• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලග්නාධිපති භාව දොළහෙදි දෙන දේවල්

December 18, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ලග්නාධිපති භාව දොළහෙදි දෙන දේවල්
Share on WhatsAppShare on Facebook

ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් එයාගේ ලග්නය මොකක්ද කියලා ඒක හරියටම කියන්න දන්නවා. එතකොට ඔයාගේ ලග්නාධිපති කවුද කියලා ඇහුවොත් නොදන්න අයත් අප අතර ඉන්නවා. ඒ නිසා අද කේන්දරේ තුළින් අපි බලමු තමන්ගේ ලග්නයට අධිපති වන්නේ කවුද? එයා කේන්ද්‍රය තුළ ඉන්න තැන අනුව අපට ඇතිවන පලාපල මොනවාද කියලා. මේෂ, වෘශ්චික ලග්න දෙකට අධිපතියා තමයි කුජ. වෘෂභ, තුලා ලග්න දෙකට අධිපති වන්නේ සිකුරු. මිථුන, කන්‍යා ලග්න දෙකට අධිපති තමයි බුධ. කටක ලග්නයට අධිපතියා සඳු. සිංහ ලග්නයට අධිපති වන්නේ රවි. ධනු, මීන ලග්න දෙකට අධිපති වන්නේ ගුරු. මකර සහ කුම්භ ලග්න දෙකට අධිපති වන්නේ ශනි.

මෙන්න මේ විදියට තමන්ගේ ලග්නයට අධිපති ග්‍රහයා එහෙමත් නැත්නම් ලග්නාධිපතියා කවුද කියලා දැනගන්න එක හැම කෙනකුටම හරිම වැදගත්. මොකද දන්නවාද? ලග්නාධිපති කේන්ද්‍රයේ ඉන්න තත්ත්වය ගැන හරියට හොයලා බැලුවොත් තමන් ගැන ගොඩක් කරුණු හෙළිදරව් කර ගන්න පුඵවන් වන නිසා. මෙහිදී ලග්නාධිපති ඉන්නේ කේන්ද්‍රයේ කී වැනි කොටුවේද? එම කොටුව අයිති රාශිය තුළදී එයාට ලැබෙන බලය උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර, මිත්‍ර, සම, සතුරු, නීච පාප ග්‍රහයන් සමඟද? සුබ ග්‍රහයන් සමඟද? ලග්නාධිපතිව දකින ග්‍රහයෝ කවුද? කියන කරුණු පදනම් කර ගන්නවා. මෙහෙම බැලුවාම හරියටම තමන්ගේ ලග්නාධිපති ගැන බලන්න ඉහත කරුණු සියල්ලම ගැන නිවැරැදිව තක්සේරු කරගන්න ඕනෑ. එක එක්කෙනාගේ කේන්ද්‍රයේ ලග්නාධිපතිගේ පිහිටීම අනුව කියන කරුණු වෙනස් වෙනවා. ඒ වුණාට ලග්නාධිපති ඉන්නේ මොන කොටුවේද කියන කරුණ අනුව සාමාන්‍ය පලාපලයක් මෙන්න මෙහෙම කියන්න පුඵවන්.

ලග්නාධිපති: සඳු, බුධ, ගුරු, සිකුරු වගේ සුබ ග්‍රහයෙක් වෙලා පළමුවැනි භාවයේම තැන්පත් වුණොත් ඒ අය සෞම්‍ය ගතිගුණ ඇති අය වෙනවා. එහෙම නැතිව රවි, කුජ, ශනි වගේ කෲර ග්‍රහයෙක් වෙලා ලග්න භාවයේම තැන්පත් වුණොත් පුද්ගලයා තරමක් නපුරු ගතිගුණ ඇති සැර පරුෂ කෙනෙක් වෙන්න පුඵවන්. හිතේ ස්ථිර ගතියක් නැහැ. කොහොම වුණත් ලග්නාධිපති පළමුවැනි කොටුවේ ඉන්න අය තමන්ගේ උත්සාහයෙන් කටයුතු කර දියුණුවන අයයි. ඒ ගොල්ලෝ අනුන්ගෙන් උදව් ගන්න කැමැති නැහැ. හරිම උත්සාහවන්තයි. ලග්නාධිපති දෙවැන්නේ ඉන්නවා නම් එම පිහිටීම හොඳ ධන යෝගයක් හැටියටයි ජ්‍යොතිෂයේදී සලකන්නේ. උගත්කමින්ද දහම් දැනුම අතින්ද ඉහළයි. ආදායම් මාර්ගයක් හදාගෙන හොඳ ධනයක් රැස්කර ගන්නවා. නිතරම තමන්ගේත්, තමන්ගේ පවුලේ අයගේත් දියුණුව ගැන තමයි කල්පනා කරන්නේ. තුන්වැනි භාවයේ ලග්නාධිපති තැන්පත් වෙලා ඉන්න අය තමන්ගේ බුද්ධිය උත්සාහයෙන් යොදා ගෙන වඩාත් සැපසේ ජීවත්වීමට හැකි පරිසරයක් සකස් කර ගන්නවා. ලග්නාධිපති ග්‍රහයා හතරවැනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා නම් එයාට තමන් සතු ඉඩමක් නිවසක් තිබෙනවා. රැකියාවක නිරතවෙමින් තමන්ගේ මාපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත් උදව් උපකාර කරමින් සතුටින් ජීවත් වන කෙනෙක්. පස්වැන්නේ ලග්නාධිපති තැන්පත් නම් තමන්ගේත්, පවුලේ අයගේත් දියුණුව ගැන විශේෂ අවධානයක් දෙන කෙනෙක්. දැඩි උත්සාහයෙන් කටයුතු කර හොඳ ධනවතෙක් වෙනවා. හයවැන්නේ ලග්නාධිපතියා තැන්පත් වීම කේන්ද්‍ර හිමියාට එඩිතර බවක් ලබාදී තමන්ට විරුද්ධව නැඟී එන අය මැඬපැවැත්වීමේ බලයක් ඇති කරනවා. නිසි වයසේදී විවාහයට පත්වන බුද්ධිමත් කෙනෙක්. හත් වැන්න සුබ ග්‍රහයකුට අයත් රාශියක් වෙලා ලග්නාධිපතිත් සුබ ග්‍රහයෙක් වෙලා එතැන තැන්පත්ව ඉන්නවා නම්, එයාට අනෙක් අය සමඟ හොඳින් ඇසුරු කරන්න පුඵවන්. එහෙම නැතිව හත්වැන්න අසුබ ග්‍රහයකුට අයිති රාශියක් වෙලා අසුබ ග්‍රහයෙක් එතැන තැන්පත් වුණොත් එයාට අනෙක් අය එක්ක සුහදව කටයුතු කරන්න ටිකක් අමාරුයි.
ලග්නාධිපති ග්‍රහයා අටවැන්නේ තැන්පත්වීම එතරම් හොඳ නැහැ. සමහර අය සූදුව වගේ නරක පුරුදුවලට යොමු වෙච්ච අවස්ථා හමු වෙනවා.
නව වැනි රාශියේ ලග්නාධිපති ග්‍රහයා තැන්පත් වන්නේ ඉහත ආත්මවලදී කරගත් කුසල් තියෙන අයගේ. සංසාර පුරුද්දක් හැටියට ඒ ගොල්ලො මේ ආත්මයේත් පින් දහම් කර ගනිමින් ගෞරවනීය ජීවිතයක් ගත කරනවා.

දහ වැන්නේ ලග්නාධිපති තැන්පත් අය, ස්ථිර රැකියාවක නිරත වෙමින් උත්සාහයෙන් ධනය උපයා ගන්නවා. සැප සම්පත් ලබා ගෙන දියුණුව ඇති කර ගන්න පුඵවන්. ලග්නාධිපති එකොළොස්වැන්නේදී හොඳ ධන යෝගයක් වෙනවා. විවිධ ක්‍රමවලින් මුදල් උපයා ගැනීමට හැකි දක්ෂයෙක්. ආගම, දහමට ළැදි කෙනෙක්. උනන්දුවෙන් කටයුතු කරන කෙනෙක්. දොළොස්වැන්නට ලග්නාධිපති එතරම් හොඳ නැහැ. ජීවිත ගමනේ නිතරම කරදර, බාධක හමු වෙනවා. නඩු හබවලට පැටලීම වැනි ප්‍රශ්න ඇති වෙනවා. බාධක ජය ගනිමින් තමයි ජීවිතය ඉදිරියට ගෙන යා යුතු වන්නේ. මේ විදියට ලග්නාධිපති විතරක් නොවෙයි කේන්ද්‍රයක කොටු 12ටම අධිපතීන් ඉන්නවනෙ. එම අධිපති ග්‍රහයන් කේන්ද්‍රයේ ඉන්න තත්ත්වය ගැන සලකා බලලා එම එක් එක් කොටුවෙන් කියැවෙන කාරණය ගැන හොයා බලන්න පුඵවන් . ඉදිරියේදී කේන්දරේ තුළින් අපි ඒ ගැන හොයා බලමු.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

ජාතික ආර්ථිකය අමතක කරලා සිනමාව ගොඩනැගීම විහිළුවක්

Next Post

සබීතා‌ගේ බිල්ඩිමට කෘෂිකර්මයෙන් ‌මේ ‌වෙද්දි ‌‌කෝටි 86ක් ‌ගෙවලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.