• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රෝග රැසකට ගුණදෙන මුතු

December 12, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රෝග රැසකට ගුණදෙන මුතු
Share on WhatsAppShare on Facebook

වටිනා සම්පත් ලෙස සැලකෙන මැණික්වලට සමානම අධික වටිනාකමක් ඇති මුතු මුතුබෙල්ලා නැමැති සත්වයාගේ උදරයෙන් ලබා ගන්නා දෙයකි. අද වන විට ස්වභාවිකව වැඩෙන මුතු බෙල්ලන්ගෙන් මෙන්ම කෘත්‍රිම ලෙස මුතු බෙල්ලන් වගා කිරීමෙන්ද මුතු ලබාගනී. එහෙත් වඩාත් ගුණාත්මක වැඩි වටිනාකමක් ඇත්තේ ස්වභාවිකව මුහුදු පත්ලේ වැඩෙන බෙල්ලාගේ මුතුය. ග්‍රහ පවුලෙ මව ලෙස හඳුන්වන සඳු ග්‍රහයාට හිමි මැණික ලෙසද මුතු හඳුන්වයි. එසේම සඳු යනු සිතට අධිපති ග්‍රහයාය. එසේම මුතු පැලඳීමේදී රිදී ලෝහයෙන් සඳු මුදුවකට ඔබ්බවා එය ශරීරයේ ස්පර්ශ වන ලෙස පැලඳිය යුතුය. එසේ පැලඳීමෙන් ස්නායු දුර්වලතා නැති වීම, අංශභාගය වැනි රෝග සුවවීම, උමතු ගති නැතිවී යෑම වැනි රෝග රැසකට ගුණ ලැබේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මුතුවල පවතින බලය පුරුෂ පක්ෂයට වඩා කාන්තා පාර්ශ්වයට ඉතා හොඳින් ලබාගත හැකි වීමයි. කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ඇති දෝෂ මඟහරවා ගැනීමට මුහුණේ ප්‍රසන්න බව වර්ධනයට හා සමාජයේ වෙසෙන මිනිසුන්ගේ ප්‍රසාදයට හා ආකර්ෂණය ලබාගැනීමටද මුතු පැලඳීම ඉවහල් වෙයි. එසේම මුතු පැලඳීමෙන් ලැබෙන සුබපල සඳුගේ මහ දශා, අතුරු දශා විදශා සහ ප්‍රාණ දශා කාල ලබත්ම වැඩි වීම දැකිය හැකියි. එමෙන්ම ජන්ම නැකත, රෙහෙන හත සුවන යන සඳුගේ නැකතට උපන් අයටද මුතුවල සුබපල වැඩිපුර ලැබෙනු ඇත. එහෙත් ආවාට ගියාට මුතු පැලඳීම නොකළ යුතු අතර එය ජ්‍යොතිෂ උපදෙස් මත නිසි ලෙස සිදුකිරීම වැදගත්වේ. එහිදී මුතු මැණිකට අධිපති ග්‍රහයා වන සඳු අදාළ ජන්මියාගේ භාව කේන්දරයේ සිටින ස්ථානය ගැන සලකා බලා මුතු පැලඳීමට නිර්දේශ කළ යුතුය.

සඳු ග්‍රහයා භාව කේන්දරයේ උච්ච ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලයෙන් සිටී නම් හෝ එම සඳු ජන්මියාගේ යෝගකාරක ග්‍රහයා වී නම් මුතු පැලඳීම තුළින් බොහෝ සුබපල අත්කර ගත හැක. එසේම සඳු ග්‍රහයා වෘෂභ, කටක, සිංහ, කන්‍යා වැනි රාශියක වේ නම් ඉහත සඳහන් සියලු සුබපල අඩුවක් නොමැතිව හිමිවනු ඇත. සඳු ග්‍රහයා යෝගකාරක ග්‍රහයා වන වෘශ්චික රාශියේ පිහිටීමද බොහෝ වාසි අත්කර දීමට සමත් වෙන ග්‍රහ පිහිටීමකි.

යම් ලෙසකට සඳු ග්‍රහයා භාව කේන්දරය තුළ අසුබව එනම් සම හෝ භංග නොවන නීචයක හෝ බාධක ග්‍රහයා වී හෝ 22 දෙර්කාණාධිපති වී හෝ 64 නවාංශකාධිපති වී සිටී නම් කිසි විට මුතු පැලඳීම නොකළ යුතුය. එනම් භාව කේන්දරය තුළ සඳු ග්‍රහයා වෘශ්චික, මේෂ, තුලා, ධනු, මකර, කුම්භ හෝ මීන යන රාශියක වේ නම් මුතු පැලඳීම නොකළ යුතුය. එහිදී මුතු පැලඳීමෙන් ඒ ඒ ලග්න හිමියන්ට ලැබෙන වාසි සහ ප්‍රතිඵල ගැනද සලකා බැලීම වැදගත්වේ.

සඳු ග්‍රහයා බලවත් මේෂ ලග්න හිමියෙක් මුතු පැලඳීමෙන් ගේදොර දියුණුව ඇතිවී නිවෙස තුළ සතුට, සමගිය වර්ධනය වනු ඇත. ඊට අමතරව ඉඩම් ලාභ, වාහන ලාභ ආදියද හිමිවී ජීවිත මට්ටම උසස් වේ.

වෘෂභ ලග්න හිමියන් මුතු පැලඳීමෙන් ඔවුන් සතුව තිබූ කුසලතා සහ දක්ෂතා වර්ධනය වන අතර එයින් දියුණුව සහ ප්‍රසිද්ධියටද පත්වෙයි. සහෝදර බැඳීමද වර්ධනය වෙයි.

මිථුන ලග්න හිමියන් මුතු පැලඳීමෙන් ආර්ථික දියුණුව අත්වේ. හදිසි ධන ලාභ ඇතිවී ජන්මියාට ඉහළ තත්ත්වයක් ඇතිවේ. මුහුණේ ප්‍රසන්නභාවය වැඩිවී සමාජයේ ජනප්‍රිය අයකු බවට පත්වේ.
කටක ලග්න හිමියන් මුතු පැලඳීමෙන් පෞරුෂය වර්ධනය වී ආත්ම ශක්තිය වැඩිදියුණු වේ. එසේම ජීවිතයේ විවිධ ලැබීම්වලට හේතු ගෙනදේ.

සිංහ ලග්න හිමියන්ට මුතු පැලඳීම තුළින් සංචාරක කර්මාන්තයේ නියුතු අයට සහ ප්‍රවාහන කටයුතු කරන අයට ඉහළ සුබපල අත්වේ. එසේම විදේශ රැකියා කරන සිංහ ලග්න හිමියන්ටද විශේෂ වාසි අත්වේ. යුග දිවියටද සුබ වනු ඇත.

කන්‍යා ලග්න හිමියන්ට මුතු පැලඳීමෙන් ඉපැයීම් වර්ධනය වී ජීවිතයේ සතුට සෞභාග්‍යය උදාවනු ඇත. ආර්ථිකයේ සහ අනෙකුත් කටයුතුවල ප්‍රබෝධයක් අත්වනු ඇත.

තුලා ලග්න හිමියන්ට මුතු පැලඳීමෙන් ඉපැයීම් වර්ධනය වී රැකියාවේ, ව්‍යාපාරයේ දියුණුව ඇතිවෙන අතර උසස්වීම්, තාන්න මාන්න ලැබීමටද හේතු යෙදේ.

වෘශ්චික ලග්න හිමියන් මුතු පැලඳීමෙන් පෙර පින මතුවී ජීවිතය වාසනාවන්ත කරයි. සිතුම් පැතුම් ඉටුවී සිතේ සතුට වර්ධනය වෙයි.

ධනු ලග්න හිමියන්ට මුතු පැලඳීමෙන් අනතුරු මාරකවලින් මිදීමට භාග්‍ය උදාවනු ඇත. එහෙත් ධනු ලග්න හිමියන් මුතු පැලඳීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. මන්ද සඳුගේ සුළු හෝ දුබලතාවයක් තිබුණොත් ඔවුන්ට තදබල ලෙස අපල ගෙනදිය හැකි බැවිනි.

මකර ලග්න හිමියන් මුතු පැලඳීමෙන් විවාහ ජීවිතයේ සතුට සෞභාග්‍යය උදාවීමත් අවිවාහක අයට විවාහ සාර්ථක වීමත් සිදුවේ. දරුපල නොමැති අයට දරුපල ඉක්මන් කරයි.

කුම්භ ලග්න හිමියන්ට මුතු පැලඳීමෙන් සතුරු කරදර, ලෙඩ රෝගවලින් මිදී සතුටින් වාසනාවන්ත ලෙස ජීවත් වීමට අවස්ථාව උදාවේ.

මීන ලග්න හිමියන්ට මුතු පැලඳීමෙන් ඉගෙනීමේ කටයුතු දියුණු වේ. ධාරණ ශක්තිය වැඩිවී විභාගවලින් පහසු ජයක් ලබාදෙනු ඇත.
ජ්‍යොතිෂවේදී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

තව ටික දවසකින් මම තාත්තා කෙනෙක්

Next Post

දැන් අපිට අවුරුදු හතරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.