කාලයේ ජේ. ආර්. සහ ඩඞ්ලි අතර ප්‍රශ්න ඇති කළේත්, ජේ. ආර්. සහ ඩඞ්ලිව කෙටෙව්වේත් ලේක්හවුස් පුවත්පත් ආයතනය සහ විජයවර්ධන පවුල බව ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වේ. එසේම ජේ. ආර්. යූ.ඇන්.පී. නායකත්වයට පත්වූ පසු ජේ. ආර්. සහ රුක්මන් සේනානායක අතර ප්‍රශ්න හැදුවේත් මේ පත්තර ආයතනය සහ පවුල බව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම ගැන ජේ. ආර්. කම්පා නොවීමෙන් පැහැදිලි වේ.
මාධ්‍ය දේශපාලන පක්‍ෂ පාලනය කිරීම, ජේ. ආර්.ට රිස්සුවේ නැත. විජයවර්ධන – වික්‍රමසිංහ පවුලට ලේක්හවුස් පුවත්පත් ආයතනය යළි පවරා නොදුන්නත් එස්මන්ඞ් වික්‍රමසිංහගේ මිත්‍රකම නිසා ලේක්හවුස් පවරා ගැනීම වෙනුවෙන් විජයවර්ධන පවුලට විශාල වන්දියක් ගෙවීමට ජේ. ආර්. එකඟ විය. විජයවර්ධන පවුල ලංකාදීප පත්තර කොම්පැනිය මිලදී ගත්තේ ඒ වන්දි මුදලෙනි. එකල රජයේ පාලනය යටතේ වසා දමා තිබූ ලංකාදීප සහ ටයිම්ස් පුවත්පත් විජයවර්ධන පවුලට ලබා ගැනීමේ විශාලතම කාර්යභාරය කළේ ලේක්හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා ගන්නා විට රස්සාව බිල්ලට දමා ලේක්හවුස් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධනගේ පිටුපසින් ආ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්නය. ජේ. ආර්. ද ලංකාදීප පත්තර කොම්පැනිය ඔවුන් අතට පත්වීමට එරෙහි වූයේ නැත. ඒත් ජේ. ආර්. ලේක්හවුස් පුවත්පත් ආයතනය ගැන මෙන්ම විජයවර්ධන පවුල පාලනය කළ ලංකාදීප පත්තර කොම්පැනිය ගැනද හිටියේ තරහින්ය. වරක් ජයවර්ධන කේන්ද්‍රයේ පැවැති සම්මන්ත්‍රණයකදී ජේ. ආර්. ලංකාදීප ටයිම්ස් පත්තර කොම්පැනිය දැඩිව විවේචනය කළේය.
විජයවර්ධනලා ජේ. ආර්. ලබාදුන් වන්දි මුදලෙන් සහ ජේ. ආර්.ගේ සහායෙන් ලබාගත් ලංකාදීප ටයිම්ස් පත්තර කොම්පැනිය පාවිච්චි කොට ජේ. ආර්.ගේ ආණ්ඩුවේ අන්තිම කාලයේ ජේ. ආර්.ටම ගැහුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ විජේවීරව ඔසවා තබමින්ය.
මේ ගැන හොඳම කතාව කිව්වේ රනිල් වික්‍රමසිංහය. ලංකාදීප පත්තර කොම්පැනිය කරන්නේ රනිල්ගේ මාමාය.
‘ලංකාදීප පත්තරය යූ.ඇන්.පී.ය විනාශ කරන්න වැඩ කරන පත්තරයක්, 1987 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට පහර ගැහුවා. 1992 යූ.ඇන්.පී.ය දෙකඩ කරන්න ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර ගැහුවා. 1994 යූ.ඇන්.පී.යට පහර ගහලා චන්ද්‍රිකාව බලයට ගේන්න වැඩ කළා.’
රනිල් මේ කතාව කිව්වේ 1996දීය. ඔහු කීවේ ලංකාදීප පත්තර කොම්පැනියට යූ.ඇන්.පී.යත් එක්ක ලොකු වෛරයක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියාය. මෙයින් පැහැදිලි වන්නේ ජේ. ආර්. කී කතාව රනිල්ද අනුමත කළ බවය.
ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ ප්‍රේමදාස ජනාධිපති පුටුවේ ඉන්න යාග-හෝම කරන්න කන්‍යාවන් අතුරුදන් කරනවා යැයි ලංකාදීප පුවත් මැව්වේය. ඉවසල ඉවසල බැරි තැන ප්‍රේමදාස ලංකාදීපයේ හිමිකරුට කීවේ ‘උඹ දැනගනින් උඹට බැහැ මාව නටවන්න’ කියාය.
‘ඉතින් එහෙව් ලංකාදීප පත්තර කොම්පැනියේ අයිතිකාරයාගේ පුතා රුවන් යූ.ඇන්.පී.යේ නායකයා කරන්න ඒ පත්තර කොම්පැනිය දතකන්නේ මේ වෛරය පිරිමහන්නද..?’
විජයවර්ධනලා රනිල් යූ.ඇන්.පී. නායකයා වූ පසු රනිල්ට රුවන්ව බාර දෙන්නේ රුවන්ව යූ.ඇන්.පී.යේ උඩට ගෙන එනවා නම් ලංකාදීප පත්තර කොම්පැනිය රනිල්ට උදව් කරනවා කියන්නා වගේ ඩීල් එකකින්ය. රුවන් සිරිකොතට එන විට යූ.ඇන්.පී.කාරයෝ හිතුවේත් එහෙමය.
මේ ගැන පරණ ලස්සන කතාවක් තිබේ. රනිල් වික්‍රමසිංහගේ පරම්පරාව උපතින් යූ.ඇන්.පී.කාරයන් නොවේ. ඔවුන් සමසමාජකාරයන්ය. රනිල්ගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහ ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකි. එකල සමසමාජ නායකයන් ලේක්හවුස් පුවත්පත් ආයතනය හැඳින්වූයේ බේරේ ගෙදර පච පත්තරේ කියාය. සුද්දාගේ සපත්තු ලෙවකන ධනපති පත්තර බිස්ස කියාය. තම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික එස්මන්ඞ් වික්‍රමසිංහ ලේක්හවුස් ආයතනයේ හිමිකරු ඩී. ආර්. විජයවර්ධනගේ දියණිය සමඟ විවාහ වෙන්න යන බව දැන සමසමාජ පක්‍ෂය කලබල විය. ලංකා සමසමාජ පක්‍ෂ දේශපාලන මණ්ඩලයේ මේ ගැන සාකච්ඡාවට ලක්විය. එස්මන්ඞ් කීවේ තමන් ලේක්හවුස් පුවත්පත් ආයතනයේ හිමිකරුගේ දියණිය සමඟ විවාහ වී ධනපති පුවත්පත් ආයතනය නිර්ධන පන්තියේ ගැලවුම්කාරයා බවට පත්කරන බවය. ඒ විවාහයට ලංකා සමසමාජ පක්‍ෂ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ ඉන්පසුවය. විවාහයෙන් පසු එස්මන්ඞ් ගිහින් නතර වූයේ ධනපති අධිරාජ්‍යවාදීන්ගේ හුරතලා කී ජේ. ආර්. ළඟය.
ඒ වගේ රුවන් සිරිකොතට පැමිණීමෙන් වුණේ ලංකාදීප කොම්පැනිය හිටියටත් වැඩියෙන් චන්ද්‍රිකාගේ, මහින්දගේ ආණ්ඩුවලට කඬේ යෑමය. රනිල් එය දැන සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ ලංකාදීප පත්තර කොම්පැනිය යූ.ඇන්.පී.යට කඬේ යවා චන්ද්‍රිකාගේ හෝ මහින්දගේ ආණ්ඩුව ලවා වස්සවන්න නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ලංකාදීප පත්තර කොම්පැනිය ලවා යූ.ඇන්.පී.ය ඇතුළේ තම නායකත්වයට තර්ජනයක් වන රුවන්ගේ අනාගතයට තර්ජනයක් වන නැඟී එන නායකයන් විනාශ කිරීමය.
රනිල් පළමුව රුවන්ව යූ.ඇන්.පී. වෘත්තිකයන්ගේ සංගමයේ නායකත්වයට පත්කළේය. රුවන් – රවී වෙත්තසිංහ නම් වූ ව්‍යාපාරිකයෙක් සමඟ රාත්‍රි සමාජ ශාලාවකදී දබර වී එවකට අගමැති වූ රනිල්ගේ ප්‍රතිරූපයට හානි කළේ ඒ කාලයේය. ඉන්පසු රනිල් ඔහුට යූ.ඇන්.පී.යේ යොවුන් පෙරමුණ බාර කළේය. යූ.ඇන්.පී. යොවුන් පෙරමුණ බාරව ඔහු වසර ගණනාවක් කටයුතු කළත් යූ.ඇන්.පී.යට ආ තරුණයෙක් හෝ තරුණියක් නැත. රුවන් පාර්ලිමේන්තු මහ ඡන්දයකට පළමුව ඉදිරිපත් වූයේ 2010 දීය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ වේලාවේ රනිල්ටත්, ලංකාදීප පත්තර කොම්පැනියටත් රුවන්ව ගම්පහ ලැයිස්තුවේ එක කරගන්න ඕනෑ විය. බාධාව වූයේ කරු ජයසූරියය. ලංකාදීප පත්තර කොම්පැනිය කරු ජයසූරියට ගහමින් මැතිවරණ කාලයේ පුවත් නිර්මාණය කළේය. රුවන් ගම්පහ එක විය. රුවන් පාර්ලිමේන්තුවට එන්න පෙර බස්නාහිර පළාත් සභාවට තරග කර දින්නේය. එකල දිගින් දිගටම පළාත් සභා රැස්වීම්වලට සහභාගි නොවීම නිසා පළාත් සභා මන්ත්‍රිවරු පිරිසකගේ මන්ත්‍රි ධුරය අවලංගු වීමට ඉඩ ඇති බව සඳහන් කරමින් පළාත් සභාව නිවේදනයක් කළේය. ඒ නම් ලැයිස්තුවේ රුවන්ගේ නමද විය. ඒත් රනිල්ට ඒ ගැන වගක් නොවීය. රනිල් ඔහුව නායකත්ව මණ්ඩලයටද පත්කළේය. රුවන්ව පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් තනතුරටද පත්කළේය. ඒ රනිල්ට එරෙහි සජිත්ගේ කැරැල්ලේදී ලංකාදීප පත්තර කොම්පැනිය සජිත්ට දුවනතෙක් ගහපු නිසාය. තමන් ගැන වැරැදි පුවත් පළ කරන්න එපා යැයි සජිත් ලංකාදීප පත්තර කොම්පැනියට නිවැරැදි කිරීම් යැව්වේ වරක් දෙවරක් නොවේ. ඒ වගේම එකල යූ.ඇන්.පී.යේ නැඟී එන නායකයන් වූ දයාසිරි සහ සුජීවට එරෙහිවද ලංකාදීපයේ බොරු පුවත් පළවිය. වරක් දයාසිරි ලංකාදීපයට එම වැරැදි පුවත නිවැරැදි කරන මෙන් ඉල්ලමින් ලිපියක් යවමින් කීවේ ලංකාදීප යූ.ඇන්.පී.යේ නැඟී එන තරුණ නායකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් කරනවා කියාය.
රනිල් ලංකාදීප කොම්පැනිය කරන මේ සේවයට 2015 බලයට ආ විගස රුවන්ව රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරයට පත්කළේය. ලංකාවේ මීට පෙර රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දැරුවේ පක්‍ෂයට විශාල සේවයක් කර ඇති ජාතික ආරක්‍ෂාව ගැන දැනුම් තේරුම් ඇති ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න, අනුරුද්ධ රත්වත්ත වැන්නවුන්ය. මහින්දගේ ආණ්ඩුවේ නිල නොවන ආරක්‍ෂක රාජ්‍ය ඇමැති වූයේ ගෝඨාභයය. රනිල් රුවන්ට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය දුන්නේ ඒ හරහා රුවන්ගේ ප්‍රතිරූපය හදා හොර පාරෙන් නායකත්වයට ගෙන එන්නටය. එහි ප්‍රතිඵලය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට නායකයෙක් නැති වී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය අයාලේ ගොස් පාස්කු බෝම්බ ප්‍රහාරය කරළියට ඒමය. පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන කොමිසමට සාක්‍ෂි දෙන්න ආ එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විනිසුරුවෙක් අහන ප්‍රශ්නයට උත්තර දුන්නේ මෙහෙමය.
විනිසුරුවරයා –
ජනාධිපති ලංකාවේ නොසිටියා නම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රුවන් විජයවර්ධනට නොකිව්වේ…?
නිලන්ත ජයවර්ධන –
ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාට නොකිව්වේ ඔහු මේ වගේ කටයුතුවලට සැලකිය යුතු ලෙස දායකත්වය දැක්වූයේ නැති නිසයි ස්වාමීනි.
‘රටේ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලෙස රටේ ජාතික ආරක්‍ෂාවට සැලකිය යුතු ලෙස දායකත්වයක් දක්වන්නේ නැති රුවන් යූ.ඇන්.පී. නායකත්වයට පත්වුණොත් යූ.ඇන්.පී.යේ ඉතිරි ලක්‍ෂ දෙකටත් මොන කලක් යයිද…?’
රුවන් නායකත්වය බාරගෙන යූ.ඇන්.පී.ය නග්ගයිද, බස්සයිද කියන එකට හොඳම නිදසුන රුවන්ගේ ගම්පහ මනාප වාර්තාවය. රුවන් 2010 මහ මැතිවරණයේදී ගම්පහ මනාප ලැයිස්තුවේ අංක එක විය. 2015දී මනාප ලැයිස්තුවේ තුනට වැටුණි. එක වූයේ යූ.ඇන්.පී. නොවන අර්ජුන රණතුංගය. දෙක වූයේ රත්නපුරෙන් ගම්පහට ආ රන්ජන්ය. 2020දී රුවන්ට ගම්පහින් ඇපත් නැති විය.
ඇත්තටම රුවන් දන්න දේශපාලනයක් නැත. පසුගියදා ඔහු කීවේ යූ.ඇන්.පී.ය 1956 මහ මැතිවරණයේදී මේ වගේ අන්ත පරාජයක් ලබා ඇති බවය. 1956දී යූ.ඇන්.පී.ය ආසන 8ට බැස්සත්, ඡන්ද සංඛ්‍යාවෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබපු බණ්ඩාරනායකයගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට වඩා ඡන්ද ලක්‍ෂ දෙකක් අඩුවෙන් ගෙන පරාජයට පත්විය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත්තේ 39.52%කි. යූ.ඇන්.පී.ය ගත්තේ 27.91%කි. අද පොදුජන පෙරමුණ 59.09%කි. යූ.ඇන්.පී.ය ගත්තේ 2.05%කි. මෙයින්ම පේන්නේ ඔහුට ලංකාවේ දේශපාලන ඉතිහාසය තියා යූ.ඇන්.පී. ඉතිහාසය ගැනවත් දැනුමක් නැති බවය.
ඔහුගේ එකම හයිය ලංකාදීප පත්තර කොම්පැනියය. තමන් මධ්‍යස්ථ යැයි ලෝකෙටම අණබෙර ගහන මේ පත්තර කොම්පැනිය අද රුවන්ව යූ.ඇන්.පී. නායකයා කරන්න කඬේ යන්නේ මධ්‍යස්ථ රෙදි ගලවා උනා තබාය. ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියට ලිපියක් ලියන ප්‍රවීණ ලේඛකයකු වූ අම්රිත් මුතුකුමාරු ලංකාදීප පත්තර කොම්පැනිය 2020 මහ මැතිවරණයේදී සජිත්ට අවාසි පුවත් පළ කරමින් රනිල්ගේ යූ.ඇන්.පී.යට කඬේ ගිය හැටිත්, මහ මැතිවරණ පරාජයට පසු යූ.ඇන්.පී.යේ අනෙක් අයගේ පරාජය ගැන කතා කරමින් රුවන්ගේ පරාජය වසන් කරන හැටිත්, දැන් රුවන්ව පක්‍ෂ නායකත්වයට ගෙන එන්න දතකන හැටිත් ඒ පත්තර කොම්පැනියේම පුවත් විග්‍රහ කරමින් සඳහන් කර ඇත. ඔහු කියන එක හරිය. ලංකාදීප පත්තර කොම්පැනිය සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල පිටු ගණන් වෙන් කරමින් දැන්වීම් දමමින් රුවන්ට සහ රනිල්ගේ යූ.ඇන්.පී.යට කඬේ ගියහ. යූ.ඇන්.පී.කාරයන් රනිල් සහ රුවන් පමණක් නොව ඒ පත්තරේද ප්‍රතික්‍ෂේප කළහ.
ලංකාවේ මාධ්‍ය සංවිධාන සිවිල් සංවිධාන හිරු, දෙරණ, සිරස වැනි විද්‍යුත් මාධ්‍යවල පක්‍ෂග්‍රාහීත්වය ගැන නිතරම කතා කරයි. ඒත් හිරු හෝ දෙරණ හෝ සිරස හෝ තමන්ගේ ඥාතීන් පක්‍ෂයක් තුළ නායකයන් කරන්න වලිකන ලංකාදීප පන්නයේ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවක් කරන්නේ නැත. දිවයින හිමිකරුගේ සහෝදරයා කුමාර වෙල්ගම වුවද දිවයින පුවත්පත ඔහු වෙනුවෙන් මේ වගේ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවක් කරන්නේ නැත.
ලංකාදීප පත්තර කොම්පැනිය යූ.ඇන්.පී.යේ හතුරෙක් වේ යැයි ජේ. ආර්.ට එදා හිතෙන්න ඇත්තේ නිකම්ම නොවේ. යූ.ඇන්.පී.ය ජේ. ආර්. නායකයා වීමට පෙර හැඳින්වූයේ ‘උන්ගේ නෑදෑයින්ගේ පක්‍ෂය’ කියාය. ජේ. ආර්. එය වෙනස් කළේය. ලංකාදීප පත්තර කොම්පැනිය යූ.ඇන්.පී.ය උන්ගේ නිවුස්පේපර් පක්‍ෂය කරගන්න ගත්තාවූ උත්සාහය පරාජය කරන්න සජිත්ගේ සමඟි ජනබලවේගයටවත් පුළුවන් වේ දැයි සැකය. හේතුව මේ රටේ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන වගේම සමඟි ජනබලවේගයටත් ලංකාදීප කොම්පැනියේ මේ දේශපාලන කුපාඩිකම ගැන කතා කරන්න කොන්දක් නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විනූගෙ වෙඩිමට හිටිහැටියෙ කඩාපැන්නෙ කවුද

Next Post

විවාහය ඉක්මන් කරගන්න පහසුම ක්‍රමය

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.