• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රටක් එකතු වෙන අලුත් අවුරුදු නැකැත් රහස්

April 11, 2021
in Astrology
Reading Time: 1 min read
A A
රටක් එකතු වෙන අලුත් අවුරුදු නැකැත් රහස්
Share on WhatsAppShare on Facebook

අලුත් තීන්ත සුවඳ විසිරෙන ජනෙල් පියන් අතරින් උදෑසන හිරු කිරණ ගෙට එන්නේ පිච්චමල්, සුවඳකුත් අරගෙනමය. අලුතින් ගෑ තීන්ත පලුදු වේ යැයි බයෙන් මෙන් ගැමි ගෙවල්වල ගෙවිලියන් සීරුවට දොර හරින්නේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද ගෙවී යන තෙක් සියල්ල නැවුම්ව තබා ගන්නට ආසාවෙනි. උදෑසනින් පිච්ච මල් සුවඳ රැගෙන එන සුළඟ හෙමිහිට වෙනස් වෙන්නේ පරිසරයේ ඇති සියල්ලට සමතැන් දෙන්නට මෙනි. සෙමෙන් දහවල උදාවෙද්දී කුරුලු කිචිබිචිය අතරින් නැවුම් කජු පුහුලන්වල සුවඳත්, අඹ, ජම්බු, අන්නාසි, පේර සුවඳත් සුළං රැලි හා මුසු වන්නේ අලුත් අවුරුද්දේ නැවුම් බව හදවත් තුළ පුරවාලමිනි. මේ කාලයට පාසල් නිවාඩුවෙන් නිදහස ලත් පුංචි පැටවුන් රංචු ගැසී ගම්පියස පුරා දුව පැන ඇවිදිනු පෙනෙන්නේය. විටින් විට ඇසෙන රතිඤ්ඤා හඬ දවසින් දවස වැඩි වන්නේ ළඟ ළඟ සිංහල අලුත් අවුරුදු එනවා යැයි ඉඟිකරමිනි. අතීතයේ නම් අම්මලා, තාත්තලා දරු මුණුපුරු, මිණිපිරියන් පිරිවරාගෙන පත්තිනි මෑණියන්ට දානයක් දී ආශිර්වාද ලබාගන්නේ අවුරුදු උදාවටත් පෙරමය. එදා අම්මලා, තාත්තලා හිරුටත්, සඳුටත්, මවට, පියාට මෙන් සැලකූහ. එනිසාම අවුරුදු යනු හිරු දෙවියන් සහ සඳු දෙවියන් පිදීම සඳහාම වෙන්කරගත් මහා මංගල්‍යයක් ලෙස ඔවුහු සැලකූහ.

අවුරුදු උදාවේ නැවුම් බව සනිටුහන් කරමින් නව සඳ බැලීමේ දිනය උදාවන්නේ පැරැන්නන්ගේ හදවත් තුළ දහසක් පැතුම් පුරවාලමිනි. උදෑසන සිට පරිසරය පුරා විසිරුණු සුවඳ වෙනස් කරමින් රාත්‍රියට පිපෙන මල් සුවඳට ඉඩ දෙමින් හිරු කුමරු සැඟවී යන්නේ ඒ හෝරාවේය. හිරු පියා නික්ම යනතුරු බලා සිටි සඳ මව්, හෙමිහිට අහසට නැඟෙන්නේ අලුත් සමන්පිච්ච පොහොට්ටු ඉහිරවමිනි. සේපාලිකා පොහොට්ටු ඇහැරවමිනි. අතීතයේ නම් මේ දවසට ගැමියන් ඉතා අවධානයෙන් සවන් දීගෙන අහස දෙස බලා ඉන්නේ නව සඳ දුටු පළමු වැන්නාගේ හූ හඬ ඇසෙනා තෙක්ය. එතැන් පටන් සියලු දෙනා එක්සිත්ව එකාමෙන් නව සඳ බලන්නට එක්වූහ.
අවුරුද්දට නව සඳ බලා වතුර වීදුරුවක් පානය කර පොල් සමඟ පැණි හකුරු කෑමේ සිරිතක්ද තිබුණු බව පැරැන්නෝ අදත් සිහිපත් කරන්නේ හදතුළ පුරවාගත් සතුටිනි.

සූර්යයා රාශිචක්‍රය වටා රවුමක් ගොස් මීන රාශියෙන් මේෂ රාශියට යන්නේ පෙර සිදුවූ සියල්ල අමතක කරමින් නවගමනක් ආරම්භයට සූදානමිනි. එම නැවුම් කටයුත්ත සිහිපත් කරමින් ඊට අනුගත වෙමින් පරණ අවුරුද්දට ස්නානය කිරීම අවුරුදු චාරිත්‍ර හා බැඳුණු තවත් වැදගත් චාරිත්‍රයකි. ගත, සිත, කය පිරිසුදුකර ගැනීම මෙයින් සිදුවන හෙයින් වසර පුරා නිරෝගීභාවය රැක ගැනීම මෙයින් අපේක්‍ෂා කරයි. එදා සිටම මේ සඳහා පැවැත එන චාරිත්‍ර ක්‍රමවේදයක් වෙයි.
සතියේ දින හතට ග්‍රහයන්ට හිමි වෘක්ෂයන් වේ. ඒ ඒ වෘක්‍ෂයන්හි යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කළ යුතුව ඇත. ස්නානය කරන දින සඳුදට මල් දිවුල් ගසේද, අඟහරුවාදා නම් කොළොන් ගසේ, බදාදා නම් කොහොඹ ගසේ, බ්‍රහස්පතින්දා නම් නුග ගසේ, සිකුරාදා නම් කරඳ ගසේ, සෙනසුරාදා නම් නුග ගසේ, ඉරිදා නම් ඉඹුල් ගසේ යුෂද වශයෙන් දක්වා තිබේ.

මේ අනුව නියමිත දිනයට අදාළ ගස්වල පත්‍ර ගෙන කොටා මිරිකා යුෂ ගතයුතුය. ඖෂධීය කොළ යුෂ (නානු) හිසේ ගා ස්නානය කිරීම හරහා නිරෝගීභාවය, පිරිසුදුභාවය ලැබෙන නිසා මෙය වැදගත් චාරිත්‍රයකි.

මීළඟට යෙදෙන්නේ පුණ්‍ය කාලයයි. මෙයටත් විශේෂත්වයක් ලබාදී ඇත. සූර්යය සංක්‍රාන්තියට පෙර ඔරලෝසු පැය 6යි, මිනිත්තු 24ක්ද, පසුව ඔරලෝසු පැය 6යි මිනිත්තු 24ක්ද වශයෙන් සම්පූර්ණ ඔරලෝසු පැය 12කුත්, මිනිත්තු 48ක් පවතී. මෙය ‘නොනගතය’ හෙවත් නැකැත් නොමැති කාලය ලෙසද හඳුන්වයි. මෙම කාලය තුළ සිංහල, දෙමළ ජනතාව එක්ව තම පවුලේ සියලුදෙනාම එකතුව විහාරස්ථාන කරා ගොස් පින්දහම් කටයුතුවල යෙදෙමින් ආශීර්වාද ලබාගනී.

සුබ නැකැතට ළිපගිනි මෙළවීම හිරු දෙවියන්ට කරන උපහාරයකි. ගිනි මෙළවීම ගෘහණිය විසින් සිදුකරන අතර, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදී සිරිත් පවුලේ ගෘහමූලිකයා වූ පියා මුල්කර ගනිමින් නැකැතට සිදුකරයි. පවුලේ කවුරුත් පියාගෙන් කිරිබත් කෑල්ලක් කවාගනී. පවුලේ දරු දැරියන්, වැඩිහිටි මවුපියන්ට, තම මවුපියන්ට බුලත් හුරුලු දී වැඳ ආශීර්වාද ලබාගනී. ඉන්පසුව සිරිතට අනුව වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සිදුකරයි. ගෘහණිය මෙහිදී ප්‍රථමයෙන්ම ළිඳ සමඟ ගනුදෙනු කිරීම සිදුකරයි. වියළි කරුංකා ගෙඩියක්, කැකුළු සහල් ස්වල්පයක්, වියළි මිරිස් කරලක්, අඟුරු කැබැල්ලක්, කාසියක්, කුඩා පොට්ටනියක බැඳ ළිඳට දමා වැඳ කලින් පසුගිය අවුරුද්දේ ගත් වතුර කළයේ වතුර ළිඳට දමා නැවුම් වතුර කළයක් හෝ බෝතලයක් නැවැතත් ඉතා සුරක්‍ෂිතව ඊළඟ අවුරුද්ද දක්වා තබාගනී.

නානු මංගල්‍යය ලෙස හඳුන්වන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද නියම කරගත් එකම දිනයක සියලුදෙනාම එක්ව එකම දිශාවක් බලා එකම නැකැතකින් සිදුකරනු ලබයි. පෙර සිටම මෙම චාරිත්‍රය සිදුකළේ ගමේ විහාරස්ථානයේය. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ අතින් පුරුෂ පක්‍ෂයේ හිසතෙල් ගෑමත්, උපාසක මහතෙකු හෝ ගමේ වෙද මහතකු කාන්තාවන්ගේ හිසතෙල් ගෑමත් සිදුකිරීම සමහර ප්‍රදේශවල තවමත් පවතින චාරිත්‍රයකි. මෙම චාරිත්‍රයෙන්ද අපේක්‍ෂා කරන්නේ උතුම්ම සම්පත වූ නිරෝගීභාවයද, දීර්ඝායුෂ ලබා ගැනීමයි. මෙහිදී ද ඖෂධීය ගුණයෙන් යුත් ශාකවල යුෂ ගෙන නානු තනා තෙල් හා මිශ්‍ර කර ගෑම සිදුකරයි. හිසටත්, පයටත් ශාක පත්‍රයන් තබමින් තෙල් ගෑම සිදුකරයි.

ඉරිදා දිනයකදී හිසට ඉඹුල්පත්ද, පයට නුගපත්ද, සඳුදා දිනයකදී හිසට දිඹුල්පත්ද පයට ඉඹුල් පත්ද, අඟහරුවාදා දිනයේදී හිසට කොලොන් පත්ද, පයට දිඹුල් පත්ද, බදාදාට හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද, බ්‍රහස්පතින්දාට හිසට බෝ පත්ද, පයට කොහොඹ පත්ද, සිකුරාදා නම් හිසට මඟුල් කරඳද, පයට බෝපත්ද, සෙනසුරාදා නම් හිසට නුගපත්ද, පයට මඟුල් කරඳ පත්ද තබා තෙල් ගා ස්නානය කිරීම සිදුකෙරේ.

ඖෂධීය නානු හා තෙල් මෙසේ සකසාගන්න
ගොරෝචන, ඊතණ, බෙලිමුල්, වෙනිවැල්ගැට, කලාඳුරු අල, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්ති, කුංකුමප්පු, සස්සඳ මුල්, නස්නාරන් මුල්, ඉරිවේරිය, නෙලුම් දඬු, ගොඩමානෙල් අල, සැවැන්දරා මුල් සමව ගෙන කොටා නානු සකසා ගන්න.
තෙල් මෙසේ සාදාගන්න
තලතෙල්, අබතෙල්, මීතෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් මිශ්‍ර පස්තෙල් තෙල් ගෑමට යොදාගනී.
ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජ්‍යොතිෂ්‍යවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?

Next Post

සිඳූ ඉවර වෙන්නෙ නැහැ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.