පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන ගයන්ත කරුණාතිලක සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් අතර විශාල තරගයක් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.
මුලින් මෙම තනතුර ගයන්ත කරුණාතිලක මහතාට ලබා දීමට තීන්දු වී තිබුණද එම තනතුර ලබා ගැනීම සදහා අජිත් පෙරේරා මහතාද සටනට පිවිසීම මත දෙදෙනා අතර මෙම තරගය ආරම්භ වී තිබේ.
මේ දෙදෙනාම එජාපයේ සජිත් පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු වීම මෙහි ඇති අනෙක් විශේෂත්වය වේ.










