• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්න රැසකට සුබඵල

August 2, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ලෙයට අධිපති කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළඹෙන 2019 අගොස්තු 09 වැනි සිකුරාදා දින පාන්දර 04.47ට මෙතෙක් ගමන්ගත් සිය නීච දුබල රාශිය වූ සඳු හිමි කටක රාශියෙන් මිදී සිය මිතුරු රාශියක් වූ රවි හිමි සිංහ රාශියට පිවිසෙයි.
එම කුජ ග්‍රහ තාරකාව එතැනි සිට 2019 සැප්තැම්බර් මස 25 වැනිදා දක්වාම සිංහ රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගැනීමත්, රවි සමඟින් යෝග වීමත් අනුව මෙම ග්‍රහ ලොව බලවතාගේ සිංහ හා රාශිගත ග්‍රහ චලිතය මත සලකා බැලීමේදී පොදු වශයෙන් මෙම මාස 2කට ආසන්න කාලයේදී මේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබඵල උදා වන අතර, ඔවුන්ගේ බොහෝ සිතුම් – පැතුම් ඉටුවනු ඇත. වෘෂභ, මිථුන, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ ඵලද උදාවනු ඇත.
අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ රටේ ආරක්ෂක අංශවල ප්‍රමුඛ වර්ධනයක් දක්නට ලැබෙනු ඇත. ඉදිරි මාස 2ක කාලය තුළ ඛණිජ තෙල්වල මිල ගණන් වැඩි වීමට බොහෝ දුරට හේතු වනු ඇත. රත්රන් හා මිනිරන් ආශ්‍රිත නිෂ්පාදනවල කැපීපෙනෙන වර්ධනයක් ඇති වෙයි. අධ්‍යාපන ආයතන හා එම ක්‍ෂේත්‍රයන් තුළ නොසන්සුන්තා යම් පමණකට ඇති වෙයි. එසේම මෙම කාලය තුළ රටට අලුත් ආරංචි ලැබෙන කාලසීමාවක් වනු ඇත. දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකි. රටේ ආර්ථිකය වර්ධනය වන කාල සීමාවක් වනු ඇත. විපක්ෂයට වාසිදායක වන අතර, විපක්ෂය බලවත් වනු ඇත. පාර්ලිමේන්තුව තුළ වාද – විවාද අරභයා උණුසුම් බවක් දක්නට ලැබෙනු ඇත. අපේ රටට හිමි විදෙස් සහයෝගය පිළිබඳ ගැටලු ඇති වන කාලයකි. කර්මාන්ත ශාලා ආශ්‍රිතව ගිනිගැනීම් වැනි නොයෙකුත් පීඩාකාරී තත්ත්වයන්ද ඇතිවීමේ ප්‍රවණතාවක් මෙම ග්‍රහ මාරු ආශ්‍රිතව පවතිනු ඇත. රට තුළ දේශගුණ විපර්යාස හා නායයෑම් හා ගංවතුර මෙන්ම නියඟ තත්ත්වයන්ද ඇති වීමේ අවස්ථාවන් උදාවීමට හේතු වනු ඇත.
මේෂ ලග්නය
හදිසි ගමන් – බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර, වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. එසේම ඔබ නොබියව ඉදිරියට යන කාලසීමාවකි. ඔබට මෙම කාලය මිශ්‍ර ඵලදායකවෙයි. බිරිය හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය. ආගම දහමට සිත යොමු වෙයි. ලොතරැයි ජය ලැබීමේ වාසනාවක් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදාවනු ඇත.
වෘෂභ ලග්නය
ඈත පළාත්වලට යෑමට සිදුවන අතර, නිකරුණේ ගමන් – බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණධර්ම හීන වන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන්-බිමන් නම් අධික වෙයි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට අසුබ වෙයි.
මිථුන ලග්නය
අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමට මෙම කාලය සුබයි. දරුවන්ගේ ප්‍රශ්න හා ඒ සම්බන්ධ කටයුතුවලදී දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. තරග විභාගවලින් ජය හිමිවන කාලයකි. නඩුහබවලින් ජය ගත හැකිය. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. මංගල කටයුතු සඳහා මෙම කාල සීමාව යම් පමණක යහපත් කාලයකි.
කටක ලග්නය
ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගතකිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණකට ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර, අලුතින් අරඹන කටයුතු නම් මේ කාලයේ අසාර්ථක වෙයි. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇති වන අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.
සිංහ ලග්නය
සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇති වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍ර ඵලදායක වෙයි. අසනීපවලින් යම් සුවයක් ඇත්වෙයි. ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර, රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇති විය හැකිය.
කන්‍යා ලග්නය
මහන්සියේ තරමට ප්‍රතිඵල නැති විය හැකිය. ඥාතීන් සමඟ මතභේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇති වන අතර, යම් යම් අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමිවීමට ඉඩ තිබෙනවා. ආගමට, දහමට නැඹුරු වන කාලයකි. සමාජයේ පිළිගැනීම ඇති වන අතර, ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇති විය හැකියි.
තුලා ලග්නය
ධන හානි ඇති වන කාලයකි. මුහුණේ රෝගාබාධ ඇති වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලට එක්විය නොහැකිය. යම් පමණක පවුල් ජීවිතය තුළ ගැටුම් ඇති වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. නමුත් එයින් ප්‍රබල ගැටලු මතුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය අයහපත්ය.
වෘශ්චික ලග්නය
තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගතවෙයි. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවෙයි. මෙතෙක් කාලයක් අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. විවාහ බාධා ඇති වීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක් පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත. ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපොළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වෙයි.
ධනු ලග්නය
හදිසි ගමන්-බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර, වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ, කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර, මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී. නමුත් ඔබට ලොතරැයි වාසනාව හිමිය.
මකර ලග්නය
සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැඟීමට හැකිය. වා, පිත්, සම්බන්ධ රෝගාබාධ හටගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය.
කුම්භ ලග්නය
ඔබට මෙම කාලය මිශ්‍ර ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙයි. ව්‍යාපාර අංශවලට සුබදායක වෙයි. රැකියා අංශ තුළ කලකිරීම් ඇති වන අතර, හදිසි වෙනස්වීම්වලට හේතු වෙයි. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේ-දොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළයුතු වෙයි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර, ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත.
මීන ලග්නය
ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපොළ වාසි හිමිවෙයි.
සැ.යු. :
ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩුවැඩි වීම සිදුවිය හැකිය.
ජ්‍යොතිෂවේදී, බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ලියන දූ දරුවන්ට මහා බලසම්පන්න සෙත්කවියක් ගණ දෙවි පූජාවක්

Next Post

තුන්පාරක් සජිත් රනිල් හමුවෙලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.