• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පිරිමිකමත් උදුරාගන්නා සෙනසුරු

July 5, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
පිරිමිකමත් උදුරාගන්නා සෙනසුරු
Share on WhatsAppShare on Facebook

සෙනසුරු ග්‍රහයාගේ ස්වරූපය බැලුවෝතින් ඔහු නොන්ඩියකු ලෙස හැඳින්වය හැකිය. කකුලේ කුණු සැරව ගලමින් සිටින එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයායි. සෙනසුරු අපල ලැබෙන්නේ විනාශයටයි. කෝටිපතියකු හිඟන්නකු බවට පත්කරන්නේ ඉතා කෙටි කාලයකදීය. හිඟමනට වට්ටන්නකු ලෙස ශනි පිළිබඳ කතාවක් මමත් මගේ පියා කියනු අසා ඇත. කළ පව් ගෙවන්නට වන කාලයද සෙනසුරු අපල කාලය ලෙස හැඳින්වීමේ වරදක් නැත.

සෙනසුරු ග්‍රහයා සඳුගෙන් හතර, පහ, අට, නවය, දහය යන රාශිවල ගමන් කරන කාලය ඒරාෂ්ටක අපල කාලය වේ. තවද ඔබගේ හඳහනේ සඳුගෙන් දෙපැත්තේ ශනි ගමනත් චන්ද්‍ර ඒරාෂ්ටක අපල කාලයකි. චන්ද්‍රයා සිටි රාශියෙන් අටවැන්නේ ශනි ග්‍රහයා යෙදීමද සෙනසුරු අපල වේ. චන්ද්‍රයා සිට රාශියෙන් දෙපැත්තේ පිහිටි රාශි දෙකක් ඇතුළත්ව රාශි 3ක් ශනි ඒරාෂ්ටකයට යටත් වේ.

ශනි රවිගේ පුත්‍රයායි. මව ඡායා දේවියයි. ඡායා දේවි හිරුගේ බිරිය බව දේව කතා හෙළිකළත්, එහි සත්‍යයක් තිබේද යන්න සොයාබැලිය යුත්තකි. කෙසේ වෙතත් සූර්ය දිව්‍ය රාජයාගේ බිසවක් බව මතයකි. සෙනසුරු ග්‍රහයාට එක් රාශියක ගමන් කිරීමට අවුරුදු දෙකහමාරක් ගතවේ. රාශි චක්‍රය වටේ යාමට අවුරුදු 30ක කාලයක් ගතවේ. දරුවකුව සිටී නම් ඉලන්දාරියකුව කසාද බැඳ දරුවන් සිටින පියෙකුගේ වයසකි එය. සෙනසුරු තද නිල් පැහැයක් ගනී. ආලෝක පරාවර්තනයෙන් තද නිල් පැහැ ගත්තද ආලෝකය පරාවර්තනය නොවේ නම් තද කළු පැහැයක් ගනී.

ශනි ඔබට සුබ පල දෙන්නේ තුන, හය, එකොළහ යන රාශි ගමනයි. අවුරුදු 120කට ආයු ඇත්නම් එයින් අවුරුදු 90ක්ම සෙනසුරු අපලයට යටත් වේ. සමහරු මෙය විශ්වාස නොකරයි. ජීවිත ගමනේ බොහෝ දුක් කරදර ඔබේ කර මත තබන්නේ සෙනසුරාය. සෙනසුරු ඒරාෂ්ටක කාලය වන අවුරුදු හතහමාරක් ශනි හේතු කොටගෙන ධනය වියදම් කිරීමට සිදුවන්නේ සුව නොවන කකුලේ තුවාලයක් ඇතිකරමින් විය හැකිය. නැතිනම් අස්ථි බිඳීමක් සිදුවීමෙනි. සෙනසුරු අපලයේදී අතපය කැඩී බිඳී යා හැකිය. මුහුණ විරූපී වී ශරීරය කළු වේ. ඇහිබැම යාවේ. වැටීම්, තැළීම් හා හදිසි රිය අනතුරුවලින් අත් පා නැතිවීම වුවත් සිදුවිය හැකි නිසා ප්‍රවේශම බොහෝ වටී. තවත් සමහරුන්ගේ ඔළුවට හානි සිදුවී සිහි විකල්ව සදාකාලිකවම රෝහල්වල මන්ද මානසික රෝගියකු ලෙස කාලය ගතකිරීමට සිදුවන්නේ කර්මයන්ද එකතුවී පලදීමක් ලෙසයි.

සෙනසුරු ඔබට කියාදෙන පාඩම දුක් විඳීමට හුරුකිරීමයි. සෙනසුරාගේ ස්වරූපය අදාළව කකුල් බිඳීම ඔහුගේ විනෝදාංශයකි. ඉතා ධනවත් අයකුට වුවත් දුබල සෙනසුරාගේ දශාව මුළුමනින්ම අවුරුදු 19ක් ලැබුවේ නම් වියළි වූ පොල් අතු සුළඟට කඩාවැටෙන්නාක් මෙන් අපලය ලැබූදා සිටම නොයෙක් කරදර කරපින්නාගෙන ජීවන මාවතේ ඉතා දුෂ්කර ගමනක් යෑමට සිදුවේ. මෙවැනි අවස්ථාවලදී ජ්‍යොතිෂ විද්‍යාව, ග්‍රහයන් විශ්වාස නොකළ අය පවා දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් සොයා ගොස් ප්‍රතිකර්මවල සහාය පතයි. එම නිසා රටටම සම්පතක් වන ධනවත් බලවත් පුද්ගලයකුට නීච සෙනසුරු දශාව ලැබීම මා දකින්නේ මහත් අපරාධයක් ලෙසයි. එලෙස ඇඳට වැටෙනකම්ම නොසිට දන් දී, දහමට අනුව හැඩගැසෙමින් දැහැමි ජීවිතයක්, සරල ජීවිතයක් ගතකිරීම මේ කාලයට බොහෝ වටී. සෙනසුරා නමැති ගොනා මිනිසා නමැති කරත්තයත් ඇදගෙන මානසික රෝහලකට යන්නේ හද පිරි සතුටකිනි. එයින් මිනිසා දුක් වුවත් සෙනසුරා සතුටු වෙයි. ජන්මියාව හිඟන්නකු, අසරණයකු කරවන්නේ හිත්පිත් නැති අයකු ලෙසයි. සමහර අයව බිලිගැනීමටත් සෙනසුරා පසුබට නොවේ.

සෙනසුරු දශාවෙන්ද දුක දේ. ශනි වනාහි ප්‍රවෘජ්‍යාකාරකයෙකි. දිළිඳුකාරකයෙකි. හිඟන්නාගේ රජ වන සෙනසුරු හිඟන්නාටත් අපල කර ඇත. සමහර යාචකයන් පිරිසිදුව සිටියත් තවත් සමහරුන් ඇඳිවත අපිරිසිදු කරගෙන, සෙම පෙරාගෙන, අසූච මුත්‍රාවලින් ඇඳිවතත් තෙමාගෙන ජරාවට පත්ව කල්ගත කරන්නේ ප්‍රේතයකුට සමාන ආකාරයෙනි.

සෙනසුරාට මෙසේ අපල සිදුකරන්නට ජන්මියාගේ පෙර ආත්ම භවයන්හි කරන ලද පාපකර්මයන් අනුබල දෙයි. ප්‍රේතයන්ගේ ආත්ම බඳු සමහර මිනිසුන් අපට දකින්නට ලැබෙන්නේ මේ නිසාය. බොරු කී, පරුෂ වචන කී, කේළාම් කී පුද්ගලයන්ගේ කටවල් ගඳගසයි. වැරැදි කාම සේවනයන්ගේ නිරත වූ අයගේ සම වැහැරී, වණවී සැරව ගලන්නේ ප්‍රේත වත්ථුවේ සඳහන් පරිදි අපායේ යමපල්ලන් පැමිණ උල්වලින් අනින්නාක් බඳු වේදනාවක් පිටකරමින්ය. සමහරුන්ගේ අපාය මේ මිහිපිටම නිර්මාණය වී ඇති සේය. කර්මය ගෙවා අවසන් වන තුරු මරුවාද නොපැමිණේ. තවත් සමහරු මැරි මැරී විඳවමින් ජීවත් වේ. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් දුටුවිට අපට සසර දුක පිළිබඳ සසර බිය පිළිබඳ මනාව පැහැදිලි වේ. මනුෂ්‍ය ආත්මයේ ඉපිද පමණක් නොව සංසාරයේ කෙළවර වන තෙක් මෙවැනි දුක් සහිත ආත්මවල ඉපදෙමින් මැරෙමින් අවුරුදු දසදහස් ගණන් දුක්විඳී.

කෙසේ වුවද ශනි හෙවත් සෙනසුරු නීචව අටවැන්න යෙදීම මහා දුක් කන්දරාවක් උරුම වීමකි. මනුෂ්‍යයකු ලෙස ඉපදුණද ලිංගික අවයව විකෘති වෙයි. පවුල් ජීවිත ගතකිරීමට නොහැකි වේ. සම්මතයට අනුව ස්ත්‍රීන් පුරුෂයන් බිහිවුවත් සමහරුන් නපුංසකයන් වන්නේ මේ නිසාය. සමහරු මෙවැනි පුද්ගලයන්ට අසභ්‍ය වචන කියමින් කොන් කරයි. නමුත් කිසි විටෙකත් ඔබ එසේ නොකළ යුතුයි. කර්මයක් පළදී එසේ වූවාට ඔහු හෝ ඇය කුමක් කරන්නද? පෙර ආත්ම භවයන්හි අනාචාරයේ හැසිරෙමින්, යහපත්ව තිබූ පවුල් ජීවිත මුළුමනින්ම විනාශ කරමින් සිටි නිසා මේ ආත්ම භවයේ මනුෂ්‍යයකු ලෙස ඉපදීමට පෙර පිනක් පලදී තිබුණත් පවුල් ජීවිත ගතකිරීමට හැකි නොවන ලිංගික අවයව සකස් වන්නේ කර්මය පලදීමෙනි.

මේ අනුව ශනි හෙවත් සෙනසුරු යනු රෝගකාරක, කර්මකාරක, රැකියාකාරක, වෛශ්‍යකාරක (රාගී නොවන) විරාගී වන, පව් වැඩි නම් නපුංසක වන ග්‍රහයකු බව පැහැදිලි වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

SendShareShare
Previous Post

නෙස්ලේ මයිලෝ, ලංකාවේ කඩදාසි බීම බට භාවිතයට ගත් පළමු සැකසූ පානය බවට පත්වෙයි

Next Post

ගුරුවරු ‘ඔන්ලයින්’ වර්ජනයක!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.