යුගදිවියකට පා තබන්නේ ඉතාම සතුටින්, ආදරයෙන්, සොම්නසින්, ළෙන්ගතුව එක වහලක් යට ජීවත් වීමටය. දෙදෙනාම ගේ කුරුලු ජෝඩුවක් සේ එකිනෙකා ආදරයෙන් වෙළී සාමයෙන් බැඳී ජීවත් වීමට ඇත්නම් එතැන සුරලොවකි.
මෙවන් දිව්‍යමය සැපතක් හිමිවී යුගදිවියක් ගෙවන්නේ අද කීයෙන් කීදෙනාද? මේ වන විට සිදුවන විවාහ 80%කටත් වඩා බිඳ වැටී ඇති බැව් ඇත්තකි. සතියෙන්, මාසයෙන්, වසරකින් හෝ වසර කිහිපයකින් දික්කසාදයට යන බැව් පැහැදිලිය. ඒ නිසා අපි දැන් විමසා බලමු ප්‍රීතිමත් යුගදිවියකට හිමිකම් ඇති කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව හා ග්‍රහ යෝග පිළිබඳව පොරොන්දම් බැලීමටත් එහා ගිය දෙදෙනාගේම කේන්දරවල විවාහය සාර්ථක වේදැයි ග්‍රහ යෝග හරහා විමසා බලමු.
ගුරුගේ ශුක්‍ර 7 වැනි භාව ස්ඵුටයේ උප අධිපතියා වීම සහ 2 හෝ 11 වැන්නේ නිවේදකා වීම හරහා විවාහය සාර්ථක වෙයි. සැපවත් වෙයි.
7 වැන්නේ සිටින ශනි, තුලා නවාංශකයෙහි හෝ කුම්භ නවාංශකයේ සිටීම සුබයි.
7 වැන්නාධිපතියා උච්චව 4 හෝ 10 හෝ ඇත්නම් ඉතාම සාර්ථක යුග දිවියක් ගෙවයි.
පිරිමි කේන්දරයේ 2 වැන්නේ ශුක්‍ර සුබව ඇත්නම් ඔහුගේ පවුල් ජීවිතය සැපවත්ය.
2 වැන්නාධිපතියා සහ 11 වැන්නාධිපතියාත්, එකී ස්ථාන මාරුවී ඇත්නම් වාසනාවන්ත යුගදිවියක් ගෙවයි.
2 වැන්නාධිපතියාද, 11 අධිපතියාද, 10 වැන්නේ නම් සතුටුදායක සාර්ථකම විවාහයකි.
කුජ – ශුක්‍ර යහපත්ව ඇත්නම් ඉක්මන් විවාහයකට මඟපාදයි.
ලග්නයේ ගුරු හෝ ශුක්‍ර හෝ බුධ හෝ තුන්දෙනාම සිටින්නේ නම් විවාහය සැපවත් වෙයි.
කේන්දරයේ රවි – බුධ සිට 5 වැන්නේ ගුරු සිටීම නිසා යුග දිවිය සැපවත් වෙයි. රවි – බුධ 11 වැන්නේ වීමත් සුබයි.
සඳු – ශුක්‍ර බලවත් වූ විට දෙදෙනා අතර ආලය, ආදරය වැඩි වෙයි. යුග දිවිය සැපවත්ය.
7 වැන්නේ ගුරු සිටින කේන්දර හිමියාගේ පවුල් ජීවිතය තුළ කුමන ගැටලු ඇති වුවත් කැඩී නොයන්නේය. ශනිද දුක්කරදර විඳදරාගනී.
සාර්ථක විවාහයට
වෙනත් ග්‍රහ යෝග අති විශාල සංඛ්‍යාවක් ජ්‍යොතිෂයේ දැක්වෙයි. එවැනි සුබවාදී ග්‍රහ යෝග හැසිරීම් රටාව ඇති ස්ත්‍රි – පුරුෂ දෙදෙනකු සමඟ එක්වීමෙන් ගැටලු අඩුව අති සාර්ථක යුග දිවියක් ගෙවීමට වාසනාව පෑදේ. පොරොන්දම් ලකුණුවලටම සීමාවී අද සිදුවන විවාහයන් සමහරක් හෙට වන විට දික්කසාදයට යන වේගයක්, රටාවක් සමාජය තුළ දක්නට ලැබෙන එක්තරා කලාවකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











