• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පාසල් ප්‍රේම කතාවේ පළමු පෙම්වතිය ‘ඕලු’

November 3, 2019
in Heart
Reading Time: 1 min read
A A
පාසල් ප්‍රේම කතාවේ පළමු පෙම්වතිය ‘ඕලු’
Share on WhatsAppShare on Facebook

ඕලු සමඟ කතාකරන්න සෑහෙන දවසක ඉඳලා අප උත්සාහ කළා. ඒ ඔබ අදටත් ඕලුට ආදරේ නිසා. ඒත් අප ඇයට කතා කිරීමට ගත් උත්සාහය අසාර්ථක වුණේ ඇගේ සිඟිති දරු පැටියාගෙ කටයුතු වෙනුවෙන් ඇය කැපවී සිටි නිසයි. ඉතින් අපි ඒ කිරි කැටියාට බාධා කළේ නැහැ. ඔන්න ඒ අතරේ අපට අවස්ථාව ලැබුණා ඇයට කතා කිරීමට. මංජුලා කුමාරි කියූ සැණින් කවුරුත් දන්න ඕලු අපත් සමඟ කෙටි කතාබහකට සම්බන්ධ වුණේ මේ විදිහට.
අම්මයි, පුතයි දෙන්නම පාසල් යන්න පටන් අරගෙන වගේ නේද මංජුලා?
පුතා නම් පෙරපාසල් යනවා. පුතාගේ වැඩකටයුතු, දුවගේ වැඩකටයුතු මගේ අතින්ම තමයි සිදුවෙන්නේ. මගේ ජීවිතයේ වැඩිහරියක්ම දුවයි, පුතයි එක්ක තමයි ගතවෙන්නේ.
පසුගිය දවසක මංජුලා තට්ටු දෙකේ ඉස්කෝලෙටත් ගොඩවුණා නේද?
ඔව්. ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරන ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ චිත්‍රපටයේ මම ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කරනවා. කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. නිර්මාණවලින් ආරාධනා නම් එනවා. ඒත් බබාලා දෙන්නා එක්ක ඉන්න ඕනෙ. ඔවුන් වෙනුවෙන්ම කාලය ගෙවන්න මම ගොඩාක් කැමති ඒ නිසා නිර්මාණවලට සමබන්ධ වුණේ නැහැ.
මේ දවස්වල නම් මංජුලා පිට වැඩවලටත් සම්බන්ධ වෙනවා කියලා ආරංචි වුණා?
ලබන සතියේ අපේ නිවෙසට කඨින චීවරය වඩම්මනවා. මේ දවස්වල එහි වැඩකටයුතුවල නියැළිලා තමයි ඉන්නේ. කළුබෝවිල සාරානාත් විහාරස්ථානය තමයි අපේ දායක පන්සල. ඉතින් අපි හිතුවා මෙවර කඨින චීවරය අපේ නිවෙසට වැඩම කරවන්න.
ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ‘ඕලු’ නේද?
මම ගොඩක් වාසනාවන්තයි. මොකද මොන තරම් ටෙලි නාට්‍ය රඟපෑවත් ප්‍රේක්ෂකයන්ට මාව මතක ඕලු විදියට. ඒ තරමට ඕලු ටෙලිනාට්‍යයට ප්‍රේක්ෂකයන් ග්‍රහණය වෙලා කියලා මට හිතෙනවා. මේ වගේ වාසනා ගුණයක් හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. මගෙත් පෙර වාසනාවකට තමයි ‘ඕලු’ චරිතය මට ලැබුණේ. ස්වර්ණවාහිනී ආයතනයෙන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ ඕලුගේ චරිතයට. ඒ වගේම ෂර්ලි දෙලංකාවලටත්, ඕලු නාට්‍ය කණ්ඩායමටත් මම ස්තුතිය පුදකරනවා.
ඔබ දෙදරු මවක් නිසා සැමියාගේ විරෝධයක් නැද්ද පෙම්වතියගේ චරිත රඟපානවට?
එයා කවදාවත් මට විරෝධයක් දක්වලා නැහැ. එහෙම ප්‍රශ්න මතුවෙලත් නැහැ. මතුවෙන්නෙ නැහැ කියන්නත් මම දන්නවා. අනෙක එයා අකමැති නැහැ මම පෙම්වතියගේ චරිත රඟපාන එකට. හොඳ තිරපිටපත් තෝරා බේරාගෙන තමයි මම රඟපාන්නේ. පසුගිය දවසක සුවිශේෂී නිර්මාණ පිටපතක් මට ලැබුණ. ඒ චරිතයට මම ගොඩක් දුරට කැමැතියි. ඉතින් ළඟදීම මම ඒ ටෙලිනාට්‍යයට සම්බන්ධ වේවි.
මංජුලා පුංචි තිරයේ බෙදාහදා ගන්න චරිත වගේමද සැබෑ ජීවිතයේදීත්?
මම ගොඩක් සංවේදී කෙනෙක්. හැම දෙයක්ම තේරුම්ගැනීමේ හැකියාවක් මට තියෙනවා. අනෙක් කාරණය මම සැලැසුම්සහගතව පිළිවෙළකට ජීවිතය දිහා බලන කෙනෙක්. මට ආදරේ කරන්නේ කවුද? මම ඔහුට ගෞරවය කරනවා.
කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. මංජුලාගේ එහෙම අදහසක් නැතිද ව්‍යාපාර කටයුත්තකට අතගහන්න?
ඒක තමයි මගේ මීළඟ සැලැසුම. දැනටමත් ඒ වෙනුවෙන් වැඩකටයුතු කරගෙන යනවා. මංගල ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගන්න තමයි අදහස. විදෙස් රටවල සංචාරවල ගියාම විවිධාකාර කලාත්මක දේවල් දැකගන්න ලැබෙනවා. ඒ වෙලාවට හිතෙනවා මේ දේවල් ලංකාවෙත් අලෙවි කළා නම් හොඳයි කියලා. එහෙම හිතලා තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට යොමුවුණේ.
තවත් බොහෝ දෑ ඇය සමඟ කතා කිරීමට තිබුණත් පුංචි දෝණි එයාට ඉන්න දුන්නෙම නැහැ. ඉතින් මංජුලාගේ කැදැල්ලටම සුබාශිංසන එකතු කරමින් අපේ කතාබහ අවසන් කරන්නට අපට සිද්ධවුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සුද්දොත් ගරු කරපු වන්නකු තිසාහාමි

Next Post

පොරොන්දම් විස්සෙන් කළ නොහැකි දේවල්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.