• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මහ බඹුගෙන් අපිට ලැබුණු විස්මිත ඔසුව

February 6, 2021
in Astrology
Reading Time: 1 min read
A A
මහ බඹුගෙන් අපිට ලැබුණු විස්මිත ඔසුව
Share on WhatsAppShare on Facebook

බැමිතිරි හෙවත් ලුණුවිල මහාබ්‍රහ්මයා ලෝකවාසීන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීම උදෙසා මහා කරුණාවෙන් ලොවට දන් දුන් ශාකයකි. එනිසාම ‘බ්‍රහ්මීය’ ලෙසද, හින්දු ජාතිකයන් මෙම ශාකය හඳුන්වයි. ආයුෂ, ජවය, වර්ණය හා මතකය මෙම ශාකය පරිභෝජනය තුළින් මිනිසුන්ට ලැබෙන බව පොතපතේ සඳහන්ය. ඖෂධ සඳහාත්, ආහාර සඳහාත් මෙම ලුණුවිල ශාකයේ සියලුම කොටස් යොදා ගැනීම විශේෂ වෙයි.

සරස්වතී, දිව්‍ය තේජා යන පර්යාය පදවලින් හඳුන්වනු ලබන ලුණුවිල ඒක වාර්ෂික පැළෑටියකි. ලුණු මිශ්‍ර ජලජ පරිසරයක මෙන්ම ජලය රැස්වෙන ගල්තලාවක් මතද ලුණුවිල සරුවට වැඩේ. හොඳින් පස තෙත් කළ බඳුනක වුවද වැවිය හැකි ලුණුවිල වැව්, පොකුණු ආශ්‍රිතවද, මඩ වගුරුවලද දැකිය හැකිය. පත්‍ර අගින් මුල් හටගන්නා අතර, බිම දිගේ ඇදෙන මාංසල කඳකින් යුක්තය. පත්‍ර තදට සවි වන ස්ථානයේ දිග් වන තටු අග ළා නිල් දම් පැහැයට හුරු අලංකාර මලක් හටගනී. එම මලේ රේණු හතරකි. මනිපත්‍රවලින් වැසුණු ගෙඩිය තුළ බීජ රාශියක් හටගනී. මෙම අතාෂ්ඨිය වැල ගෘහයන් ආශ්‍රිතව අලංකාර ශාකයක් ලෙසද යොදාගත හැකිය. ලුණුවිල හෙවත් බැමිතිරිය වර්ග දෙකකි. තද කොළ වර්ණ ලුණුවිල හා තද රතු වර්ණ ලුණුවිල ලෙසය. එයින් බහුලව පරිසරය තුළ දක්නට ලැබෙන්නේ තද කොළ වර්ණ ලුණුවිල ශාකයයි. තද රතු වර්ණ ලුණුවිල ශාකය අති දුර්ලභය. මෙම වර්ග දෙකේම පත්‍ර කුඩාය. මාංශලය නටුව ළා දම් පැහැතිය. එනිසාම මෙම ශාකය දුටුවන් නෙත් ඇදගන්නා කලාත්මක ශාකයකි.

ලුණුවිල ශාකය ලංකාවේ පමණක් නොව ඉන්දියාව, පිලිපීනය හා මලයාසියාව වැනි රටවල වගුරු බිම් ආශ්‍රිතව දක්නට ලැබේ. මඳක් තිත්ත රසයෙන් යුක්ත ලුණුවිල ශාකය සහමුලින්ම ආහාරයට ගනී. එය කොළ කැඳ ලෙස සකසා හෝ තම්බා හෝ වෑංජනයක් සේ පිළියෙල කර හෝ කොළ මැල්ලුමක් ලෙස හෝ සලාදයක් ලෙස හෝ සුපයක් ලෙස හෝ සම්බෝලයක් ලෙස ආහාරයට ගැනීම සිදුකරයි. නොඑසේ නම් කොළ වියලා කුඩු කර තේ පානයක් ලෙස සකසා බීමද සිදු කරයි. ඇතැමුන් මෙම කුඩු එළකිරිවලට දමාද පානය කරයි.

ලුණුවිල බාල, මහලු, තරුණ සියලු දෙනාටම එකසේ ගුණ දෙන ප්‍රබල දිව්‍යමය ඖෂධයකි. පෙති 5ක අලංකාර මලක් සහිත ලුණුවිල ශාකය, මල් හටගන්නා කාලයේදී පරිභෝජනය සඳහා යොදාගනී.

ලුණුවිල මිනිස් සිරුරේ නොයෙකුත් ආබාධ සුව කරනු ලබයි. ඒ අතර, වාත රෝග හා සෙම් රෝග විශේෂ ස්ථානයක් ගනී. මතක ශක්තිය වර්ධනයටද, වයසක අයට ගිලිහී යන මතකය නැවැත ලබා දීමටද, උන්මාද රෝගය සුව කිරීමටද නම් දරා ඇති ප්‍රබල ඖෂධයකි. මතක ශක්තිය වර්ධනයට ගොටුකොළ, නිවිති නම් කර තිබුණත් ලුණුවිල ඊට දෙවැනි නොවේ. මොළේ ආබාධ, ස්නායු රෝග, අපස්මාරය වැනි භයානක රෝග සඳහාද ලණුවිල ඖෂධයක් වෙයි.

ලුණුවිල ආහාර රුචිය වර්ධනය කරන අතර, ලේ පිරිසුදු කර සම පැහැපත් කිරීමද සිදුකරයි. කිරි දරුවන්ටද මෙම ලුණුවිල ශාකය ඉතා හොඳ දේශීය ඖෂධයකි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුර බැරැන්ඩිය, රථගාය මෙන්ම තුවාලවලට සුබය. පුරාණයේ ගැමි ළදරුවන්ට රන්කිරි කටගෑමේදී ලුණුවිල කොටා යුෂ බින්දු දෙකක් මව් කිරට මුසුකර දීම සිදුකරයි. ඒ දරුවාගේ ස්මරණ ශක්තිය වර්ධනයට හා ආයුෂ වර්ධනයටය. තවද එමඟින් ළදරුවාගේ ශරීරයද පැහැපත් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ.

ලුණුවිල ආහාරයට ගැනීමෙන් හෝ ඖෂධයක් ලෙස ලබා ගැනීමෙන් ජන්මියාගේ කටහඬ මිහිරි කරවයි. සම රන්වන් පැහැය ගෙන දෙයි. මුත්‍රා පිරිසුදු කරයි. ආහාර රුචිය වැඩි කිරීම මෙන්ම අක්මා රෝගද වළකාලයි. අසහනයෙන් මිදීමට හැකි වෙයි. මානසික ඒකාග්‍රතාව වර්ධනය වෙයි. මානසික ආතතිය දුරු වී යයි. ලිංගික ශක්තියද වර්ධනය කරනු ලබයි.

ලුණුවිල ශාකය හොඳ වේදනා නාශකයකි. ඉදිමුන්, රතුවීම් හා ශරීරයේ හටගන්නා වේදනා සඳහා ලුණුවිල ශාකයේ කොළ ඉස්ම යොදා ගනී. එම ඉස්ම අදාළ ස්ථානයේ ගෑමෙන් රෝගය සුව වන බව පුරාණ පොත පතේ සඳහන්ය.

ලුණුවිල භාවිතය කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. දරුවා නිරෝගී කිරීම ඉන් සිදුවෙයි. මහලු අයගේ වියපත් පෙනුම නැති කර තරුණකම රැක දීමට ලුණුවිලවලට ශක්තිය ඇත. ලුණුවිල කොළ කිහිපයක් අමුවෙන් කා වතුර බීම තුළින් බාල – මහලු සැමගේ මතක ශක්තිය වැඩිදියුණු කරවයි. කථනයට පමා දරුවන්ටද ලුණුවිල ආහාරයට දෙයි. එසේ දීම තුළින් කථනය පහසු කරවයි.

ලුණුවිල හෙවත් බැමිතිරිය ශරීරයේ ඇති වන ආසාත්මිකතා සමනය වන අතර, ප්‍රතිශක්තීකරණ ඖෂධයක්ද වෙයි. ඊට අමතරව නිදි සුව නොලබන අයටද ලුණුවිල නිද්‍රාකාරකයක් ලෙස ක්‍රියා කරයි. මලබද්ධයටද, ශරීරයේ විෂ හරණයටද, හදවතේ ක්‍රියාකාරිත්වය ස්ථාවර කිරීමටද, දද, කුෂ්ඨ වැනි චර්ම රෝගවලටද, පාකින්සන් රෝගයටද, පාණ්ඩු රෝගයට මෙන්ම මෙකී නොකී රෝග ගණනාවකට සුවගෙන දෙන හෙළ ඔසුවකි.

ලංකාව තුළ පහසුවෙන් සොය ගත හැකි මෙම ඖෂධීය ගුණ පිරි ලුණුවිල ශාකය ඔබ සහ ඔබගේ පවුලේ අයට පරිභෝජනයට ලබා දී සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියන්න. මෙම දිව්‍යමය ශාකය වඳවී යෑමට ඉඩ නොතබන්න. අනාගත පරම්පරාවට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට මෙවැනි ඖෂධීය ශාක අද ජීවත් වන අප සංරක්‍ෂණය කළ යුතුය. එය අපගේ වගකීම මෙන්ම යුතුකමද වනු ඇත.
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

සචිනිගේ ෆෝන් හොරා හුටපටය

Next Post

කෙහෙල් කැන්වලින් ගුටිකාලා ඉස්සෝ වඩයකින් ගොඩගිය කෝකිලයා

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.