• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පෞද්ගලික අංකය 2020ට බලපාන හැටි

December 31, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
පෞද්ගලික අංකය 2020ට බලපාන හැටි
Share on WhatsAppShare on Facebook

අංක විද්‍යාවේ පිළිගැනීමට අනුව සෑම වසරකටම උරුමවන අංකයක් පවතී. මෙම අංකය ජන්මියාගෙන් ජන්මියාට වෙනස් වෙයි. ඒ අනුව ජන්මියාගේ ජීවිතයේ නැඟීම් හා බැසීම් වටහා ගතහැකිය. පෞද්ගලික වසර ලෙස ගැනෙනුයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයයි. ජන්මියාට අදාළ පෞද්ගලික වසරට හිමි අංකයෙන් එම වසර තුළ ඔහුට සිදුවන ලාභ පාඩු මොනවාදැයි දැනගත හැකිය.

පෞද්ගලික වසරට හිමි අංකය සොයා ගන්නා ආකාරය බලමු.
ජන්මියාගේ උපන් දිනයට අදාළව එම ජන්මියා උපන් දවස හා මාසය පමණක් ගෙන වර්තමානයේ ජීවත් වන වසරට එකතු කර තනි අංකයක් ලබා ගැනීමයි. එම ලැබෙන තනි අංකය එම ජන්මියාගේ පෞද්ගලික වසරට හිමි අංකයයි. එම අංකය අනුව, එම ජන්මියාගේ නැඟීම් හා බැසීම් වර්තමාන වසර තුළ බලපාන්නේ කෙසේ දැයි බැලිය හැකිය.
පෞද්ගලික වසරට හිමි අංකය සොයා ගන්නා ආකාරය උදාහරණයක් ආධාරයෙන් විමසා බලමු.
ජන්මියාගේ උපන් දිනය : 1978.01.07
වර්තමාන වසර : 2015 යැයි සිතමු
ජන්මියා උපන් දවස = 7
ජන්මියා උපන් මාසය = 1
වර්තමාන වසර = 2015
7 + 1 + 2 + 0 + 1 + 5 } 16
1 + 6 = 7


මෙම ජන්මියාගේ පෞද්ගලික වසරට අදාළ අංක, අංක 7 වෙයි. ඒ අනුව 2015දී මෙම ජන්මියාගේ ජීවිතයේ නැඟීම් බැසීම් අංක 7ට අදාළ පලාපලවලින් බලාගත හැකිය. මේ ආකාරයට පසුගිය වසරවලද තමාට හිමි පෞද්ගලික වසරේ අංකය සොයා එම අංකයට අදාළ පලාපල තමාගේ ජීවිතයේ සිදුවීම්වලට සමාන වුණි දැයිද බලාගත හැකිය. එයින් මෙම අංකයෙහි ඇති වැදගත්කම හා මෙම අංකය ජන්මියාගේ ජීවිතයට බලපාන ආකාරය කොපමණදැයි ඔබටම බලාගත හැකිය.
පෞද්ගලික වසරට හිමි අංකය : අංක 1 සිට 9 දක්වා වෙයි. ඒවායේ පලාපල වෙන වෙනම විමසා බලමු.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 1 නම්
මෙම වසර සැහැල්ලුවෙන් ගෙවිය හැකි වසරකි. අලුත් වැඩ ආරම්භ කිරීමට ලැබෙන, අලුත් දේ කිරීමට ලැබෙන වසරකි. ස්වාධීනව, කිසිවකුගේ බාධකයකින් තොරව වැඩ කිරීමට ලැබෙන වසරකි. සැමගේ සහයෝගය ලැබේ. ඒ සඳහා නිහතමානී වී වැඩ කටයුතු කරන්න. ජීවිතය තුළ පසුබෑම් ඇති වී තිබුණු අයට අලුතින් ජීවිතය පටන්ගත හැකි වසරකි. මෙම වසරෙහි හිතුවක්කාර, මුරණ්ඩු ගති අවම කරගත යුතුයි. වැඩ කිරීමේදී අනවශ්‍ය කලබල වීම නොකළ යුතුයි. මෙම වසර තුළ අරඹන දියුණුව ඉදිරි වසර 9 දක්වා බල පවතී.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 2 නම්
බොහෝ සුබ ප්‍රතිඵල ගෙන දෙන වසරකි. නමුත් මෙම වසර පුරාවට ඔබ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. කිසිවිටෙක රණ්ඩු සරුවල්වලට නොයෑමට වගබලා ගන්න. ඕනෑම දෙයක් සම්බන්ධව දෙවරක් සිතා බැලිය යුතුයි. සූක්‍ෂ්මව සිතා, සමබරව ගන්නා තීන්දු තීරණ මෙම වසර සුබ කිරීමට හේතු වෙයි. හොඳ අධිෂ්ඨානයකින්, හොඳ ධෛර්යයකින් මෙන්ම ආත්ම විශ්වාසයකින් මෙම වසර තුළ වැඩ කරන්න. සිත දුර්වල වුවහොත් ඔබ මෙම වසර තුළ අසාර්ථක වෙයි. අලුත් වැඩකට අතගැසීමට සුදුසු වසරක් නොවේ. කරගෙන ආ වැඩ පමණක් ඉදිරියට කරන්න. හැඟීම්බර වී ඉක්මන් තීරණ නොගන්න. ප්‍රේම සබඳකම් සම්බන්ධ සැලකීම මේ වසර තුළ අඩු වෙයි. නමුත් ක්‍ෂණිකව පෙම්වතෙක් හෝ පෙම්වතියක් තෝරා ගැනීමට පෙලඹෙයි. දුරදිග නොසිතා පෙම් පලහිලව්වලට පැටලෙයි.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 3 නම්
මේ වසර තුළ සතුටින්, ප්‍රීතියෙන් සිටිය හැකිය. උනන්දුවෙන්, කැපවීමෙන් වැඩ කිරීමට සිදුවෙයි. සෑම දෙයක් සම්බන්ධව ධනාත්මකව සිතීම වසර පුරාවටම සතුට ගෙන දීමට හේතු වෙයි. ආර්ථිකව බොහෝ වාසි ගෙන දෙන වසරකි. නමුත් වියදම් අධික වෙයි. ලැබෙන මුදල් පාලනයක් ඇතිව වියදම කිරීමට වගබලා ගතයුතුයි. ස්ථාන මාරුවක් මේ වසර තුළ සිදුවෙයි. එය රැකියාවේ හෝ පෞද්ගලික ජීවිතයේ හෝ ව්‍යාපාරයේ හෝ විය හැකිය. ප්‍රේම සම්බන්ධතා ඇති වී වර්ධනය වෙයි. අලුත් මිතුරන් හමුවන අතර, නිතර විනෝද ගමන් යෑමටද සිදුවෙයි.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 4 නම්
මෙම වසර ඔබට බොහෝ කැපකිරීම් කිරීමට සිදුවන වසරකි. ඒකාකාරීව පැවැති ජීවිතය බොහෝ වෙනස්වීම්වලට ලක්වෙයි. මෙම වසර ඔබේ ජීවිතයේ නව පෙරළියක් ඇති කරයි. ආර්ථිකව බොහෝ දියුණුවීමට පත්වෙයි. අධික ලෙස වෙහෙසීම මෙන්ම අධික කැපකිරීම් කිරීමට හේතුවෙන් සිතේ කලකිරීම් ඇති කරයි. නමුත් එය මඟහරවා කටයුතු කිරීම දියුණුව තවත් වැඩි කරයි. අලුත් නිවාස, ඉඩම්, ව්‍යාපාර ආදිය ගැනීමට උචිතය. ඇසුරු කරන අය ගැන හොඳ අවධානයෙන් සිටිය යුතුය. නොඑසේ නම් ඔවුන් දියුණුවට බාධා පමුණුවයි. මෙම වසර පුරාම නොයෙකුත් රෝගාබාධ සෑදීම දැකිය හැකිය.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 5 නම්
ගෙවුණු වසරට වඩා මෙම වසර ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් ගෙවිය හැකි වසරකි. තිබුණාවූ කරදර, බාධක මේ වසර තුළ පහව යයි. අභියෝගවලට බය නැතිව මුහුණ දීමෙන් ජීවිතේ දියුණුව අනිවාර්යයෙන් ලැබේ. දිනෙන් දින මේ වසර තුළ දියුණුව ඇති වෙයි. නමුත් දියුණුව ඉබේ නොලැබේ. ඒ වෙනුවෙන් කළයුතු සියල්ල කළ යුතුයි. ලැජ්ජාශීලී බව මඟහැර ගතයුතුයි. සමාජයේ ඉහළ පිළිගැනීමක් මේ වසර තුළ ඇති වෙයි. මෙම වසර තුළ ජීවිතයේ යම් යම් වෙනස්වීම් ඇති කරයි. එය තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පමණක් වීම විශේෂයි. නරක මිතුරු ආශ්‍රයට වැටීමෙන් නොයෙකුත් අපචාර සිදුකිරීමට ප්‍රවණතාවක් ඇත. ඒ නිසා මේ වසරෙහි යමක් කිරීමේදී හෝ යමකු සමඟ මිත්‍රකම පැවැත්වීමේදී බොහෝ සුපරීක්‍ෂාකාරී වන්න.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 6 නම්
මෙම වසර ඒකාකාරීව ගෙවී යයි. තමන්ගේ පවුලේ අයගේ යහපතට වැඩ කිරීමට සිදුවෙයි. ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වෙයි. විවාහ වූවන්ටද, විවාහ ජීවිතයේ මෙතෙක් තිබූ ප්‍රශ්න නැති වී දෙදෙනා අතර අවබෝධය ශක්තිමත් වෙයි. නමුත් මේ වසර තුළ රෝගී තත්ත්ව බහුල වෙයි. තම පවුලේ අයට දැඩි සේ ආදරය කළද ඔවුන් පෙරළා ඔබට ආදරය නොකිරීමෙන් සිත් වේදනා ගෙන දෙන වසරකි. රැකියාවේ දියුණුව ලැබෙන අතර, ප්‍රසිද්ධියද හිමිවෙයි. වසරේ අග මෙන්ම අලුත් වැඩවලට නැඹුරු වීම සිදුවෙයි.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 7 නම්
මෙම වසර කරදර, ප්‍රශ්නවලින් පිරි එකකි. පැමිණි දුක් පැණිරස ලෙස සිතා වැඩ කිරීමෙන් ඉදිරි පියවරවල් සාර්ථක වෙයි. මුදල් සම්බන්ධ ගනුදෙනුවලින් පාඩු සිදුවෙයි. එවැනි ගනුදෙනු මේ වසර තුළ නොකළ යුතුයි. අරපරෙස්සමෙන් හා අවබෝධයෙන් මුදල් වියදම් කිරීමට වගබලා ගතයුතුයි. පෙර ඔබේ අතින් සිදුවූ වැරැදි මේ වසරේ එළියට එයි. ඒ නිසා විවිධ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවෙයි. සිත කලකිරීමකට ලක්වී ලෝකෝත්තර වීමට සිතෙයි. මේ වසරෙහි සිදුවන අමිහිරි අත්දැකීම් ඉදිරි ජීවිතයට මහත් ශක්තියක් ලැබේ. මෙම වසර ඉදිරි ජීවිතයට හොඳ සන්ධිස්ථානයකි.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 8 නම්
ආර්ථික අතින් සුබ වසරකි. ව්‍යාපාර හා රැකී-රක්‍ෂාවල දියුණුව ඇති වෙයි. සැලකිලිමත් වීම තුළින් ජීවිතයට අතිවන කරදර, බාධක අවම කරගනී. ප්‍රබල පුද්ගලයන් සමඟ ඇසුර වැඩි වෙයි. මෙම වසරෙහි ඔබගේ අවබෝධාත්මක ජීවිතය සම්බන්ධව බොහෝ දෙනාගේ නෙත් යොමු වෙයි. දේපොළ සම්බන්ධවද සුබවාදී තත්ත්වයක් මේ වසරෙහි ඇති වෙයි.

පෞද්ගලික වසරට හිමි අංකය, අංක 9 නම්
බොහෝ දියුණුව ලබන වසරකි. ගතවූ වසරවල කළ ආයෝජනවල ප්‍රතිලාභ මේ වසරේදී නිසැකවම ලැබේ. මේ වසරෙහි බොහෝ දේ කිරීමෙන්ද වාසි රැසක් හිමිවෙයි. නමුත් සුළු ප්‍රශ්නවලදී පවා සිත්තැවුල් ඇති වෙයි. මුදල් ලැබීමේදී නිහතමානී විය යුතුය. ආත්මාර්ථකාමී වුවහොත් නොයෙක් හානි සිදුවෙයි. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පුරුදු විය යුතුය. ප්‍රේම සම්බන්ධතා වැඩිදියුණු වෙයි. දෙදෙනා අතර ආදරය වැඩි වෙයි. ගැටුම්වලින් තොර සමබර ජීවිතයක් ගෙනයෑමට මේ වසර තුළ අදිටන් කරගන්න.
මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

සුනාමිය ගැන අහනකොටත් දුක හිතෙනවා

Next Post

මෙන්න එජාපයේ අලුත්ම සටන: ගයන්තට එරෙහිව අජිත්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.