• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

October 19, 2019
in Astrology
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 ඔක්තෝබර් 20 ඉරිදා සිට 26 සෙනසුරාදා දක්වා

මේෂ – ව්‍යාපාරික ජයග්‍රහන
ඔබට ව්‍යාපාරික කටයුත්තකින් ලාභයක් අත්වන අතර, ලග්නාධිපති කුජ 6 වැන්නේද, සඳු 3, 4,5, 6 භාව හරහාද ගමන්ගනී. වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තමන්ගේ බලාපොරොත්තුව ඉටු වෙයි. රාජකාරි ස්ථානයේ තිබුණු බාධාවක් ඉවත්වී සිතට සතුට ඇතිවෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට වෙනස්කම් කිහිපයක්ම සිදුකරන්නට අවශ්‍යතාව පැනනඟී. සෙම් රෝග, උණ රෝග ආදිය ඇතිවිය හැකිය. සති අන්තයේදී කෙටි ගමන් කිහිපයක්ම යෙදේ. ප්‍රීතිමත් උත්සවයකට සහභාගි වීමට අවස්ථාව උදාවෙයි.
ජය අංකය : 6, ජය වර්ණය : දුඹුරු පාට

වෘෂභ – නිරෝගී සුවය
සඳු 2, 3, 4, 5 භාව හරහාද, ලග්නාධිපති සිකුරු 6 වැන්නේද ගමන් ගනිමින් ගෙවීයන මේ සතිය තුළදී මෙතෙක් පැවති අසනීප සුව වී නිරෝගීව සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව සැලසෙයි. දුරදිග නොබලා ගන්නා තීරණයන් නිසා පාඩුවක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. හදිසි අනතුරු සිදුවීමට ඉඩ ඇති බැවින් ගමනාගමනයේදීත්, ආයුධ, යන්ත්‍ර-සූත්‍ර පරිහරණයේදීත් විශේෂයෙන් ප්‍රවේශම් වියයුතු කාලයකි. සති අන්තයේදී දුරබැහැර ගමනක් යෙදේ.
ජය අංකය : 2, ජය වර්ණය : කහ පාට

මිථුන – වැඩිදියුණුවක්
රැකියා, ව්‍යාපාර කටයුතුවල වැඩිදියුණුවක් පෙනෙන්නට තිබෙන අතර, ලග්නාධිපති බුධ 5, 6 භාව ස්ථාන හරහාද, සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන්ගනී. මොළය වෙහෙසවා කරන කටයුත්තක් සාර්ථක වීමෙන් ඔබ අතට මුදලක් ලැබේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතී. උසස් පුද්ගලයන්ගේ ප්‍රශංසාවට ලක්වන ලෙස කටයුතු කරන බවක් පෙනේ. බාධක අවහිර පැනනැඟුනද ඒවා ජයගෙන ඉදිරියට යන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ දැක සතුටු වීමට ඉඩ ලැබේ.
ජය අංකය : 1, ජය වර්ණය : කොළ පාට

කටක – නීතිමය ප්‍රශ්න
අනුමානයට කරන ලද වැඩක් වැරදී යෑමෙන් නීතිමය ප්‍රශ්න පවා ඇති විය හැකි බැවින් දුරදිග බලා කටයුතු කරන්න. ලග්නාධිපති සඳු 12, 1, 2, 3 යන භාව හරහා ගමන්ගනී. සතුරු කරදරයක් නිසා අසහනයට පත්වෙයි. බලාපොරොත්තු කිහිපයක්ම එකවර සිත තුළ ඇති වුවද ඒවා ඉටුකර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට අපහසු වෙයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් ඉල්ලූවිටදී එය ඉටු නොවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කටක ලග්න හිමියන්ට මතක ශක්තිය වැඩි වීමෙන් ඉගෙනීම් කටයුතු පහසුවෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : සුදු පාට

සිංහ – ධන ලාභ
ලග්නාධිපති රවි 3 වැන්නේද, සඳු 11, 12, 1, 2 භාව හරහාද ගමන් ගන්නා අතර, ඔබගේ අතමිට මුදල් ගැවසීම යහපත් වෙයි. හදිසි ධන ලාභයකටද ඉඩ ඇති බැවින්, ලොතරැයි මිලදී ගැනීමට සුදුසුය. ශරීර සෞඛ්‍යය යහපත්ව පවතින අතර, සැප සේ කාලය ගෙවී යයි. ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින සිංහ ලග්න හිමියන්ට විශේෂ ලාභ අත්වන සතියකි. සතුරු කරදරයක් ඉවත්ව යයි. අවිවාහක අයට මංගල යෝග උදාවන කාලයකි.
ජය අංකය : 3, ජය වර්ණය : රතු පාට

කන්‍යා – අසල්වැසියෙක් අමනාප වෙයි
සඳු 10, 11, 12, 1 භාව හරහාද, ලග්නාධිපති බුධ 2, 3 භාව හරහාද ගමන් ගන්නා අතර, දුරදිග නොබලා කරන කතාබහක් නිසා ඔබට ඉතා සමීපව සිටි අසල්වැසියකු ඔබගෙන් දුරස් වීමට ඉඩ ඇත. ගෙදර-දොර සාමය සතුට අඩුවන කාලයකි. දුක්, කණගාටු, සිත්තැවුල් නිතර ඇතිවෙයි. රැකියා ස්ථානයේ හෝ පදිංචි ස්ථානයේ වෙනසක් සිදුකිරීමට සැලසුම් කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට ජයග්‍රහණ අත්වන කාලයකි. සහෝදරයකුගේ දියුණුවක් දැක සතුටට පත්වෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : දම් පාට

තුලා – සැපපහසුකම්
නොඅඩුව සැපපහසුකම් ලැබෙන සතියක් වන අතර, ලග්නාධිපති සිකුරු ලග්න භාවයේමද, සඳු 9, 10, 11, 12 භාව හරහාද ගමන් ගනී. විවිධ ක්‍රමවලින් ඔබගේ අතට මුදල් ලැබෙන කාලයකි. අලුත් ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට සැලසුම් කරයි. හිතවතුන් සමඟ විනෝද ගමනක් යෑමටද අවස්ථාව සැලසෙයි. ලිපි, ලේඛන කටයුතුවල යෙදී සිටින තුලා ලග්න හිමියන්ට ප්‍රසිද්ධිය හා ගෞරවය අත්වෙයි. උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හොඳ කාලයකි. ශරීර සෞඛ්‍යය යහපත්ය.
ජය අංකය : 1, ජය වර්ණය : රතු පාට

වෘශ්චික – ගරු සැලකිලි
ඔබට ගරු සැලකිලි, නම්බුනාම ලැබෙන සතියක් වන අතර, ලග්නාධිපති කුජ අයස්ථානය වන 11 වැන්නේද, සඳු 8, 9, 10, 11 භාව හරහාද ගමන්ගනී. දරුඵල බලාපොරොත්තුවෙන් සිටි වෘශ්චික ලග්න හිමියන්ට එම අදහස ඉටුවන කාලයකි. හවුල්ව තිබුණු දේපොළක් හෝ ව්‍යාපාරයක් නිරවුල් කරගෙන තමන්ගේ අයිතිය තහවුරුකර ගැනීමට අවස්ථාව සැලසෙයි. ශරීරය වෙහෙසා කරන බර වැඩක් කිරීමට සිදුවෙයි. විදේශයක සිට පැමිණෙන මිත්‍රයකු සමඟ කෙටි ගමන් කිහිපයක යෙදීමට ඔබට සති අන්තයේදී සිදුවෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : රෝස පාට

ධනු – අලාභහානි
ලග්නාධිපති ගුරු වැයස්ථානය වන 12 වැන්නේද, සඳු 7, 8, 9, 10 භාව හරහාද ගමන් ගන්නා මේ සතිය තුළදී ඔබට නොයෙකුත් අලාභහානි සිදුවීමට නියමිතය. ව්‍යාපාරික කටයුතුවලින් පාඩු සිදුවෙයි. රැකියා ස්ථානයේ සමීපව ඇසුරු කළ අය අමනාප වීමෙන් වැඩ කිරීමට අපහසු වන වටාපිටාවක් ගොඩනැඟේ. ඥාතියකුට සිදුවන විපතක් වෙනුවෙන් කාලය ගතකිරීමටත්, මුදල් වියදම් කිරීමටත් සිදුවෙයි. ශරීරයට වෙහෙසකර බවක් සහ ශාරීරික වේදනා ඇතිවීමටත්, තරමක උදාසීන බවකින් කටයුතු කිරීමට සිදුවිය හැකිය.
ජය අංකය : 3, ජය වර්ණය : කහ පාට

මකර – ස්ථාන වෙනසක්
ලග්නාධිපති ශනි 12 වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන්ගනී. පදිංචි ස්ථානයේ, රැකියාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ වෙනසක් සිදුකිරීමට සිතුවිලි පහළ වෙයි. අදහස් කරන කටයුතුවලට සෑම අතකින්ම බාධක, කරදර එල්ල වෙයි. වැඩිහිටියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වැටීම්, සීරීම්, කැඩුම්-බිඳුම් ආදය ඇතිවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට වගබලාගන්න. නොකළ වැරදිවලට බොරු චෝදනා අසන්නටත්, දැන දැනම නිෂ්ඵල දෙයට වියදම් කරන්නටත් සිදුවන කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ගැන සතුටු වීමට අවස්ථාව ලැබේ.
ජය අංකය : 7, ජය වර්ණය : දුඹුරු පාට

කුම්භ – සහෝදරයකුට අසනීපයක්
සඳු 5, 6, 7, 8 භාව හරහාද, ලග්නාධිපති ශනි 11 වැන්නේද ගමන් ගනී. මේ සතිය තුළදී ඔබට සහෝදරයකුගේ අසනීපයක් නිසා දුකට පත්වීමට සිදුවෙයි. කාර්යබහුල කාලයක් වන අතර, නිකරුණේ තමන් අත තිබූ මුදලක් නාස්ති වී යයි. ශරීරයට දුර්වල ගතියක් දැනෙන අතර, කලට, වේලාවට වැඩකටයුතු නිමකර ගැනීමට නොහැකි වෙයි. අගෞරව ලැබෙන කාලයකි. විදෙස්ගතව සිටි ඥාතියකුගේ පැමිණීමක් නිසා තරමක සතුටක් ඇති වෙයි. ඉගෙනීම් කටයුතුවල යෙදෙන කුම්භ ලග්න හිමියන්ට යහපත් කාලයකි. සති අන්තයේ වන්දනා ගමනකට සහභාගි වෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : නිල් පාට

මීන – ආදර බන්ධන
අඹු-සැමි සුහදතාව වර්ධනය වන අතර, අවිවාහක මීන ලග්න හිමියන්ට ආදර බන්ධන ඇති වන කාලයකි. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානය වන 9 වැන්නේද, සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන්ගනී. රාජකාරි ස්ථානයේද, ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමඟද සුහදතාවය වර්ධනය වන ලෙස කටයුතු සිදුවන කාලයකි. ආදායම් තත්ත්වය යහපත්ව, සතුටින් කාලය ගතවෙයි. උෂ්ණාධික රෝග මතුවිය හැකි බැවින් ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. ආගමට-දහමට විශේෂ ළැදිකමක් දක්වන සතියකි.
ජය අංකය : 4, ජය වර්ණය : ලා නිල් පාට

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු, අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

රජකම් කළත් කළ කම් පල ‌දෙනවාලූ (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දසමහ යෝධයන්ගේ හෙළි නොවූ රහස්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.