මධුසමය සඳහා යන අවස්ථාවන්වලදී මනාලයාගේ මරණ, මනාලියගේ මරණ විවිධ අයුරින් සිදුවීම් මේ ධර්මද්වීපය තුළද කොතකුත් වාර්තාවී ඇත. දෙවැනි ගමනේදී මරණයන් සිදුවීමද බොහෝමයක් පුවත්පත් කියවන ඔබ කොතෙකුත් කියවා ඇත. මංගල්‍යයට දින දෙක තුනකට පෙර මනාලිය, මනාලයා මියගිය අවස්ථාද දුර්ලභ නොවේ. අනිවාර්ය වශයෙන්ම එම මංගල උත්සවයට නැකැත්කරුවකු ආධාරයෙන් දින ලබාගෙන ඇත.
එසේ නම් මෙම යුවළට නිසි ගළපා ගැනීමකට නොහැකි වූ ජ්‍යෙතිෂයවේදියකු දින ලබාදුන්නා විය හැකිය. මෙම චෝදනාව එල්ල වනුයේ විසි පොරොන්දමින් සියයට ගණනින් පමණක් විවාහය තීරණය කරන ජ්‍යොතිර්වේදීන් වෙතටය. ප්‍රතිශතයෙන් පමණක් විවාහය තීරණයන් ලබාදීමට බොහෝ ජ්‍යොතිෂ මධ්‍යස්ථානවල සිදුවන්නකි. එසේ නම් ඉහත ආකාරයේ මරණයන්ට ජ්‍යොතිර්වේදියාද යම් වගවීමකට යටත්වනු ඇත. මෙසේ පොරොන්දම් ගළපා පමණක් විවාහය තීරණය කරනුයේ බොහෝ විට එතැනින් එහා දෙයක් බැලීමට අදාළ අඩු දැනුමැති ජ්‍යොතිර්වේදියාගේ නොහැකියාව නිසාවෙනි. මෙය කියවන පාඨක ඔබද සැලකිය යුතු විශේෂ කරුණකි. එනම් ඔබේ අනාගත දූ දරුවන් විවාහප්‍රාප්ත වන විටදී පොරොන්දම් 20න් සියයට ගණනින් පමණක් විවාහය තෝරා දෙන නාම පුවරුවෙන් පමණක් ප්‍රවීණ වූ ජ්‍යොතිර්වේදීන් වෙත යොමු නොකිරීමයි. ඔබ කල්පනාකාරී විය යුතුය.
මෙය සමාජයේ මුල් බැසගත් මතවාදයක් නිසා එකවර අවධාරණය කළද ඔබට අපැහැදිලිතාවක් ඇති වේ. මෙයට නිදසුන් ලෙස යම් මානසික රෝගියකුගේ ජන්ම පත්‍රයේ වැඩි පොරොන්දම් ප්‍රතිශතයක් එසේ නොවන සාමාන්‍ය කාන්තා කේන්දරයක් හා ගැළපීමටද හැකි වේ. සමහර විටකදී එය 75%ක්ද ඉක්මවා යා හැකිය. ඉතින් මේ දෙදෙනා පොරොන්දම් ප්‍රතිශතය නිවැරැදි යැයි විවාහයට යහපත් යැයි යම් ජ්‍යොතිර්වේදියකු කිව්වේ නම් එම දෙදෙනා විවාහයට නොගැළපෙන බව මෙම ගැටලුව දෙස බලන ඕනෑම කෙනකුට පහසුවෙන් තේරුම්ගත හැකිවේ. ඉහත විසි පොරොන්දම් ඕනෑම රෝගී තත්ත්වයක් ඇති අයකුට එසේත් නැතිනම් ඕනෑම අපරාධකාරයකුට හෝ ඕනෑම සමාජ විරෝධියකුට ඕනෑම කෙනකුගේ පොරොන්දම් ගැළපූ විට ඉහළ ප්‍රතිශත හෝ පහළ ප්‍රතිශත ලැබේ. එසේ නම් එවැනි අවස්ථාවකදී විවාහය ප්‍රතිශතය ඉහළ විසි පොරොන්දම් ගැළපීමෙන් තීන්දු කළේ නම් එහි වගකීම කාගේද? විසි පොරොන්දමින් පමණක් විවාහය තීන්දු කළ ජ්‍යොතිර්වේදියාට වඩා මේ ලිපිය කියවීමෙන් අනතුරුවත් විසි පොරොන්දමින් පමණක් තේරූ විවාහයේ යම් විපතක් වී නම් මෙම දැනුම ලැබූ ඔබද ඔවුනට එය පහදා නොදීමද ඔබද එම විපතේ කොටස්කරුවකු බව සිහි තබාගැනීම වැදගත්ය. සුදුසු විශේෂඥයකුගේ උපදෙස් ලබාගැනීම මෙම ගැටලුවට හොඳම පිළිතුර වේ. විවාහයට හඳහන් දෙකක් ගැළපීමේදී බැලිය යුත්තේ මොනවාද යන්න දැන සිටීම ඉතාම වැදගත්ය.
ජ්‍යොතිෂ වාස්තු විශාරද විරාජිත් බණ්ඩාර











