• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නෙ

February 22, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
මේ සතියේ ඔබට මොකද වෙන්නෙ
Share on WhatsAppShare on Facebook

මේ සතියේ ඔබට මොකද වෙන්නෙ

2020 පෙබරවාරි 23 ඉරිදා සිට 29 සෙනසුරාදා දක්වා

මේෂ – වාසනාවන්ත දවස්
හැම අතින්ම ඔබට ලැබෙන සතුටින් කාලය ගත වන දින කිහිපයක් වන අතර, ලග්නාධිපති කුජ 9 වැන්නේද, සඳු 11, 12, 1 යන භාව හරහාද ගමන් ගනී. ඥාතීන් සහ මිතුරන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙයි. විවාහය ප්‍රමාද වී සිටි මේෂ ලග්න හිමියන්ට මේ කාලය තුළදී මංගල යෝග උදාවෙයි. අලුත් හිතමිතුරන් කිහිප දෙනකුම හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙයි. දරුවන්ගේ අසනීප වෙනුවෙන්ද කාලය ගතකිරීමට සිදුවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : කහ පැහැය

වෘෂභ – බාධක ඉවතට
මෙතෙක් පැවැති කරදර, බාධක මේ සතිය තුළදී බොහෝ දුරට අඩු වන අතර, ලග්නාධිපති සිකුරු 11, 12, භාව හරහාද, සඳු 10, 11, 12 භාව හරහාද ගමන් ගනී. රෙදිපිළි, ඇඳුම්-පැලඳුම් ආදිය මිලදී ගැනීම සඳහා වැඩිපුර මුදලක් වැය කරයි. රැකියා ස්ථානයේ සුහදව කටයුතු කරගෙන යෑමට හැකි පරිසරයක් නිර්මාණය වෙයි. අවිවාහක වෘෂභ ලග්න හිමියන්ට ප්‍රේම සම්බන්ධතා ඇති වන සතියකි. ව්‍යාපාරවලින් වෙනදාට වඩා ලාභ ලබාගත හැකි වෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : කොළ පැහැය

මිථුන – අසනීප ගති
නොයෙකුත් අසනීප මතු වී ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි. ලග්නාධිපති බුධ පුණ්‍යස්ථානය වන 9 වැන්න හරහාද, සඳු 9, 10, 11 භාව හරහාද ගමන් ගනී. දැනට කරගෙන යන කටයුතුවලට ඇති වන බාධක අඩුපාඩු නිසා වැඩකටයුතු නතරකර දැමීමට පවා සිදුවිය හැකිය. නිෂ්ඵල දේට වියදම් කිරීම නිසා නිකරුණේ සෑහෙන මුදලක් අපතේ යයි. හිතවතුන් සහ ඥාතීන් අමනාප වන ආකාරයේ සිදුවීම් ඇති වෙයි. සති අන්තයේදී වෙහෙසකර දුර බැහැර ගමනක් යෑමට සිදුවෙයි.
ජය අංකය : 9, ජය වර්ණය : නිල් පැහැ

කටක – හෘද පීඩාවක්
ලග්නාධිපති සඳු 8, 9, 10 භාව හරහා ගමන් ගනිමින් ගෙවී යන සතියේ ඔබට හෘද රෝගයක් මතුවිය හැකි බැවින් කල්පනාකාරීව සිටින්න. ශරීරයට වෙහෙසකර ගතියක් දැනේ. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ අප්‍රසාදයට හේතු වන කරුණක් ඔබ අතින් සිදුවිය හැකි බැවින් දුරදිග බලා කටයුතු කළ යුතු කාලයකි. ආගමික භක්තිය, ශ්‍රද්ධාව ඇතිව කටයුතු කරන කාලයකි. අතමිට මුදල් ගැවසීම වෙනදාට වඩා අඩු වෙයි. දරුවකුගේ ජයග්‍රහණයක් ගැන සතුටු වීමට අවස්ථාව උදා වෙයි.
ජය අංකය : 9, ජය වර්ණය නිල් පැහැය

සිංහ – පොදු කටයුතු
සඳු 7, 8, 9 භාව හරහාද, ලග්නාධිපති රවි 7 වැන්නේද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට පොදු කටයුතු සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවෙයි. විවාහක අඹු-සැමියන් අතර, මතභේද ඇති වන කාලයකි. බලාපොරොත්තු වූ වැඩ නිමකර ගැනීමට අවශ්‍ය මුදල් නොමැතිකම නිසා නොහැකි වන සතියකි. සෙම් රෝග, උදරාබාධ ආදිය මතු වීමට ඉඩ ඇත. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් නිසා සතුටු වීමට අවස්ථාව උදාවෙයි.
ජය අංකය : 7, ජය වර්ණය : රතු පැහැය

කන්‍යා – කීර්ති ප්‍රශංසා
දිගු කාලයක් ඔබ විසින් කරන ලද යහපත් කටයුත්තක් වෙනුවෙන් කීර්ති, ප්‍රශංසා හිමිවන සතියකි. ලග්නාධිපති බුධ 6 වැන්නේද, සඳු 6, 7, 8 භාව හරහාද ගමන් ගනී. අතමිට මුදල් තත්ත්වය යහපත් වන අතර, ගෙදරට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලට මිලදී ගැනීමට අවස්ථාව උදා වෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කන්‍යා ලග්න හිමියන්ට අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාවන අතර, විභාග සම්මුඛ පරීක්‍ෂණ ආදියෙන් ජය අත්වෙයි.
ජය අංකය : 6, ජය වර්ණය : දම් පැහැය

තුලා – ධන හානියක්
වැඩි ලාභයක් බලාපොරොත්තුවෙන් ඔබ යොදන මුදලක් සම්පූර්ණයෙන්ම අහිමි වීමට ඉඩ ඇති බැවින් ඉතා කල්පනාකාරීව මුදල් යෙදවිය යුතු සතියකි. ලග්නාධිපති සිකුරු 6, 7 භාව හරහාද, සඳු 5, 6, 7 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. විවාහකයාට වැලඳෙන අසනීපයක් වෙනුවෙන් කාලය ගතකිරීමට සිදුවෙයි. සතිය මැදදී නීතිමය ප්‍රශ්නයක් ඇති වුවද එයින් ඔබට අලාභයක් සිදු නොවේ. කලක් අස්ථානගතව තිබුණු භාණ්ඩයක් නැවැත ඔබ අතට පත්වෙයි.
ජය අංකය : 7, ජය වර්ණය : රතු පැහැය

වෘශ්චික – ආගන්තුක සත්කාර
කලකින් හමුනොවුණු ඥාතීන් සහ මිතුරන් ඔබ හමුවට පැමිණීම නිසා ආගන්තුක සත්කාර වැඩියෙන් ඉටු කිරීමට සිදුවන සතියකි. ලග්නාධිපති කුජ දෙවැන්නේද, සඳු 4, 5, 6 භාව හරහා ගමන්ගනී. වාහනයක් මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. තමන්ගේ දියුණුව ගැන අන් අය ඊර්ෂ්‍යා කරන බවක් පෙනෙන්නට තිබේ. අවිවාහක වෘශ්චික ලග්න හිමියන්ට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයකි. නිතර පාවිච්චි කරන භාණ්ඩයක් අස්ථානගත වෙයි.
ජය අංකය : 2, ජය වර්ණය : කහ පැහැය

ධනු – නිරෝගී සුවය
මෙතෙක් පැවැති අසනීපයක් සුව වීමෙන් ඔබට නිරෝගීව සතුටින් කාලය ගතකිරීමට හැකි වන අතර, ලග්නාධිපති ගුරු ලග්න භාවයේමද, සඳු 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් සතිය ගෙවී යයි. ජලයෙන් පීඩා ඇති විය හැකි බැවින් ගංගා, ඇළ, දොළ, මුහුදු ආදියට නොබැසිය යුතුයි. එදිනෙදා කටයුතු නියම වේලාවට නිමකර ගැනීමට නොහැකිව ප්‍රමාද වන බවක් පෙනෙන්නට තිබේ. ගෙදර-දොර අවට පරිසරය පිරිසුදුවටත්, අලංකාරයටත් තබා ගැනීමට විශේෂ උනන්දුවක් දක්වයි.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පැහැය

මකර – විදෙස්ගත වීමක්
සඳු 2, 3, 4 භාව හරහාද, ලග්නාධිපති ශනි ලග්න භාවයේමද ගමන් ගනිමින් ගෙවී යන සතිය තුළදී විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි මකර ලග්න හිමියන්ගේ එම අදහස් ඉටුවන බවක් පෙනේ. පොත්පත් කියැවීමටත්, දැනුම වැඩි දියුණුකර ගැනීමටත් උනන්දු වන සතියකි. අයැදුම් කර තිබුණු ණය මුදලක් අනුමත වෙයි. දේපොළ පිළිබඳව කලක් සිට පැවැති ප්‍රශ්නයක් ඔබට වාසි වන අන්දමට විසඳෙයි. රැකියා කටයුතුවල ව්‍යාපාරික කටයුතුවල වෙනසක් සිදුවීමට ඉඩ තිබේ.
ජය අංකය : 1, ජය වර්ණය : සුදු පැහැය

කුම්භ – වැඩිහිටි උපස්ථාන
වයස්ගත වැඩිහිටි කෙනකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට සිදුවන සතියක් වන අතර, ලග්නාධිපති ශනි වැය ස්ථානය වන 12 වැන්නේද, සඳු 1, 2, 3 භාව හරහාද ගමන්ගනී. ආගම දහම ගැන වැඩිදුර ඉගෙනීමට සිත පෙලඹෙයි. ආදායම් තත්ත්වය පහළ බසින අතර, එදිනෙදා වැඩකටයුතු මුදල් නොමැතිකමින් හරියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වෙයි. විදෙස් ගමනක් පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. ඥාතීන් සමඟ එක්ව පොදු කටයුත්තක් කිරීමට සිදුවෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : රතු පැහැය

මීන – රැකියා ලාභ
ලග්නාධිපති ගුරු 10 වැන්නේද, සඳු 12, 1, 2 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන සතිය තුළදී මෙතෙක් රැකියා බලාපොරොත්තුවෙන් සිටි මීන ලග්න හිමියන්ට රැකියා අවස්ථා උදාවන බවක් පෙනෙන්නට තිබේ. ව්‍යාපාරික කටයුතුවලත් වෙනදාට වඩා ලාභ ලබාගත හැකි කාලයක් බැවින් කල්පනාකාරීව මුදල් යෙදවීමට සුදුසුය. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් යෙදවීමට කරුණු යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පැතීමක් ගැන සිත යොමු වෙයි.
ජය අංකය : 1, ජය වර්ණය : නිල් පැහැය
ජ්‍යොතිෂ විiා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමණී
දේශබන්ධු අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775 489695

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවට ඇමෙරිකාවෙන් සම්මානයක්

Next Post

ඉස්සර එහෙමයි අද ‌මෙහෙමයි කියන කතා: මිනිහා තමයි හදුනාගත ‌නොහැකි සතා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.