• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බිස්නස් හිටිහැටියෙ වැටෙන්නෙ ඇයි?

August 15, 2020
in Astrology
Reading Time: 1 min read
A A
බිස්නස් හිටිහැටියෙ වැටෙන්නෙ ඇයි?
Share on WhatsAppShare on Facebook

බලාගෙන ඉද්දි දියුණුවෙන් දියුණුවට පත්වෙන ව්‍යාපාර වගේම කොයි තරම් උත්සාහ ගත්තත් දියුණු කරන්න බැරි ව්‍යාපාරත් ඕන තරම් තියෙනවා. ඒ වගේම සමහර ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වෙලා හිටි අඩියෙ හිතාගන්නවත් බැරි විදිහට කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් බංකොළොත් වෙනවා. ඒ වෙලාවට බොහෝ ව්‍යාපාරිකයන් කියන කතාවක් තමයි මොනවා වුණාද කියලා හිතාගන්නවත් බැහැ දවසෙන් දෙකෙන් සේරම ඉවරයි කියන එක. ඇත්තටම මොකක්ද මේකට හේතුව.

එහෙම ව්‍යාපාරයක් බංකොළොත් වුණාම සමහරු කේන්දර බලනවා. ශාන්තිකර්ම කරනවා. හදි හූනියම් අයින් කරනවා. මැණික් මුදු පලඳිනවා. ඔයවගේ එක එක දේවල් කරනවා. හැබැයි එහෙම කළා කියලත් තත්ත්වය වෙනස් කර ගන්න බැරි වෙච්ච අය ඕන තරම් දකින්න ලැබෙනවා. ඇතැම් විට එවැනි දේවල් කරලත් ආපසු හැරිලා බලද්දි හිටියටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට වැටුණු අයත් දකින්න ලැබෙනවා.

මේ කරුණු කාරණා ඉතා කල්පනාකාරීව අවධානයෙන් යුතුව පරීක්ෂා කළොත් පෙනී යන්නේ මේ අයගේ වැටීමට හේතුව ඔරොත්තු නොදෙන තරමට අධිකව ණය වීම මත කරගෙන ආ ව්‍යාපාරයත් බංකොළොත් වී ඇති ආකාරයයි. එනම් යම් ව්‍යාපාරයකින් සැලකිය යුතු ආදායමක් ලැබෙද්දි එය නිසි පරිදි කළමනාකරණය නොකර ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවීමේ පදනම මත ණය ලබාගැනීමයි.

ඉන්පසු ඉතාමත් කෙටි කාලයක් තුළ ආදායමත් වියදමත් අතර පරස්පරතා නිසාම බංකොළොත්භාවයට පත්වෙන්නෙ කිසිවකුටත් සිතාගත නොහැකි අයුරින්.
කොහොම වුණත් මෙවැනි ප්‍රශ්නයක් මත කෙනෙක් ජ්‍යොතිෂ්‍යවේදියෙක් සොයා පැමිණි විට බහුතරයක් ජ්‍යොතිෂ්‍යවේදීන් කරනු ලබන්නේ හරි හැටි කරුණු අවබෝධ නොකරගෙන හඳහන් පරීක්ෂා කර මොනවා හෝ කීමයි. එහෙත් හරියට එම පුද්ගලයාගේ හඳහන පරීක්ෂා කළොත් පෙනී යන්නේ ඒ අය ඔරොත්තු නොදෙන ආකාරයට වැඩ කරන්නට යොමුවන ග්‍රහචාරයකට පත්ව ඇති ආකාරයයි. එවැනි අය කිසි විටක අනුන්ගේ උපදෙස් හෝ උදව් පිළිගන්නට සූදානම්ද නැත. නිතරම තනි තීරණ ගෙන ව්‍යාපාර අවුල් කරගනී. එසේම තමන්ට ලැබෙන ආදායම ගැන නොසිතා ලොකු ලොකු දේ කරන්නට මේ අය පෙලඹවීමට සමත් ග්‍රහචාරද ඇති බව වටහාගත යුතුමයි.

ග්‍රහචාරයට අමතරව විවිධ ගුප්ත කාරණාවද ව්‍යාපාර බංකොළොත් වීමට හේතුපාදක වන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ භූමි පාළු, නැකැත් දෝෂ, ව්‍යාපාර නාම දෝෂ ආදියයි. මෙවැනි අසුබ බලවේගයන්ට යටවූ විට ගුප්ත ශාස්ත්‍රය, ජ්‍යොතිෂය ආදී කාරණා පිළිනොගන්නා තැනට අදාළ පුද්ගලයාගේ මනසද වෙනස් වන බව අතීතයේ විසූ ජ්‍යොතිෂඥයන් හඳුනාගත් අවස්ථා තිබෙනවා.

මෙවැනි පුද්ගලයන්ට එම ශාස්ත්‍රයන් ගැන යළි සිහිවන්නේ ව්‍යාපාර බින්දුවටම වැටුණු පසුවයි. එසේම ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර පුළුල් කිරීමේදී නැකැතක් හෝ නොබලයි. එය තදබල අයහපත ළඟාකර දීමට ප්‍රබල හේතුවක් විය හැකි බව ඔවුන්ට තේරුම් යන්නේද පසුවයි. මන්ද නැකැතක් යනු කිසිදු අයහපතක් බාධාවක් නොමැති හොඳම වෙලාවයි. අපි වාහනයක් පදවාගෙන පාරෙ යන වෙලාවක ඉදිරියෙන් වාහනයක් යනවා පෙනි පෙනී වේගය වැඩි කළොත් ඉදිරියෙන් යන වාහනයේ ගැටී අනතුරකට පත්වේ. එවිට අපි කළ යුත්තේ උපක්‍රමශීලීව වාහනය පසුකර වේගය වැඩිකර ගැනීමයි. නැකැත බැලීමෙන් කරන්නේද අපට වේගයෙන් ඉදිරියට යෑමට ගමන ආරම්භයට සුබ වෙලාව සොයා ගැනීමයි. එවිට දියුණුව සොයා වේගයෙන් ඉදිරියට ධාවනය කරන්නට අවස්ථාව ලැබේ.

සමහරු තම ව්‍යාපාරවලට නම් තබන්නේද ඔහේ ආවට ගියාටය. යම් ලෙසකට අසුබ ගණ ඇති නමක් තැබුවොත් එය නිතර නිතර කියැවෙද්දී ඉන් නිකුත් වෙන අසුබතා ව්‍යාපාරයේ පැවැත්මට බලපායි. එවිට නොසිතන මොහොතක එය කඩා වැටෙයි. මේ හේතු නිසාම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සිතන අයට උපදෙස් රැසක් ජ්‍යොතිෂයේ පෙන්වා දෙයි. පළමුවෙන්ම කළ යුත්තේ ව්‍යාපාරය ආරම්භ කරන්නට සිතන අයගෙ ජන්ම පත්‍රය පරීක්ෂා කරවාගෙන ඊට සුදුසුකම් ඇත්ද යන්න සොයා බැලීමයි. ඉන්පසු ඊට සුදුසු කාලය ප්‍රදේශය හෝ වෙනත් කාරණයක් බාධක ඇත්නම් ඒවා දුරු කිරීමට කළයුතු පිළියම් ආදියත් අසා දැනගැනීම සුදුසුයි.

ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ගැන, එහි ආරක්ෂාවට කළයුතු දේවල්, ව්‍යාපාර නාමය සහ පවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවන්ගේ කේන්දර ගැළපේද යන වග පරීක්ෂා කර බැලිය යුතුමයි. එසේ කිරීමෙන් ඉතා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනඟා දියුණුවෙන් දියුණුවට පත්වීමට අපහසු නැත. එසේම ව්‍යාපාර පවත්වාගෙන ගොස් අසාර්ථක වූ අය බොහෝමයක් සමඟ කතාබහ කිරීමේදී පෙනී යන්නේ ඒ අය අසාර්ථක වී ඇත්තේ හදි හූනියම්, අනවින, කොඩිවිනවලටත් වඩා ව්‍යාපාරයට හවුල් කරගත් අයගේ වරදින් බවයි. එනිසා විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර ඇරැඹීමේදී හවුල්කරුවන් ගැළපේද යන්න පරීක්ෂා කරන්න අමතක නොකළ යුතුම කාරණයකි.

මේ නිසා ඔබේ ව්‍යාපාරයේ නම, හවුල්කරුවන් සහ ඊට සම්බන්ධ වෙනත් කාරණා ගැන දැන් හෝ අවධානයක් යොමුකරන්නේ නම් ඉදිරියේදී සිදුවීමට ඇති දේ කලින් වටහාගෙන අයහපත් ප්‍රතිඵල වෙනස්කර යහපත සලසාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

ඔබ වැඩියෙන්ම දන්න දිමුතු මුතු නන්දා

Next Post

පාර්ලිමේන්තු යන්න සිහින දකින නිරෝෂන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.