පක්ෂ තීන්දුවට පිටින් යමින් කටයුතු කිරීම මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවද ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කොට ඇති බව වාර්තා වේ.
ඒ සදහා දැනටමත් ජනාධිපතිවරයා නීතිමය උපදෙස් රැගෙන ඇති බවද දැනගන්නට ඇත.
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාටම එකම චෝදනාව එල්ල වී තිබීම මත ජනාධිපතිවරයා මෙම තීන්දුවට එළඹ ඇති බව පැවසේ.
ලබන 05 වැනිදා පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට මෙම යෝජනා දෙකම ඉදිරිපත් කිරීමට මේ වනවිට තීන්දු කර ඇත.
කෙසේවෙතත් දැනට ඇති තත්ත්වය මත මහින්දු රාජපක්ෂ මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට විරෝධය පළවුවහොත් චන්ද්‍රිකා මැතිනියද පක්ෂයෙන් ඉවත් කිරීමේ තීන්දුව අත්හිටුවීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවද වාර්තා වේ.