• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට පිළිකාවක්…

September 5, 2020
in Heart
Reading Time: 1 min read
A A
මට පිළිකාවක්…
Share on WhatsAppShare on Facebook

‘සුසන්තා චන්ද්‍රමාලිට මාරාන්තික පිළිකාවක්…’
පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරුණු එම පුවතින් සුසන්තාට ළැදි ටෙලිනාට්‍ය රසිකයන් සේම ‘තිසුරු යුවනිකාට’ දැඩිව ඇලුම් කරන රසික රසිකාවියෝද නොසන්සුන්තාවට පත්වූහ. විශේෂයෙන්ම මේ ආදරණීය අම්මාගෙත් ඇයට බොහෝ සමීප ‘තිසුරි’ දියණියගෙත් සෙනෙහසින් පිරි බැඳීම ගැන දන්නා හැමෝම වගේ මෙහිදී සිතුවේ, මෙම කනගාටුදායක තත්ත්වය තුළ ඔවුනොවුන් මුහුණ දී සිටින පසුබිම ඉතාමත්ම දුක්බර සංවේදී සංසිද්ධියක් වනු ඇතැයි කියාය. ‘අනේ, තිසුරි කොහොම දරාගන්නව ඇතිද? යන කසුකුසුව බොහෝ තැන්වල මතුව තිබුණේද ඒ නිසාය. එහෙත්.., පැතිර ගිය ආරංචිය තරමට කිසිවක් සංකීර්ණ නොමැති වග බොහෝ දෙනකුට ඒත්තු ගියේ, සුසන්තා ‘ස්කාෆ්’ එකකින් හිස ආවර්ණය කර තිසුරි සමඟ ඉතාම සුන්දරව සිනාසෙන අලංකාර පෝස්ටුවක් මුහුණු පොතේ සටහන් වීමෙන් පසුවය. ඇත්තෙන්ම මෙහි ‘යථා තත්ත්වය’ කුමක්දැයි විමසා දැනගන්නට අපට ඕනෑ විය. ඒ ඕපාදූප, රසය උරගා බලන්නට නම් නොවේය. ‘චාරුලතාවක්’ ලෙස ටෙලි තිරයට පැමිණි ‘සුසන්තා චන්ද්‍රමාලි’ රෝගී තත්ත්වය ගැන ඇත්ත ඇති සැටියෙන් රසිකයනට පවසන්නට ඕනෑ වූ නිසාය.
ඉතින් සුසන්තා ඔබේ සැපසනීප කොහොමද?
වරදක් නැහැ, පවුලේ අය සමඟ මම සතුටින් දවස ගෙවනවා.
රෝගී තත්ත්වය නිසා ඔබ ඉතාම අසාධ්‍යව සිටින බවයි වෙබ් අඩවිවල පළවී තිබුණේ?
මෙහෙමයි… අපට ආදරය කරන ප්‍රේක්‍ෂකයන් අපේ තොරතුරු හොයන්න කැමැතියි කියන්නේ අපිව තවමත් ඔවුනට දැනෙනවා කියන එකයි. ‘චාරුලතා’ විදියට ඔවුන් අතරට පැමිණි ‘සුසන්තා චන්ද්‍රමාලි’ට වසර විසි ගණනකට පසුවත් ඔවුන් එලෙස ආදරය කිරීම මට දැඩි සතුටක්. මට සමීප බොහෝ හිතවතුන්ද එම පුවත එලෙස වඩා භාරදූරව සටහන්ව තිබීම ගැන සිත්තැවුලට පත්ව තිබුණා. නමුත් මම එහිදී දුටුවේ ඔවුන් මට තිබෙන ඇල්ම නිසා එය එලෙස සිදුවූ වගයි. අන්න ඒ නිසා, මම එම පුවතින් කිසිසේත්ම සැලුණේ නැහැ. හැබැයි, සිදුව තිබෙන සිදුවීම ගැන ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමට ඕනෑ නිසා තිසුරියි මගෙ මහත්තයා කුමරුයි එකතුවෙලා මුහුණු පොත හරහා පෝස්ට් එකක් දැම්මා.
මාරාන්තික යැයි පළවූ ගොසිප් එකට ඔබ සුන්දර පිළිතුරක් දුන්නා?
ඔව්… ප්‍රේක්‍ෂකයන්ට කතා කරන්නත්, කිසිවකුට දොසක් නොකියන්නත් ඒ ‘පෝස්ට් එක’ සොඳුරු උත්තරයක් වුණා. විශේෂයෙන්ම ඒ පෝස්ට් එකට ආව කමෙන්ට්ස් දැක්කම මට වාවගන්න බැරි සතුටක් දැනුණා. රසිකයන් තවමත් මට මේ තරමට ආදරය කරනවද කියන පුදුමය නිසාම මට හෝගාලා ඇඬුණා ඇත්තටම.
රෝගී තත්ත්වය තුළ තිසුරි ඔබව රැකබලා ගන්නා ආකාරයත් ඉතාම සංවේදී බවයි ආරංචි?
අනේ.., ඒ ගැන කෙනෙක් එක්ක කියන කොටත් මට ඇඬෙනවා. ඒ තරමට මගේ රත්තරං දුව මාව රැකබලා ගන්නවා. විවාහ ජීවිතයකට මැදි වුණත් පුංචි එකියක් වගේ මගේ ඇඟේ දැවටුණු කෙල්ල අද මට අම්මා කෙනෙක් වෙලා. කුමරුත් මගෙන් අහනවා. අපේ පුංචි එකී මේ තරමට දහිරියවන්ත ගැහැනියක් වුණේ කොහොමද කියලා. මම පිළිකා රෝගයකින් පෙළෙන බව පසුගිය මාර්තු මාසේ දැනගත්ත දා ඉඳන්ම තිසුරි සම්පූර්ණ වෙනස් වුණා. මේ ගෙදර අම්මා එයාද, මමද කියලා මට අමතක වෙන තරමට මගේ දරුවා මගේ අසනීප තත්ත්වය එයාගේ කරට ගත්තා. මාව සනසනවා, මට අවවාද කරනවා. බෙහෙත් ටික වේලාවට දෙනවා. මට තනිවෙන්න දෙන්නෙ නැහැ. නිතරම මා ළඟ ගැවසෙනවා. හිතාගන්න බැහැ තිසුරි ඒ තරමට මහ ගැහැනියක් වුණේ කොහොම දැයි කියලා.
මානසිකව ඔබ ඇදවැටුණේ ඒ නිසා වෙන්නැති?
තිසුරි වාගේ දුවක් ඉන්න අම්මා කෙනෙක් මොන හේතුවක් නිසා මානසිකව ඇදවැටෙන්නද? මගේ මහත්තයා කුමරු ගැනත් මෙතැනදී මතක් කරන්නටම ඕනෑ. ඇත්තටම මාව හොඳින් බලාගන්න තිසුරිට අවශ්‍ය සහයෝගය දුන්නෙ එයයි.
ඔබට පිළිකා තත්ත්වයක් තියෙන බව දැනගත්ත මොහොතෙවත් තිසුරි තිගැස්සුවේ නැතිද?
නැහැ… සත්තකින්ම ඇයට එහෙම ශක්තියක් කොහොම ලැබුණාදැයි කියා අදවත් මට හිතාගන්න බැහැ. අනෙක තවත් කාරණයක් මෙතැනදී කියන්නටම ඕනෑ. බෞද්ධ දර්ශනයට අනුව අපි කවුරුත් අපට අයිති නැහැ. අපි අපේ නෙවෙයි. ඒ නිසා අපට පැමිණෙන ලෙඩ, රෝග, දුක්-කරදර නවත්වන්න අපට ශක්තියක් හෝ අයිතියක් නැහැ. සිදුවිය යුත්තේ එන දේට උපේක්‍ෂාවෙන් මුහුණ දීමයි.
එහෙම නම් සුසන්තා අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුවය, සතුට පතනවා
බොහොම ස්තුතියි, මම පැවැසූ තොරතුරු එලෙසම පළකරන්න. සිදුවූයේ කුමක්දැයි යන්න කතා කරන්නට අවස්ථාව දුන්නාට ස්තුතියි. ඒ වගේම මා ගැන සොයා බැලූ, මට සුවය පතා මුහුණු පොතේ ආදරණීය සටහන් තැබූ මගේ දයාවන්ත, රසික රසිකාවියන්ටත්, මා වෙනුවෙන් වෙහෙස වූ අපේක්‍ෂා රෝහලේ කාර්ය මණ්ඩලයටත් දැඩිව ස්තුති කරනවා මම.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විවාහය ඉක්මන් කරගන්න පහසුම ක්‍රමය

Next Post

ඔබේ අසනීපයට නිවසට බෙහෙත් කරන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.