• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දසමහ යෝධයන්ගේ හෙළි නොවූ රහස්

October 19, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දසමහ යෝධයන්ගේ හෙළි නොවූ රහස්
Share on WhatsAppShare on Facebook

ඇත්තටම දුටුගැමුණු රජතුමා ගැන කියලා කතාව පටන් ගත්තට අපි දැන් කියන්න යන්නේ රජුට හිටපු “දසමහා යෝධයෝ” ගැන. මොකද අපි ඔවුන් ගැන දන්නේ ටිකයි. ඒත් ඔවුන් ගැන කියන්න හුඟාක් දේවල් තියෙනවා. ඔය දසමහා යෝධයෝ අයිති අපේ දුටුගැමුණු රජතුමාට කිව්වට ඇත්තටම ඔවුන් හිටියේ කාවන්තිස්ස රජතුමාගේ සේනාවේ. ඊට පස්සේ තමයි ඔවුන් සියල්ලම එදා දුටුගැමුණු රජතුමාගේ සේනාවට එකතුවෙලා යුද්ධයට ගියේ. කොහොම හරි දුටුගැමුණු රජතුමාට හිටියයි කියන එකොළොස් දහස් එකසිය එකොළහක් වූ යුද සේනාවෙන් කාය ශක්තියෙන් සහ විස්මිත හැකියාවෙන් සම්පූර්ණ දහදෙනෙක් තමයි දසමහා යෝධයෝ වෙලා හිටියේ.

දසමහා යෝධයෝ අතරින් ප්‍රධානතම යෝධයා තමයි “නන්දිමිත්‍ර” කියලා කියන්නේ. ඇත්තටම නන්දිමිත්‍ර කිව්වට ඔහුගේ මුල්ම නම වෙලා තියෙන්නේ “මිත්‍ර” විතරයි. නන්දිමිත්‍ර කියන්නේ එදා කඩරොද කියන ගමේ “මිත්‍ර” කියන සිංහල සේනාධිපතියගේ නැඟණියගේ පුතා. ඒත් “මිත්‍ර” වැඩ කළේ එළාරට කියලයි පොතපතේ තියෙන්නේ. නන්දිමිත්‍ර කියන්නේ පොඩි කාලේ ඉඳන් ලොකු වැඩ කරපු කෙනෙක්. ඔහු පොඩි කාලේ අම්මා ඔහුව ඇඹරුම් ගලක බැඳලා ළඟ හේනට ගිහින් තියෙනවා. ඒත් නන්දිමිත්‍ර කරලා තියෙන්නේ ඒකත් ඇදගෙන හේනට ගියපු එක. ඒක දැකපු අම්මා පස්සේ ඔහුව ළඟ තිබුණු උණ පඳුරක බඳිනවා. ඒත් ඔහු උණ පඳුරත් ගලවනවා. පස්සේ ඔහු තරුණ වයසට එද්දි අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අවට සහ ථූපාරාමය අවට එළාරගේ හමුදාව අපවිත්‍ර කරනවා දැකලා ඔවුන් අල්ලලා කැලෑවටම විසි කළා කියලත් කතාවක් තියෙනවා. කොහොමත් නන්දිමිත්‍ර ඉඳලා තියෙන්නේ එළාර ගැන කෝපයෙන්. අවසානේ ඔහු දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවට එකතු වෙනවා. ජනප්‍රවාදයේ තියෙන විදියට කඩොල් ඇතාව දළ දෙකෙන් අල්ලලා දණගැස්සුවා කියන්නේ මේ නන්දිමිත්‍ර තමයි. ඒත් එක්කම විජිතපුර සටනෙදි එළාරගේ බලකොටුවේ දකුණු වාසල් දොරටුවේ සටන් මෙහෙයවූයෙත් නන්දිමිත්‍ර කියලා කියනවා.

දසමහා යෝධයෝ අතරින් ඊළඟ යෝධයා තමයි “සුරනිමල” යෝධයා. ඔහු ගැන කිව්වොත් සුරනිමලය කියලා කියන්නේ කොටවා ප්‍රදේශයේ කීලවැව කියන ජනපදයේ “සංස” කියන මනුස්සයාගේ පුතා. ඔහුගේ මුල් නම වෙන්නේ “නිමල” විතරයි. ඒත් ඔහුට රා එක්ක තිබුණු අපූරු සම්බන්ධය උඩ “සුරනිමල” කියලා නම හැදෙනවා. දවසක් සුරාසලක තිබුණු සියලුම රා බීලා ඔහු කුලප්පු වුණු අශ්වයෙක් පවා මෙල්ල කරනවා. හැබැයි ඉතින් සුරනිමලට ඇඟපතේ හයිය තිබුණට ඔහු කම්මැලියි. අපේ දුටුගැමුණු රජතුමාගේ සේනාවට එකතුවුණාට පස්සේ ඔහු අපූරු වැඩ පෙන්නනවා. කොහොම හරි විජිතපුර සටනෙදි අටළොස් රියනක් උස පවුරෙන් පැනලා තම කඩුවෙන් සොලීන්ට පහර දෙන්නට තරම් සුරනිමල දක්ෂයෙක් වෙනවා. ඒ වගේම ඔහු ඉතාමත් වේගවත් අශ්වාරෝහකයෙක් කියලත් කියනවා. එළාරගේ හිටියයි කියන “දීඝජන්තු” කියන සෙනෙවියා එක කඩු පහරින් දෙපළු කරලා දැම්මෙත් මේ සුරනිමල තමයි.

එදා කුටුම්බියංගන කියන ග්‍රාමයේ හිටපු කුටුම්බි වසභගේ පුතා තමයි “වේළුසුමන” කියන්නේ. ඔහු එදා ප්‍රසිද්ධ වෙන්නේ කුලප්පු වෙලා හිටපු වෙළඹක් තම රටවැසියන් ඉදිරියේ මෙල්ල කරපු හින්දයි. කොහොම හරි වේළුසුමනට කෙනෙක්ගේ ඇහැට නොපෙනෙන තරම් වේගයෙන් අශ්වයා පදවන්න පුළුවන්. ඒ වගේම දුටුගැමුණු රජතුමා ලැබෙන්න ඉද්දි අපේ විහාර මහා දේවියගේ දොළදුක් සන්සිඳවන්න කටයුතු කළෙත් මේ වේළුසුමන තමයි. ඒ දොළ දුක් වුණේ හැට රියනක් වුණු විශාල මී වදයකින් මී පැණි බීමට ආසාවක් පැමිණීම වගේම එළාරගේ “වේල්දේව” කියන දරුණු යෝධයගේ අසිපතේ ඉඳන් දිය නෑමට ආසාවක් ඇති වීම. පස්සේ ඔහු ඒ දෙකම ඉටුකළා කියලා කියනවා. ඒ කොහොම හරි අවසානේ මේ යෝධයට රජු සෙනෙවි තනතුරක් පවා දෙනවා. එතකොට විජිතපුර සටනේදි බලකොටුවේ නැඟෙනහිර වාසල් දොරටුවේ තනියම සටන් මෙහෙයවීම කළෙත් වේළුසුමන තමයි.

දසමහා යෝධයෝ අතරින් “මහාසෝන” යෝධයා කියන්නෙත් ලොකු වැඩ කරපු යෝධයෙක්. ඔහුගේ මුල් නම වෙන්නේ “සෝන” විතරයි. සෝන එදා මල්වතු මණ්ඩල ප්‍රදේශයේ උතුරු කරවිට සිටි “තිස්ස” කියන ප්‍රභූවරයාගේ බාල පුතා. සෝනගේ විස්මිත වැඩ ගැන කිව්වොත් ඔහු අවුරුදු හයේ හතේ ඉඳන්ම විශාල ගස් ගල් ගලවපු මහා කාය ශක්තියක් සහ හයියක් තිබුණු කෙනෙක්. තරුණ කාලේ ඔහු උස තල් ගස් පවා මුලින් උදුරන්න තරම් ශක්තිවන්තයෙක් වුණා. ඇත්තටම එදා ඔහුට තිබුණේ සාමාන්‍ය මනුස්සයෙක්ට නැති අසීමිත ශක්තියක්. පොතපතේ තියෙන්නේ ඔහු ඇතෙක් වගේ ශක්තිමත් කෙනෙක් කියලා. ඒ වගේම ඔහුට ඉතාමත් වේගයෙන් දුවන්න පනින්නත් හැකියාවක් තිබුණා. ඔය වගේ හේතු හින්දම දුටුගැමුණු රජතුමාගේ සේනාවට ආපු මහාසෝන විජිතපුර සටන තුළදී දැවැන්තම වැඩ කොටසක් කළා කියලා කියනවා.

දසමහා යෝධයෝ අතර හිටපු තවත් අපූරු යෝධයෙක් තමයි “ඛන්ඡදේව” කියන්නේ. ඔහුගේ මුල් නම “දේව” කියලයි සඳහන් වෙන්නේ. ඒත් උපතින්ම ඔහුගේ කකුලේ තිබුණු පොඩි කොරයක් හින්දා පස්සේ කාලයක ඔහුගේ නම “ඛන්ඡදේව” විදිහට ප්‍රසිද්ධ වෙනවා. ඇත්තටම මේ ඛන්ඡදේව කියන්නේ මහේන්ද්‍ර දෝණි ගමේ “අභය” කියන ගැමි නායකයාගේ පුතා. ඒ කතාව එහෙම වෙනකොට ඔහුට උපතින්ම කකුලේ කොරයක් තිබුණත් වේගයෙන් දුවන්න පුළුවන්. ඒක හින්දම ඔහු දඩයමට ආස වෙනවා. ඛන්ඡදේව දඩයම් කරන්නෙත් වෙන අය දඩයම් කරනවා වගේ එහෙම නෙවෙයි. ඔහු හාවුන් මුවන් ගෝනුන් පස්සේ පන්නන් ගිහින් කකුල් හතරෙන් අල්ලලා කරකවලා පොළොවට අතාරිනවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සේනාවට කඩු හරඹ එහෙමත් පුරුදු කළේ ඛන්ඡදේව කියලයි කියන්නේ. ඒ තරමටම ඔහු කඩු ශිල්පයට දක්ෂයි.

දුටුගැමුණු රජතුමාට හිටපු තවත් අපූරු වෙනස්ම යෝධයෙක් තමයි “මහාභරණ” කියන්නේ. ඔහුගේ මුල් නම “භරණ” කියලයි කියන්නේ. භරණ කියන්නේ එදා කප්ප කන්දර ගමේ “කුමාර” කියන ප්‍රභූවරයාගේ පුතා. ඔහු පොඩි කාලේ තමන්ගේ සම වයසේ උන් යාළුවෝ එක්ක රණ්ඩු වෙලා හැමදාම දිනනවා. කොහොම හරි මෙයත් ඛන්ඡදේව වගේ අර වන සත්තු පස්සේ පන්නලා කකුල් හතරෙන් අල්ලලා පොළොවේ ගහන්න තරම් දක්ෂයෙක්. ඒ වගේම ඉතා වේගයෙන් දුවන්නත් භරණට පුළුවන්. එළාර පරාජය කරපු විජිතපුර සටනේදි මනාභරණ සෙන්පතියෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම ඔය සටනේ ලොකූ වැඩ කොටසක් මනාභරණ අතින් වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා.

එදා සිතුල්පව්වේ ගොඩිගමුවේ “උත්පල” කියන ප්‍රභූවරයාගේ පුතා තමයි “ඵුස්සදේව” කියන්නේ. ඒත් එක්කම ඔහුට “උන්මාද ඵුස්සදේව” කියලත් සමහර තැනක කියනවා. ඒත් ඔහුට ඵුස්සදේව කියන නම වැටෙන්නේ ඔහු “පුස” කියන නැකැතකින් ඉපදුණු නිසා කියලයි කියන්නේ. දවසක් යාළුවෝ එක්ක ඔහු ගමේ පන්සලට යනවා. එතැනදි ඔහු පන්සලේ හක්ගෙඩියක් තියෙනවා දැකලා ඒක මහා හයියෙන් පිඹිනවා. ඒක දරාගන්න බැරුව යාළුවෝ කම්පනය උඩ සිහිනැතුව වැටෙනවා. එතකොට ඔය විජිතපුර සටන දුටුගැමුණු රජතුමා දිනපු වෙලාවේ ඔහු මහා හයියෙන් ජයග්‍රාහී ලීලාවෙන් හක්ගෙඩිය පිම්බයි කියලත් කියනවා. ඊට අමතරව මේ ඵුස්සදේව දුනු ශිල්පයේ දක්ෂයෙක්. ඔය දක්ෂකම ගැන කීවොත් ඔහුට වැලි පිරවූ කරත්තයක් පසාරු කරගෙන යන්නත් දිය යටිනුත් තම දුන්නෙන් විදින්න හැකියාවක් තිබිලා තියෙනවා.

දුටුගැමුණු රජතුමාට හිටපු මේ යෝධයෝ අතරින් ඊළඟ යෝධයා තමයි “ලභිය වසභ” කියන්නේ. ඔහු එදා වෙහෙර වෑගම කියන ප්‍රදේශයේ ගැමි නායකයෙක්ගේ පුතෙක්. ලහිය වසභගේ මුල් නම වෙන්නේ “වසභ” විතරයි. පොතපතේ තියෙන විදියට මේ යෝධයා ආරෝහ පරිණාහ දේහයක් තිබුණු ඉතාම කඩවසම් යෝධයෙක්. මෙතැනදි අපි ආරෝහ පරිණාහ කියන්නේ උසට සමාන වූ මහතක් ඔහුට තියෙනවයි කියන එක. ඔන්න ඔය හේතුව උඩයි පස්සේ කාලෙක ඔහුට “ලභිය වසභ” කියලා නම වැටෙන්නේ. ඔහුගේ වැඩ ගත්තොත් දවසකින් ඔහු තනියම වැවක් හදලා තියෙනවා. ඒක “වසභ” වැව කියලා කියනවා. ඊළඟට ඔහු ඒ ළඟින්ම කුඹුරු යායක් තනියම අස්වද්දලා ඒක “වසභෝදකචාර” කියලා නම් කරනවා. කොහොම හරි විජිතපුර සටන තුළදි ලභිය වසභගෙන් ලොකුම වැඩ කොටසක් සිද්ධ වෙලා තියෙනවා.

දසමහා යෝධයෝ අතර “ගෝඨයිම්බර” යෝධයා කියන්නේ තවත් එක යෝධයෙක්. ඔහු තමයි දොළොස් රට ගිරි කියන ජනපදය තුළ නිටුල් පිටගම ප්‍රාදේශීය නායකයා වුණු නාගගේ පුතා. ඔහුගේ මුල් නම “අභය” කියලයි කියන්නේ. කොහොම හරි ඔය ගෝඨයිම්බර කියන්නේ උසින් අඩු ඒත් ශරීරයෙන් මහත හරි අපූරු යෝධයෙක්. සහෝදරයන් හත්දෙනෙක් හිටපු පවුලක “අභය” බාලයා වෙලා හිටපු නිසා ඔහුට පස්සේ කාලේ “ගෝඨයිම්බර” කියලා නම වැටෙනවා. මේ යෝධයා තමන්ගේ සහෝදරයන් දවස් ගානකින් කරන්න හිටපු වැඩක් තනියෙන්ම කරලා තියෙනවා. ඒක තමයි මහා කැලෑවක් හේනක් කරපු එක. ඒ වගේම අර විජිතපුර සටනෙදි තල් ගහක් මුලින් ගළවලා එළාරගේ පිරිසට එළවා එළවා පහර දුන්නා කියන්නෙත් ගෝඨයිම්බර කියන මේ යෝධයා තමයි.

එදා දුටුගැමුණු රජතුමාට හිටපු දසමහා යෝධයෝ අතරින් අවසානම යෝධයා වෙන්නේ “ථේරපුත්තාභය” කියන යෝධයා. ඔහු කොටගලට කිට්ටු දැතිගම කියන ගමේ ප්‍රධානියාගේ පුතා. ඔහුගේ මුල්ම නම වෙන්නේ “අභය” කියලයි කියන්නේ. අභයට පොඩි කාලේ ඉඳන් ලොකු ලොකු ගල් එසවීමට වගේම ඒවායින් දමලා ගහන්න හැකියාවක් තිබුණා. මේක දැකපු ඔහුගේ පියා ඔහුට යගදාවක් හදලා දෙනවා. පස්සේ ඔහු අවුරුදු දාසය වෙනකොට ඔය යගදාවෙන් ගස් ගල්වලට පහර දෙනවා. ඔය අතර ඔහුගේ පියා සසුන්ගත වෙනවා. ඊට පස්සේ තමයි අභයට “තෙරුන්ගේ පුතා” කියන අපූරු අදහසින් “ථේරපුත්තාභය” කියලා නම වැටෙන්නේ. ඒ වගේම විජිතපුර සටන පැරදිලා පලායමින් හිටපු ඔය එළාරගේ සේනාවට පන්නලා ගිහින් යගදාවෙන් පහර දුන්නා කියන්නේ මේ ථේරපුත්තාභය තමයි. යුද්ධෙන් පස්සේ මේ යෝධයා බුදු සසුනට එකතු වුණා කියලත් ජනප්‍රවාදයේ වගේම පොතපතේ සඳහන් වෙනවා.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

Next Post

අඩියෙන් දෙකෙන් වංගෙඩිගලට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.