• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සචිනිගේ ෆෝන් හොරා හුටපටය

February 6, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සචිනිගේ ෆෝන් හොරා හුටපටය
Share on WhatsAppShare on Facebook

⬤ සචිනි මාධ්‍ය ඉස්සරහ වීරයෙක් වෙන්න හැදුවේ…

⬤ මිනිස්සු අන්දන එක කරන්නේ…

අපි කවුරුත් ආශාවෙන් නරඹන වැඩසටහනක් තමයි ‘කොපි චැට්’ වැඩසටහන. පසුගියදා ඒ සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනකු සම්බන්ධ වුණු අතර, එයට සචිනි අයෙන්ද්‍රාද සම්බන්ධ වී සිටියා. ඒ වැඩසටහන තුළ සචිනි අයේන්ද්‍රට පැරීසියේදී සිද්ධ වුණු අකරතැබ්බයක් ගැන කතාබහට ලක්වුණා. ඇයගේ ජංගම දුරකතනය සොරාගෙන එය සොරාගත් සොරා සමඟ සෙල්ෆියක් ගත් ඡායාරූපයක් ප්‍රචාරය වුණා ඒ වැඩසටහන තුළ. ඉතින් ඒ ඡායාරූපයේ ඇත්තටම පෙනී ඉන්නේ ඕස්ටේ්‍රලියාවේ ජීවත් වන රුවන් අධිකාරි නම් පුද්ගලයෙක්. ඔහු සමඟ සචිනි ගත් පින්තූරයක් බවත්, ඒ පින්තූරය නිසා ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවූ බව පවසමින් ඔහු මේ පිළිබඳ වීඩියෝ පටයක් මුදාහැරියා. මේ ගැන ඇත්ත නැත්ත දැනගැනීමට අප සචිනි අයේන්ද්‍රව සම්බන්ධ කරගත්තා. ඇය පැවැසුවේ මෙවන් අදහසක්.
🔴 සචිනිට මේ දවස්වල පිට පිට මඩ ගහනවා නේද?
දෙස්-විදෙස් ප්‍රේක්‍ෂක ජනතාව මට නින්දා, අපහස කරනවා. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මම බොරු කළා කියලා. ඇත්තට මට වුණු දේ දන්නේ මමයි, මගේ පවුලේ අයයි විතරයි. ඒ සිද්ධිය වුණේ මීට වසර දෙකකට උඩදී. මගේ දුරකතනය සොරාගත්ත කතාව හරියටම දන්නේ මම විතරයි. ඒ සිද්ධියට මම මුහුණු දීපු නිසා.
🔴 ඇත්තටම එදා ‘හිරු’ නාළිකාවේ විකාශය වුණු ‘කොපි චැට්’ වැඩසටහනේදී මොකද වුණේ?
මගේ ෆේස්බුක් එකෙන් පින්තූරයක් අරන් තමයි එදා ‘කොපි චැට්’ එකේදී දැම්මේ. ඉතින් පැරීසියේ දී මම මුහුණ දීපු සිද්ධිය ගැන කාවිංග මගෙන් ඇහුවේ විහිළුවට. ඉතින් මමත් හිනාවෙවී ඒ කතාව ගැන නැවැත පැවැසුවා.
🔴 ඉතින් ඔබට තිබුණනේ සචිනි ඒ පින්තූරයේ ඉන්නේ ඒ හොරා නෙවේ කියලා කියන්න?
ඔව්… ඒක තමයි මගෙන් වුණු ලොකුම වරද. මම හිතුවේ නැහැ මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා. අනෙක හොරා එක්ක මට සෙල්ෆි ගහන්න බැහැනේ. හොරාව යාළුකරගෙන තමයි මම මගේ දුරකතනය ගත්තේ. ඒ අවස්ථාවේදී සිද්ධියට ගැළපෙන පරිදි පින්තූරයක් තෝරාගෙන දැම්මේ. අනෙක ඒ පින්තූරයේ මූණ පවා වහලා තිබුණේ.
🔴 මෙය ගැන ඔබේ හිතවත් රුවන් දැනගත්තේ කොහොමද?
ඕස්ටේ්‍රලියාවේ රසිකයෙක් මේ වැඩසටහන බලලා. ඒ ගැන රුවන්ට කියලා. පස්සේ තමයි ඔහු එය ගැන වීඩියෝවක් අන්තර්ජාලයේ මුදාහැරියේ. එහි ඇත්ත නැත්ත ගැන කියලා. මමත් ඔහුට කතා කරල සමාව ඉල්ලුවා.
🔴 මේ වුණු ප්‍රශ්නයත් එක්ක ඔබට සමාජයට මුහුණ දීමට බැරිව ඇති?
මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන කොට මෙවැනි විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒවාට මුහුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් මට තියෙනවා. නැතුව මෙහෙම දෙයක් වුණා කියලා මගේ ජීවිතය කඩාවට්ටගන්න තරම් මම බොළඳ නැහැ. රුවන්ගේ හිතේ තරහක් තිබුණා. හැබැයි අපි අතර එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.

රුවන් අධිකාරිගේ කියන කතාව
‘හිරු’ නාළිකාවේ ‘කොපි චැට්’ කියලා වැඩසටහනක් ගියා. ඒ වැඩසටහනේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙකුත් සම්බන්ධ වෙලා හිටියා. මගේ හිතවතියක් වන සචිනි අයේන්ද්‍රත් එහි හිටියා. ඒ වැඩසටහන මෙහෙයවූයේ කාවිංග පෙරේරා. එහිදී සචිනි ලස්සන සුරංගනා කතාවක් කියනවා පැරීසියේදී වුණු. ඇය කියනවා ඇයගේ දුරකතනය සොරාගත්තා කියලා. ලොකේෂන් එක අනුව සචිනි ෆෝන් එක හොයා ගත්තා කියලා. ලස්සන බිල්ඩින් මැද්දේ කවුරුත් නැති තැනක හොරාව අල්ලගෙන ෆෝන් එකත් අරගෙන. හොරත් එක්ක සෙල්ෆියක් ගැහුවා කියලා. මම ඒකට කියන්නේ සුරංගනා කතාවක් කියලා. ඇය එහෙම කියද්දී මගේ මිත්‍රයා කාවිංග පෙරේරා කියනවා ඔව් ඒ හොරා එක්ක ඉන්න ඡායාරූපයක් තියෙනවා කියලා. ඒ වැඩසටහන මැද එය ප්‍රදර්ශනය කරනවා. ඒ පින්තූරයේ ඉන්නේ මම.

වියානා නගරය පෙන්නන්න එක්ක ගියපු වෙලාවේ තමයි සචිනි මම එක්ක ඔය පින්තූර ටික ගත්තේ. මම දන්නෑ ‘හිරු’ එකට කොහෙන් ඒක ලැබුණද කියල. හැබැයි මම මේවට කියන්නේ පහත් වැඩ කියලයි. ඔයාලා වගේ අය මේ විදියට හොරෙක් කියලා බොරුවට මගේ පින්තූරයක් දාලා මාධ්‍ය ඉස්සරහා ඔයා වීරවරියක් වෙන්න හැදුවද, එහෙමත් නැත්නම් හිරු මාධ්‍ය ජාලය මේක පෙන්වලා ප්‍රේක්‍ෂකයන් අන්දන්න හැදුවද කියන එක මම දන්නේ නැහැ. මේවා බලන ප්‍රේක්‍ෂකයන්ට මම කියන්නේ අපේ රටේ ඉන්න අය කරන්නේ ඔයාලාව අන්දන එක. කලාකාරයාගේ ඉඳලා. මේ මාධ්‍යය ජඩ මාධ්‍යය ඔයාලාව අන්දනවා.

සචිනි ඇත්තටම මේ කරපු වැඩේ ඉතා පහත්. ඔයා මේ දේ කරලා ඒකෙන් ඔයා ලබපු සතුට මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒ දාපු පින්තූරේ මගේ මුහුණ වහලා දැමමත් මම දන්න හැමෝම මට කතා කරලා ඇහුවා ඔයා නේද මේ සචිනිගේ ෆෝන් එක හොරකම් කරලා තියෙන්නේ කියලා. ඒ ෆෝටෝ එකේ ඉන්නේ ඔයා නේද කියලා. ඇත්තටම කනගාටුයි සචිනි. මම ඔයාගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ දේවල් මීට පස්සේ කරන්න එපා කියලයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මලක් වගේ ලස්සන පද්මිණි ස්ත්‍රිය

Next Post

මහ බඹුගෙන් අපිට ලැබුණු විස්මිත ඔසුව

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.