• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සිඳූ ඉවර වෙන්නෙ නැහැ

April 11, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සිඳූ ඉවර වෙන්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ හැබැයි ඇදගෙන යන්නෙත් නැහැ…

⬤ ඉල්ලුමට සැපයුමයි අපි කරන්නෙ…

ජනප්‍රිය තලයේ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් ප්‍රේක්‍ෂක ජනතාවට නැවුම් රසවින්දනයක් ගෙන ඒමට හැකි වුණු නිර්මාණ අධ්‍යක්‍ෂවේදියෙකු ලෙසට තිළිණ බොරලැස්ස හඳුන්වන්නට පුළුවන්. 2017 – 2018 ස්ලිම් සම්මාන එකපිටම ජනප්‍රියතම ටෙලිනාට්‍ය ලෙස ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ නිර්මාණවේදියා ලෙසට ඔහුට හිමිවුණා. වසර පහක පමණ කාලයක් පුරා ඔබ රසවිඳි ‘සිඳූ’ ටෙලිනාට්‍යයට හෙට දිනයේ අත්වන ඉරණම හිතාගත නොහැකිය. මොකද මේ වන විට එම ටෙලිනාට්‍යයේ ප්‍රධාන ළමා චරිතය ‘සිඳූ’ එම නාට්‍යයෙන් ඉවත්වී ඇත. ඒ වගේම දඟකාර කොලුගැටයා ‘චුට්ටේ’ද එම තීරණය ගෙන ඇත. ඉතින් ‘සිඳූ’ ළඟදි අවසන් වේවිද කියා ඔහු සමඟ කෙටි කතාබහකට අප යොමු වුණා.

🔴 අප කැමැතියි කෙළින්ම දැනගන්න ඔබගේ ‘සිඳූ’ ටෙලිනාට්‍යයට මොකද මේ වෙන්නේ?
කිසිම දෙයක් වෙලා නැහැ. තවම ‘සිඳූ’ ටෙලිනාට්‍යයට පෙරටත් වඩා ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙමින් ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මොන බාධක, කම්කටොලු ආවත් අපේ ‘සිඳූ’ කණ්ඩායම අපට උපරිම සහාය ලබා දෙනවා. එයට මාගේ හදපිරි ස්තුතියි. ඒ සියලුම දෙනාගෙන් ලැබුණු දහදිය, කඳුළුවල ශක්තිය තමා අද කිරුළක් විදියට ‘සිඳූ’ තියෙන්නේ.
🔴 කල වේලාවන් වෙනස්වීම මෙයට බලපෑමක් ඇති වෙන්නට ඇති නේද?
දැන් ‘සිඳූ’ විකාශය වෙන්නේ හවස 6.30ට. එහෙම වුණා කියලා කිසිම බලපෑමක් ආවේ නැහැ. බලන ප්‍රේක්‍ෂක ප්‍රමාණය තවත් වැඩි වුණා.
🔴 ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ඉවත් වීම මෙම නාට්‍යයේ අවසානයද?
සිඳූ, චුට්ටේ ‘සිඳූ’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තිබෙන නිසා. මොකද ඒ දරුවන් දැන් ලොකුයි. එහෙම වුණා කියලා ‘සිඳූ’ අවසානයක් වෙන්නේ නැහැ. තව කොටස් කිහිපයක් විකාශය වෙලා ‘සිඳූ’ අවසානයක් දකීවි.
🔴 ‘සිඳූ’ මෙයට කලින් නතර කළානම් හොඳයි කියලා හිතුණේ නැද්ද?
එහෙම වුණා නම් හොඳයි. ඒත් ‘සිඳූ’ට තිබුණු ඉල්ලුමත් එක්ක කොහොමද අපි ඒක කරන්නේ. ඊට පස්සේ දෝෂාරෝපණය නඟයි ප්‍රේක්‍ෂකයෝ. හොඳ නාට්‍ය අතරමග නතර කරනවා කියලා. ඉතින් මේ නිර්මාණයට තිබුණු ඉල්ලුමත් එක්ක අවුරුදු පහක් විතර කරගෙන ආවා. ඒත් ‘සිඳූ බලපු කෙනෙක් තවම ‘සිඳූ’ නැරැඹීම අත්හැරලා නැහැ.
🔴 මෙවැන දීර්ඝ ටෙලිනාට්‍යයක් නැවැත විකාශවෙයිද ඔබේ අතින්?
මලී, අත්තම්මා-1, අත්තම්මා-2, ‘සිඳූ’ ඇදගෙන යෑමට බලාපොරොත්තුවක් නැහැ. හැබැයි කාගෙවත් නෙත නොගැටුණු යෞවනත්වයෙන් පිරිපුන් ආදර කතාවක් මගේ අතින් නිර්මාණය වෙයි. මම හිතනවා එයත් ‘සිඳූ’ වගේ මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාව ආදරයෙන් වැලඳගනියි කියලා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රටක් එකතු වෙන අලුත් අවුරුදු නැකැත් රහස්

Next Post

දකුණු ඉන්දියානු ගැම්මට එන රිතික්ගේ සුපිරි වැඩ කෑල්ල

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.