• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජාතික ආර්ථිකය අමතක කරලා සිනමාව ගොඩනැගීම විහිළුවක්

December 18, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ජාතික ආර්ථිකය අමතක කරලා සිනමාව ගොඩනැගීම විහිළුවක්
Share on WhatsAppShare on Facebook

විටෙක ඔහු කඩවසම් නළුවෙක්. තවත් අවස්ථාවක ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. තවත් විටෙක ඔහු නිෂ්පාදකවරයෙක්. ඒ සියල්ලත් සමඟ ඔහු ව්‍යාපාරිකයෙක්. මේ සියලු කඩඉම් පසුකරමින් කලාකාමී හදවත් තුළ නොමැකෙන ලෙසින් සිය නාමය ලියා තබමින් මෙරට චිත්‍රපට කලාවට අසීමිත සේවයක් කළ ඔහු මේ වෙද්දී ඉඩම්හිමි වැවිලිකරුවෙක් කියලත් පුංචි පුංචි ආරංචි ලැබුණා. ඔහු එක්තරා යුගයක, සිනමාවේ මතකයන් අවදි කළ අපූරු තරුවක් බවටත් පත්වුණා. අර්ජුන් කමලනාත් කිව්වාම කවුරුත් දන්න සිනමාවේ සියලු අංශ ස්පර්ශ කළ දක්‍ෂ කලාකරුවාගේ අලුත්ම තොරතුරු සොයා ‘හාට්’ ගිය ගමනේදී ඔහු හරි අපූරු කතා ටිකක් කිව්වා.
අර්ජුන් සිනමාවෙන් සමු අරගෙනද සද්දයක් නැත්තෙ?
ඔව්. එහෙම කිව්වත් එහි වරදක් කියන්න බැහැ. මොකද මම කිඞ්නැප් චිත්‍රපටයෙන් පස්සෙ රඟපෑමෙන් ඉවත් වුණා. ඒත් එක්කම මම රඟපාපු චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ අතරින් එක් චිත්‍රපටයක් ලබන වසරේදී තිරගත වේවි. මම අධ්‍යක්‍ෂණය කරපු කුණාටුවේ මාරයා චිත්‍රපටයත් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. ඇත්තම කිව්වොත් අවුරුදු දෙකකින් විතර මං අඩුම තරමේ ටී.වී. ප්‍රෝග්‍රෑම් එකකටවත් ආවේ නැහැ.
මොකද්ද ඒකට හේතුව?
හේතුව ඉතින් වෙන මොනවත් නෙවේ. මේ පසුගිය කාලයේ පැවැති යහපාලන ආණ්ඩුව තමයි. ඒ කාලකණ්ණි, මූසල, මුස්පේන්තු රටටම හෙණ ගහලා ගියපු කාලකණ්ණි යුගය නිසා මේ රටේ කලාව කරන එක නෙවේ ජීවත් වෙන එකත් අප්‍රසන්න වුණා. ඒ කාලේ මහ මූසල කාලයක් වුණා. කරන කරන හැමදේම කඩන් වැටෙන ආර්ථිකය බින්දුවට වැටිච්ච, මස්තබාල්දු ඒ වගේ කාලයක ජීවත් වීමට සිදුවෙච්ච එකෙන් මම හිතාගත්තා රඟපාන්නේ නැහැ කියලා. ඒ අයින් වෙච්ච අයින් වීම එහෙමම තමයි තාමත් ඉතින්. ගොඩාක් නිර්මාණවලින් ආරාධනා ආවා. ඒ හැම එකටම බැහැ කිය කියා හිටියා. මොකද හිත හදාගන්න බැහැ රඟපාන්න. ඉදිරියේදිත් රඟපෑමට ඒමේ ප්‍රවණතාව පනහට පනහ තමයි තියෙන්නේ.
මේ දවස්වල මොකද කරන්නේ?
පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා. ඊට අමතරව වගා කටයුතුවලට සම්බන්ධ වෙලා පොඩි අලුත් වැඩකුත් කරනවා. ඒ අතරතුර අනුෂා සිනමා ශාලාවත් සුපිරි තත්ත්වයකට ගන්න කටයුතු කළා. කර්මාන්තය වැටෙමින් තිබෙන යුගයක ඒ දේවල් කළේ මේ ක්‍ෂේත්‍රයට තියෙන ආසාව නිසාමයි. ඒ වගේම වලස්මුල්ලෙ හෝල් එකත් වාද්දුවේ හෝල් එකත් හොඳටම හැදුවා. ඉතින් ඒවට ගත්තු ණය තවම ගෙවමින් යනවා. ඒ නිසා මේ දවස්වල වෙන දෙයක් ගැන හිතන්නෙ නැහැ.
සිනමා ශාලාවලින් ලාභද?
ආදායම් අන්තිමයි. ඇත්තටම ඉතින් පටන්ගත්තු නිසා කරගෙන යනවා මිසක් ලාභයකට කරනව නෙවෙයි. මිනිස්සු ෆිල්ම් බලන්න හෝල්වලට එන්නෙ නැහැ. පසුගිය කාලේ විජයබා කොල්ලය බලන්න තරමක් සෙනඟ ආවා. අනිත් ඒවට ඉතින් එහෙම නැහැ.
මොකද්ද හේතුව?
සල්ලි නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. කාලා බීලා බිල් ගෙවලා වියදම් කරපුවාම මිනිසුන්ට විනෝදයට වෙන්කරන්න සල්ලි නැහැ. ඒ නිසා සිනමා ශාලා වේළෙනවා. සහරාන්ගෙ ප්‍රහාරයෙන් පස්සෙ ඒක තවත් වැඩි වුණා. මේ වෙද්දි බිස්නස් සේරම වැටිලනෙ තියෙන්නෙ. ඉතින් ඔය විදියට මාස දෙක තුනක් අල්ලාගෙන යනවා. බැරි වුණොත් අතහැරලා දානවා.
ඔබ විශිෂ්ට ගණයේ සිනමා නිෂ්පාදකයෙක්?
ඔව්. මම ‘ඝරසරප’ නිෂ්පාදනය වෙනුවෙන් හොඳම නිෂ්පාදක වුණා. එය ලොකු සතුටක් වුණා. අනෙක් එක සනත් ගුණතිලක චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා හොඳම නිෂ්පාදක වුණාට පසු දෙවැනි වතාවට එම සම්මානය ගන්න නළුවා මං තමයි. ඉතින් ඒ ආස්වාදය තමයි ඉතිරි වුණේ.
‘ඝරසරප’ ආදායම් හොඳයිද?
හොඳයි කියන්නේ යාන්තම් ගාන ෂේප් වුණා. අනූනවයෙන් තමයි ඒකත් බේරා ගත්තෙ. නැත්නම් කටඋත්තරත් නැති වෙනවා. මම දන්න විදියටනම් මේ වෙද්දි කිසිම සිනමා නිෂ්පාදකයෙක් ලාබ ලබන්නේ නැහැ. හැමෝටම සිද්ධවෙලා තියන්නේ පාඩු ලබන්නයි.
ඉදිරියේදී නිෂ්පාදනයට අධ්‍යක්‍ෂණයට එනවද?
අපෝ නැහැ. හිතන්නෙවත් නැහැ. රටේ තියෙන තත්ත්වෙ උඩ චිත්‍රපට නිෂ්පාදනය කරනවා නම් සල්ලිවලට තියෙන ආසාව අතහැරලා කරන්න ඕනෑ. අනෙක සල්ලිවලට කරන්න දෙයක් නැතිව ඉන්න අයට නම් ඒ වැඬේ හොඳයි. ඉස්සර නම් ඩී.වී.ඩී. හරි විකුණා ගත්තා. දැන් ඒකත් බැහැනේ. අනෙක් එක මේ දවස්වල එන චිත්‍රපට තොගය බැලුවමත් පේනවනේ එනවා යනවා, එනවා යනවා. ඒකෙන්ම පේනවනේ පාඩුව කොයිතරම්ද කියලා.
මොකද්ද මේ චිත්‍රපට පාඩු ලබන්න හේතුව?
ගොඩාක් චිත්‍රපට ලාබෙට කරනවා නැත්නම් බාගෙට කරනවා. සමහර ඒවාට හරි ප්‍රචාරයක් නැහැ. ඔය වගේ විවිධ හේතු හින්දා අන්තිමටම වෙන්නේ සිනමාව වැටෙන එක. ඇත්තටම බැලුවොත් පෞද්ගලික අංශ චිත්‍රපට බෙදාහරින නිසා තමයි ඔය ටිකවත් රැඳෙන්නේ. සංස්ථාව ගත්තා නම් ඉතිරි ටිකත් නැතිවෙනවා.
කවුද සිනමාවේ කඩාවැටීමට වගකියන්න ඕනෑ?
කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ. මොකද රටේ ආර්ථිකය වැටෙනකොට සිනමාව නිකම්ම වැටෙනවා. මිනිසුන්ට සල්ලි තිබුණා නම් මිනිස්සු හෝල් එකට ඇවිත් චිත්‍රපට බලනවා. එහෙම සල්ලි නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. හෝල්වල ටිකට් මිලත් මේවට බලපානවා. සමහර හෝල්වල ටිකට් එකක් රුපියල් දාහයි. මං තමයි 3ෘ ෆිල්ම් එකක් බලන්න අනුෂා හෝල් එකෙන් රුපියල් තුන්සීයට ටිකට් එකක් දෙන්නෙ. මම එහෙම කළාට හැමෝම එහෙම හිතන්නේ නැහැ. ඉතින් මිනිසුන්ට හෝල්වලට එන්න බැහැනේ. අද ඉතින් බොක්ස් ටිකට් නැත්නම් සිනමාවත් නැහැ.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

පිම්මේ යන බඩු මිල පහළ දාන්න වාසු‌ගෙන් ‌ෆේස්බුක් විසදුමක්

Next Post

ලග්නාධිපති භාව දොළහෙදි දෙන දේවල්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.