• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ලියන දූ දරුවන්ට මහා බලසම්පන්න සෙත්කවියක් ගණ දෙවි පූජාවක්

August 2, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ලියන දූ දරුවන්ට මහා බලසම්පන්න සෙත්කවියක් ගණ දෙවි පූජාවක්
Share on WhatsAppShare on Facebook

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 වැනි සඳුදා දින ආරම්භ වී 31 වැනි සෙනසුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු 4 වැනි ඉරිදා දිනයේදී යෙදී ඇත. අගෝස්තු 05 සඳුදා හා 04 වැනි ඉරු දින, දින බලය හා නැකැත් බලය සුබදායක වන අතර, එම දිනයේ පක්‍ෂි කාල වේලා අදාළ කරගෙන කටයුතු කිරීම තුළින් වඩාත් සුබඵල උදාකර ගත හැකිය.
2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේ 4 වැනි ඉරු දින පැවත්වෙන බව සඳහන්ය. දැයේ දුවා දරුවන්ගේ ජීවිතයේ පළමු ජාතික විභාග කඩඉම ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් මේ වන විටත් ලහිලහියේ සූදානම් වෙයි. ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමටත්, සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිදියුණු වීමටත්, නීරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරබයා අති සාර්ථකව මෙම තරග විභාගය ජය ගැනීමටත් මෙහි පහත සඳහන් සුබ වේලාවන් හා දිශාවන් අනුව විභාගයට පිටත් වීම සුදුසුය. ඊට අමතරව පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම හා මහා බලගතු සෙත්කවිය ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩඉම ජයගත හැකිය.
උසස් පෙළ විභාගයේ ආරම්භක දිනය වන සඳුදා දිනය සුබ බලයක පවතී. සූර්ය උදාව ප.ව. 6.05ට යෙදෙන අතර, මෛත්‍රී හා චක්‍රවාන යෝග බලයද ඇති වෙයි. මසකට ආසන්නව පවතින මෙම විභාගයේ ආරම්භය ඉතා සුබදායී වෙයි.
මෙම විභාග ද්විත්වයටම පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරැදිව ගණ පිහිටුවා බල සම්පන්නව හා සරලව විෂ්ණු, කතරගම හා ගණ දෙවියන් යන දෙවියන් වහන්සේ උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත්කවිය එළඹෙන ජූලි 31 වැනි බදාදා සිට අගෝස්තු 3 වැනි ශනිදා දින දක්වා පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත්ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගතහැකිය.
විභාගයට පෙර ඉහත සඳහන් දිනවල ස්නානය කර පිරිසුදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද, මල් අසුන පිරිසුදු කරගන්න. ඉන් පසු සුවඳින්, රුවින් යුත් මල් පුදා, සුවඳ කූරු දල්වා තෙරුවන් නැමද ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න. ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත්කවි රත්නය බෝධින් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00ත්, රාත්‍රී 10.48ත් කාලය තුළ නිවැරැදිව 7 වරක් ගායනා කොට (දිනකට දෙවරක් උදේ හා සවස) විභාග නිමාවන තුරු මතක ශක්තිය වර්ධනය, නීරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත්කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා සිදුකිරීම ඉතා හොඳයි.
මහා බලසම්පන්න සෙත්කවි රත්නය
හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින
පිනැති සිරිවස් – දෙව් සෙනෙවි – ගණදෙවිද නිති ගැති වඳිමි බැතියෙන
නිකිණි මස තුළ සියළු දිනවල මුහුණ දෙන තරගයට කුළුණින
දුරැර දොස නැණ බලය දෙනු මැන විභහගයෙ ජය සතිරවන මෙන
විභාගයට පිටත් වීමට සුබ නැකැත්
අදාළ විභාග දිනයේ විභාගයට පිටත්වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද, මවුපියන් නැමද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකැත හා දිශාව අනුව පිටත්ව යන්න.
“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උද්ඝෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මය්හං”
සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමඟට හමුවන ලෙස පිටත්ව යන්න.
උසස් පෙළ විභාගයට පිටත් වීමට සුබ වේලාවන්

  1. අගෝස්තු 05 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊශාන දිශාව බලා සුබයි
  2. අගෝස්තු 06 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
  3. අගෝස්තු 07 වැනි බදාදා උදේ 06.21 හේ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
  4. අගෝස්තු 08 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.20 හෝ 07.20, 11.32, 11.53 නැඟෙනහිර දිශාව බලා සුබයි
  5. අගෝස්තු 09 වැනි සිකුරාදා උදේ 06.44, 07.20 හෝ 12.20ට ඊශාන දිශාව බලා සුබයි
  6. අගෝස්තු 10 වැනි සෙනසුරාදා උදේ 06.59, 07.23 හෝ 11.10, 11.22 ඊශාන දිශාව බලා සුබයි
  7. අගෝස්තු 13 වැනි අඟහරුවාදා උදේ 06.23, 07.20 හෝ 11.56, 11.59 නැඟෙනහිර දිශාව බලා සුබයි
  8. අගෝස්තු 15 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
  9. අගෝස්තු 16 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20 දකුණු දිශාව බලා සුබයි
  10. අගෝස්තු 17 වැනි සෙනසුරාදා උදේ 06.56, 07.20 හෝ 11.09, 11.22 දකුණු දිශාව බලා සුබයි
  11. අගෝස්තු 19 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊසාන දිශාව බලා සුබයි
  12. අගෝස්තු 20 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
  13. අගෝස්තු 21 වැනි බදාදා උදේ 06.21 හෝ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
  14. අගෝස්තු 22 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
  15. අගෝස්තු 23 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20ට දකුණු දිශාව බලා සුබයි
  16. අගෝස්තු 24 වැනි සෙනසුරාදා උදේ 06.55 හෝ 07.21, 11.09 දකුණු දිශාව බලා සුබයි
  17. අගෝස්තු 26 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊසාන දිශාව බලා සුබයි
  18. අගෝස්තු 27 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
  19. අගෝස්තු 28 වැනි බදාදා උදේ 06.21 හෝ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
  20. අගෝස්තු 29 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
  21. අගෝස්තු 30 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20 දකුණු දිශාව බලා සුබයි
  22. අගෝස්තු 31 වැනි සෙනසුරාදා උදේ 06.56, 07.20 හෝ 11.08 දකුණු දිශාව බලා සුබයි
    ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට සුබ වේලාව
    අගෝස්තු 04 වැනි ඉරිදා උදේ 06.20 – 06.23 අතර හෝ 07.08 හෝ 07.11 අතර ඊසාන දිශාව බලා සුබයි.
    විභාග ජය ගෙනෙන මහා බලසම්පන්න ගණදෙවි පූජාව
    විභාගයන් වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් හා නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්තිකර්මයක් අප මෙවර ඔබ වෙත ගෙන එනු ලබනවා. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම තුළින් ඔබටත් අති සාර්ථක ප්‍රතිඵල උදාකර ගතහැකිය. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙව් පූජාව නිවැරැදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදාකර ගන්න.
    ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම
    ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසුදු කර කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.
    පහත සඳහන් දෑ සකස්කර ගන්න
  • මල් වට්ටියක්, නෙලුම් මල් සමග
  • පලතුරු වට්ටියක් (පලතුරු 5ක් පමණ)
  • කැවිලි වට්ටියක් (කැවිලි 5ක් පමණ)
  • හඳුන්කූරු
  • පහනක්
  • සාම්බ්‍රානි සුවඳ දුම් සූදානම්කර ගන්න
    නෙලුම් මල් හා වෙනත් මල්වලින් වට්ටියක් සාදාගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙලුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදාගන්න.
    ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක්, පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක්, හබල පෙති, උක් හකුරු, මී පැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරු පෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය හා ගණ දෙවි පූජා ස්තෝත්‍රය 7 වරක් ගායනා කරන්න.
    බදාදා හ සෙනසුරාදා දිනයන් හි දින 3ක් සවස 6ත්, 8ත් අතර කාලය තුළදී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරුවී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි.
    ගණ දෙවි සේතෝත්‍රය
    ගණපතිපරිවාරං – චාරුකේයුරභාරං
    ගිරිධරවරසාරං – යෝගිනිචක්‍ර වාරං
    භවයපරිහාරං – දුකකදාරිදාදුරං
    ගණපතිමහිවන්දෝ – චක්‍ර තුණ්ඩවතාරම්
    සියලුම දූ පුතුන්ට උපරිම ජය සාමාර්ථය ලැබේවා.
    ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,
    බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ
SendShareShare
Previous Post

ලංකා කේන්දරයේ හයවැන්නේ චතුර ග්‍රහ යෝගයක්

Next Post

ලග්න රැසකට සුබඵල

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.