• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පහ සහ පහ අධිපතිගෙන් දරුවෙක්

October 17, 2020
in Astrology
Reading Time: 1 min read
A A
පහ සහ පහ අධිපතිගෙන් දරුවෙක්
Share on WhatsAppShare on Facebook

දෙදෙනකු විවාහයට පෙර පොරොන්දම් ගැළපීමේදී විවිධ කාරණා ගැන සොයාබලා ගැළපීම
තීරණය කළද විවාහයකදී දරු පල පොරොන්දම් පරීක්‍ෂාවෙන් පැවැසීම එතරම් සාර්ථකද යන්න යම් මතවාදයකට තුඩු දී ඇති ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මන්ද කිරි වෘක්‍ෂ හර වෘක්‍ෂ වශයෙන් කොටස් කරමින් කිරි වෘක්‍ෂ කේන්දර හිමියන්ට දරුපල ඇති බවට කියා කේන්දර ගැළපුවත් එවන් ගැළපුම් ඇති අනන්තවත් අඹු-සැමියන් දරුවන් නොමැතිව සිටියි. එසේම දරුපල නැතැයි කියන හර වෘක්‍ෂ හිමි අය දරුවන් ලබා සතුටින් සිටිනු දැකිය හැකිය. මේ තත්ත්වය මත ඉහත පොරොන්දම බොරුවක් වී ඇත්ද යන්න කෙනකුට සිතෙන්නට වැඩි ඉඩක් පවතී. එනිසා දෙදෙනකුගේ දරුපල පිළිබඳව වඩාත් හොඳින් අවධානය යොමු කිරීමට නම් බැලිය යුත්තේ දෙදෙනාගේම ජන්ම පත්‍රවල 5 වැන්න හා 5 වැන්න අධිපතියා ගැනය. එසේම පුත්‍ර කාරක ගුරුගේ තත්ත්වයන් ගුරු ග්‍රහයා තැන්පත්ව ඇති භාවය යනාදියත් පරීක්‍ෂාවෙන් වඩාත් සාර්ථක විසඳුමක් සොයා ගැනීමට පහසු වනු ඇත.

ජන්ම පත්‍රවල 5 වැන්න අධිපතියා නීච වීම 5 වැන්න පාප ග්‍රහයන්ගෙන් යුක්ත වීම 5 වැන්න අධිපතියා 6, 8, 12 වැනි රාශියක ස්ථාන ගතවීමත් දරු පල අඩු කරන්නට හේතු වෙයි. 5 වැන්න මෙන්ම 5 වැන්න අධිපතියා පීඩාවට පත්වීමත් 22 දෙර්කාණාධිපතිගේ දෘෂ්ටියට ලක්වීමත් හේතු කොටගෙන දරුපල ලැබීමට විශාල ලෙස බලපාන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ලග්නයේ පමණක් නොව නවාංශකයේද 5 වැන්න පීඩාවට පත්වීම හෝ පාප ග්‍රහයන් සමඟ යෝග වීම හෝ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම දරුපල නොලැබීමට හේතු පාදක බිහිකරනු ලබයි. 5 වැන්නේ කුජ වැනි පාප ග්‍රහයෙක් සඳු සමඟ යෝග වීමෙන්ද, රාහු, ශනි, කේතු වැනි පාප ග්‍රහයන් තැන්පත් වීමද දරුපල සඳහා ප්‍රබලව බලපෑම් කරයි.

එසේම කුජ ග්‍රහයා 5 වැන්නේදී ලැබෙන දරුවන්ට ප්‍රබල අපල ඇති කරන්නකු බවටත් හඳුනාගෙන තිබේ. එහිදී විශේෂයෙන්ම පිරිමි දරුවන්ට අපල, කරදර සිදුකරන බවටත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම එම දරුවන් අකීකරු වීමට හෝ රෝගී වීමට ඉඩකඩ වැඩි බවත් පැවසෙයි.
යම් ලෙසකට පුත්‍ර කාරක ගුරු, කටක රාශිය උච්ච වීමත්, 5 වැන්නේ සඳු, බුධ, සිකුරු වැනි සුබ ග්‍රහයන් තැන්පත් වීමත් ගුරුගේ දෘෂ්ටියට එක්වීමත් නිසාත් දරුපල ඇති කිරීමට හේතු පාදක වෙයි. එසේම 5 වැන්න අධිපති 1, 4, 7 කේන්ද්‍රස්ථානයක හෝ 5, 9 ත්‍රිකෝණස්ථානයක සිටීමත් 5 අධිපති සුබ ග්‍රහයකුගේ නැකැත වීමත් දරුපල ලබාදෙන සුබ ග්‍රහ පිහිටීමකි.

එසේම යම් යුවළකට දරුපල ලබා දීමට පුත්‍රකාරක ගුරුගේ මහ දසා, අතුරු දසා මෙන්ම සඳුගේ මහ දසා, අතුරු දසා කාලයක්ද ඉතාමත් සුබ බවයි පැවසෙන්නේ. 5 වැන්නාධිපතියා සුබ ග්‍රහයකු වී එම ග්‍රහයාගේ මහ දසා කාලය හෝ අතුරු දසා කාලය දරුපල ලබා දීමට ප්‍රධාන හේතුවකි.
මෙවැනි කාරණා රාශියක් දරුපල කෙරේ බලපානු ලබන අතර, මෙම ලැබීම් සියල්ල සමඟ ඒ ඒ අයගේ පෙර කුසල් තත්ත්වයන්ගේ බලපෑම දරුවන් සඳහා ඉමහත් දායකත්වයක් යොදන බව පැහැදිලි වන අතර, ගුණවත්, පින්වත් දරුවන් ලැබීමටත්, එය දරුවන්ගෙන් පුද සත්කාර ගරු සැලකිලි ලබන්නට පෙර පින ඉවහල් වන බවත් සත්‍යයකි.

යම් කෙනකුගේ ජන්ම පත්‍රවල දරුපල සාර්ථකව පෙන්නුම් කළත් විවිධ හේතු නිසා විවාහය ප්‍රමාද වීමෙන් සරු කාලය මඟහැරී යා හැකිය. එවිට කොතරම් හොඳින් දරුපල පෙන්නුම් කළත් එම පලය ලැබීමට අවශ්‍ය සරු බවක් නොමැති කමින් දරුවන් ලැබීම මඟහැරී යා හැකිය. එසේම සහකරුවන්ගේ විවිධ හේතු නිසාත් දරුපල මඟහැරෙන බව හඳුනාගෙන තිබේ. ඒ අතර මත්පැන්, ප්‍රධාන සාධකයක් වී ඇත. අනෙක් අතට විවිධ ශල්‍යකර්ම හේතුවෙන්ද කේන්දරයේ පෙන්වා ඇති දරුපල අහිමි වීම සිදුවිය හැකිය. එසේම ජන්ම පත්‍රයේ දරුපල නොපෙන්වා ඇතත්, දැහැමිව දිවි ගෙවීමෙන් සහ විවිධ වූ නවීන වෛi විiාත්මක ක්‍රමවේදයන් ඇසුරින් දරුපල ලබාගන්නවුන් අනන්තවත් සිටිනු දැකිය හැකිය. මේ තත්ත්වය ඉතා කල්පනාකාරීව අවබෝධ කරගත යුතු තත්ත්වයකි.

මේ සියලු තත්ත්වයන් ඉතා කල්පනාකාරීව අධ්‍යයනය කළ යුතුය. දෙදෙනකුගේ දරුපල පිළිබඳව අවධානය යොමු කිරීමේදී 5 වැන්න හා 5 වැන්නාධිපති ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුමය. විවාහයකට කේන්දර පරීක්‍ෂාවේදී මෙය ඉතා කල්පනාකාරීව බැලිය යුතු සාධකයක් ලෙසත් පෙන්වා දිය හැකිය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

නපුරු චරිත නිසා කවුරුත් මට කැමැති නෑ

Next Post

කලාව දේශපාලනයෙන් විකාශ කළා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.