• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොම්පෙ 69 ලක්ෂයේ හුළං බැස්සුවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 31, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
පොම්පෙ 69 ලක්ෂයේ හුළං බැස්සුවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවේ සංචාරය කරන්න තීරණය කරන්නේ 2019දීය. 2019 ජුනි මාසයේදී ඔහු ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ලංකාවට ඇවිත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල් සමඟ සාකච්ඡා පවත්වා පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඬේ පල්ලියට යෑමටද සැලැසුම් කරගෙන සිටියේය. එහෙත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලවා ඇමෙරිකාවට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ ඇමෙරිකාව තුෂ්ණිම්භූත කරමිනි. ඒ සමඟම රාජපක්‍ෂවාදී මාධ්‍ය, ඒකාබද්ධ විපක්‍ෂය පොම්පියෝට සහ ඇමෙරිකාවට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරන්නේ හිතාගත නොහැකි ලෙසය.

‘මේ 27 වැනිදා පොම්පියෝ එනවා. එයා එන්නේ මොකටද? ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර ගණනක් වෙන්කර ගන්න එන්නේ. මේ ඇමෙරිකාවයි ඉස්ලාම් අන්තවාදයෙයි වෙනසක් නැහැ. දෙකටම තියෙන්නේ එක න්‍යාය පත්‍රයක්. එයා යනවා ආසියාවේ රටවල් හතරකට. ඒකෙන් එකක් ලංකාව. අනෙක් රටවලට යන එක හිතාගන්න පුළුවන්. ඇයි ඒ සංචාරයට ලංකාව තෝරා ගත්තේ…’ -විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදි

මේ එදා විමල් පොම්පියෝගේ සංචාරය ලංකාව ගිල ගැනීමේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක් ලෙස දුටුව හැටිය.

‘ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ දින 7ක ආසියානු සංචාරයකට එනවා? ඒ සංචාරයේ යන්නේ රටවල් 4යි. එක ඉන්දියාව. ආසියාවේ උපායමාර්ගික සහකරුවා. දෙක ජපානය. තමන්ගේ ඇමෙරිකානු හමුදා කඳවුරු ජපානයේ තියෙන්නේ. තුන දකුණු කොරියාව. ඇමෙරිකානු හමුදා කඳවුරු දකුණු කොරියාවේ තියන නිසා. එතකොට ශ්‍රී ලංකාව. ලංකාවට එන්නේ ඇමෙරිකානු හමුදා කඳවුරු ලංකාවේ තියෙන නිසා නොවේ. කඳවුරු හැදීමට නියමිත නිසා. ඔන්න රටවල් හතර…’ -උදය ගම්මන්පිල පුවත්පත් සාකච්ඡාවකදී.

ඇමෙරිකාව ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවලටත් වඩා රටේ ජනාධිපතිගේ පක්‍ෂයේ විරෝධතාවය නිසා පොම්පියෝගේ සංචාරය අවලංගු කරන්න තීරණය කළේය. එයට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෛත්‍රිපාල පොම්පියෝ එන දවසට වෙනත් රටක සංචාරය කිරීමට සැලසුම් කරමින් සිටි නිසාය.

මේ මෛත්‍රිපාල, රාජපක්‍ෂලා, ඒකාබද්ධ විපක්‍ෂය එක මල්ලේ ලුණු කාපු කාලයය. පොම්පියෝගේ ලංකා සංචාරය අවලංගු කරවන්න මෛත්‍රිපාලව මෙහෙයවූයේ රාජපක්‍ෂලා විය හැකිය. සංචාරය අවලංගු වූ විගස ගෝඨාභයගේ සමීපතම උපදේශකයකු වූ මිලින්ද මොරගොඩ වැඩේට බසින්න ඇත. ඇමෙරිකාවට විරෝධයකින් තොරව ලංකාව සමඟ ගනුදෙනු කිරීමට නම් ගෝඨාභය ලංකාවේ ජනාධිපති විය යුතු බවත්, නිදහසින් පසු ලංකාවේ බය නැතිව විරෝධතාවකින් තොරව ඇමෙරිකාව සමඟ ඇක්සා වැනි ආරක්‍ෂක ගිවිසුමක් ගැහුවේ ගෝඨාභය බවත්, මේ නිසා ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉඩ දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටින්නට ඇත.

මිලින්ද මොරගොඩ-ඇමෙරිකානු රහස් එළියට ආ විකිලීක්ස් කේබල්වල ඇත්තේත් ඇමෙරිකානු නියෝජිත හිතවාදියෙක් ලෙසය. ටැමිල් නෙට් වෙබ් අඩවිය කියන්නේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ඇමෙරිකානු න්‍යාය පත්‍රය ලංකාව තුළ ක්‍රියාත්මක කළ මංගල සමරවීර වෙනුවට ඇමෙරිකාව ආදේශ කරන්න යන්නේ මිලින්ද මොරගොඩ බවය. මිලින්දගේ ගේම වැඩ කරන්න ඇත. මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ ඇමෙරිකාව සමඟ සමීප සබඳතා පැවැත්වූ මංගලගේ පමණක් නොව මෙරට සිවිල් සංවිධාන, ලොව ප්‍රකට මානව හිමිකම් ආයතන, ඇමෙරිකාවේ රාජපක්‍ෂ විරෝධී ඩිමොක්‍රටික් පක්‍ෂ ප්‍රබලයන්ගේ වගේම යුරෝපයේ රටවලත් ඇස් උඩ ඉන්දවමින් ඇමෙරිකාව ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට පහසුකම් සැලසීය. ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීමට බාධා කරමින් ඔහුට එරෙහිව ඇමෙරිකාවේ පවරපු නඩු ඇමෙරිකාව ගණන් ගත්තේ නැත. එපමණක් නොව ජනාධිපතිවරණය ආසන්නයේ ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නැතැයි සජිත්ගේ ප්‍රචාරක කමිටුව හඬනඟද්දී මෙරට ඇමෙරිකානු තානාපතිනිය ගෝඨාභය හිතවාදී දෙරණ නාළිකාවට ප්‍රකාශයක් කරමින් සජිත්ලාගේ කැම්පේන් එක බොරුවක් යැයි කීවාය. ඒ වෙලාවේ ඇමෙරිකාවේ පමණක් නොව ඉන්දියාවේත් හොඳ හිත දිනා ගැනීමට ගෝඨාභය සමත් වූයේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව චීනයට බදු දුන් හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි කරන බවට ගෝඨාභය දුන්න පොරොන්දුවෙන්ය.

ගෝඨාභය ජනාධිපති වූ පසුත් නොවැම්බර් 25දා හම්බන්තොට චීන ගිවිසුම අහෝසි කරන බව විදෙස් මාධ්‍යයට පැවැසුවත් දෙසැම්බර් 20දා විදේශ මාධ්‍යවේදීන් හමුවී පැවැසුවේ හම්බන්තොට වරාය ගිවිසුම අහෝසි නොකරන බවය. ගෝඨාභයගේ මේ ප්‍රකාශයත් සමඟ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආසියාව බාර නියෝජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් ලංකාවට පැමිණ ගෝඨාභය හමුවී ජනාධිපති ට්‍රම්ප්ගේ පණිවුඩයක් දුන්නාය. එහි සඳහන් වූයේ චීනයට එරෙහිව ආසියානු සාගරයේ ඇමෙරිකානු, ඉන්දියානු ඒකාබද්ධ මෙහෙයුම්වලට ලංකාව එක්විය යුතු බවය. මේ ඇලිස් වේල්ස්ම මහින්ද විපක්‍ෂ නායකව සිටියදී 2019 ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකකම ප්‍රකාශයට පත්කරන්න පැය කිහිපයකට කලින් මහින්දව හමුවිය. එහිදී ගෝඨාභය දින්නට පසු ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට එකඟතාවක් ඇති වූ බව වාර්තා විය.

කෙසේ හෝ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ගෝඨාභයගේ හිත වෙනස් වූ පසු ලංකාවට ඇවිත් ට්‍රම්ප්ගේ පණිවුඩයක් ගෝඨාභයට දී වෙල්ස් ඇමෙරිකාවට ගොස් දින කිහිපයකින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු සංචාරක තහනමක් පැනවීය. වෙල්ස් ලංකාවට ආවේ 2020 ජනවාරියේය. හමුදාපතිට තහනම පැනවූයේ පෙබරවාරියේය. හරියටම මාර්තු මාසයේ කොවිඞ් වසංගතය ලංකාවට එන්න ඔන්න මෙන්න කියා තිබියදී ඬේලි නිවුස් පුවත්පතේ අපූරු ප්‍රවෘත්තියක් පළවිය. ඒ ත්‍රිකුණාමලයේදී ලංකාවේ හමුදාව සහ ඇමෙරිකානු හමුදාව ඒකාබද්ධව අභ්‍යාස මෙහෙයුම් පැවැත්වූ බවය. ඒ හරියටම මාර්තු 04 වැනි දිනය. පුහුණුව අවසන් කළ ඇමෙරිකානු හමුදාවට සහතිකපත් දෙන ඡායාරූපයක්ද පළවී තිබුණි.

පොම්පියෝ ලංකාවට එන්නේ එම ලංකා – ඇමෙරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයෙන් මාස 8කට පසුවය. අනෙක ඔහු එන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෝඨාභය විධායක ජනාධිපති බලතල ශක්තිමත් කර ගත්තාට පසුවය. 2010දී මහින්ද රාජපක්‍ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල ශක්තිමත් කරගන්න යද්දි ඇමෙරිකාව එයට එරෙහිව ප්‍රකාශයක් කළේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් පිලිප් ක්‍රොවුලේ 2010 සැප්තැම්බර් 11දා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවය. ස්වාධීන කොමිෂන්වල බලය ජනාධිපතිට පවරා ගැනීම හෙළා දකින බවය.

ගෝඨාගේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇමෙරිකාව එවැනි නිවේදන නිකුත් කළේ නැත. හේතුව ගෝඨාභය ශක්තිමත් වී ඇමෙරිකානු වුවමනාවන් ඉටු කරනු ඇතැයි ඇමෙරිකාව හිතනවාද දන්නේ නැත. පොම්පියෝට එහෙම හිතන්න සාධාරණ හේතු ඇත. 2019 ඔහුට ලංකාවට එන්න බැරි වූයේ මෛත්‍රිගේ, විමල්ගේ, උදයගේ, වාසුගේ විරෝධය නිසාය. පොම්පියෝ පහුගිය සතියේ ලංකාවට එනවිට මෛත්‍රි ගෙදරය. විමල්, උදය සහ වාසු 20ට පක්‍ෂව ඡන්දය දී හිටියේ දේශපාලන දඬුකඳේය. පොම්පියෝ ලංකාව තුළ සිටියදී ඔවුන් කෙළ බිඳක් හෙළුවේ නැත. ඔවුන් හිටියේ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරීය.

‘මම කිව්වා හරිනේ…’

මිලින්ද මොරගොඩ ඇමෙරිකාවට කියනවා විය හැකිය. අද පොම්පියෝ ආවේ සිංහයකු වගේය. විමල්, උදය, වාසු හිටියේ බලුවෙලාය. සමාජ මාධ්‍යවල පළවූයේ මයික් පොම්පියෝ එන විට මයික් පිම්පියෝ හොයන්නවත් නැහැ කියාය. දැන් මිලින්ද යන්නේ ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස් ලෙසය. පොම්පියෝ ලංකාවට ඇවිත් කිසිදු ගිවිසුමක් අස්සන් කළේ නැතැයි විමල්ලා, උදයලා පොම්පියෝ ගියාට පසු ඇඳවල් යටින් එළියට ඇවිත් උජාරු කතා කීවාට පොම්පියෝ ගිවිසුම් අස්සන් කළේ ලංකාවේ නොව ඉන්දියාවේය. පොම්පියෝ ඉන්දියාව සමඟ චීනයට එරෙහිව එක්සත් රාජ්‍ය බෙකා සහ විස්ටා නමින් ගිවිසුම් අස්සන් කළේය. ඒ චීනය ආසියානු සාගරයේ දඟලන්න ආවොත් චීනය මට්ටු කරන්න ඇමෙරිකාව, ජපානය, ඕස්ටේ්‍රලියාව ඉන්දියානු සාගරයට බහින බවට පොරොන්දු වෙමින්ය. ලංකාව ඉන්දියාව සමඟ ගිවිසුමක් තිබේ. ඒ ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි සම්බන්ධයෙන්ය. ඒ කියන්නේ ඒ ගිවිසුම තුළින් රිංගා ගොස් ඉන්දියාවේ නායකත්වයෙන් ත්‍රිකුණාමල වරාය චීනයට එරෙහිව ප්‍රයෝජනයට ගන්න ඇමෙරිකාවට පුළුවන. එහිදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඇමෙරිකාව ප්‍රමුඛ චීන විරෝධී එක්සත් සන්ධානයට වටී.

ජේ. ආර්.ගේ කාලේ ඇමෙරිකාව මේ තෙල් ටැංකි බදු ගන්න ගිහින් ඉන්දියාව ලංකාවේ උතුරේ යුද්ධයක් නිර්මාණය කළේය. ඒ ඉන්දියාව ඇමෙරිකානු විරෝධී කාලයේය. දැන් ඇමෙරිකාව සහ ඉන්දියාව අයියයි, මල්ලියි වගේය. චීනයෙන් යුද තර්ජනයක් ආවොත් ඉන්දියාව ඉන්දු – ලංකා ගිවිසුමට අනුව ඇමෙරිකානු, ජපාන, ඕස්ටේ්‍රලියා හමුදා සමඟ ත්‍රිකුණාමලයට බැස්සොත් ලංකාව මොනවා කියන්නද? පහුගිය මාර්තු මාසයේ ඒ සඳහා අවශ්‍ය යුද අභ්‍යාස පවත්වා අවසන්ය. ඉතින් පොම්පියෝ ආවේ මහාචාර්ය නලින් සිල්වා කියන විදියට ගුවන් තොටුපොළේදී විදේශ ඇමැති දිනේෂ් පිළිගන්න එයි කියල හිතාගෙන නොවේ. ගෝඨාගේ ආණ්ඩුව රාත්‍රි භෝජන සංග්‍රහ දෙයි කියල හිතාගෙන නොවේ. ඔහු ආවේ 1987 රජීව් ගාන්ධි ලංකාවට ආවා වගේය. ඒක හරියට මනාලයයි – මනාලියයි විවාහ වුණාම මනාලයා මනාලියගේ නෑදෑ ගෙදරට ගොස් අපිත් දැන් නෑදෑයෝ කියන්නා වගේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළෙත් කොරෝනා

Next Post

මෙහෙම හුස්ම ගත්තොත් ඔබ දිනුම්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.