• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාව දේශපාලනයෙන් විකාශ කළා

October 17, 2020
in Heart
Reading Time: 2 mins read
A A
කලාව දේශපාලනයෙන් විකාශ කළා
Share on WhatsAppShare on Facebook

වේදිකාව රංගන කලාවෙහි තිඹිරිගෙය කරගනිමින් ටෙලිනාට්‍ය කලාවට පිවිසි රංගනවේදීන් අතර ‘ලාල් කුලරත්න’ද තවත් එක් අද්විතීය කලාකරුවෙකි. ‘දිවැස හෙලනු මැන’ වේදිකා නාටකය තුළින් ප්‍රේක්‍ෂක සිත් තුළ චමත්කාරජනක මතකයක් නිදන් කළ ලාල් කුලරත්න, තවමත් ඉතාම කාර්යබහුල නළුවකු ලෙස ‘ටෙලි තිරය’ මත විවිධ චරිත සමඟින් දක්වන රංගන විශිෂ්ටත්වය සැබැවින්ම අනගිභවනීයය. කෙටි පිළිසඳරකට මේ ප්‍රවීණ රංගන ශිල්පියා කොටුකර ගන්නට ‘මව්රට’ අප දැරූ සුහද උත්සාහයක තොරතුරු සමූහය මෙලෙස අකුරු කරන්නෙමු.
ඉතින් ලාල්… කොහොමද මේ දිනවල ඔබේ නවතම තොරතුරු?
ඊයේ පෙරෙයිදා දවස්වල නම් ‘අපි අපි වාගේ’ සහ ‘සතවග’ ටෙලිනට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වුණා. ඒ වගේම අලුතින් වැඩ ආරම්භ කිරීමට නියමිත ටෙලිනාට්‍ය දෙකකට ගිවිසුම් අස්සන් කළා. කොරෝනා අවදානම අවසන් වූ වහාම එහි වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
රංගවේදියකු ලෙස එදා වාගේම අදත් ඔබ කාර්යබහුලයි?
මමත් එහෙම හිතනවා. ඒ වාගෙම මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා.
ටෙලි තිරයට ඔබ පැමිණියේ වේදිකාව හරහායි?
වේදිකාව කියන්නේ බොහොමයක් දක්‍ෂ නළුවන්ගේ ආරම්භක පියවරයි. ඒ වාගේම වේදිකාව තුළින් කලාකරුවකු තුළ ඇතිවන ගැටීම සහ වේදිකාව මත රඟමින් ඔවුන් ලබා ගන්නා පන්නරය මිල කරන්නට බැහැ. තවත් කාරණයක් වන්නේ, වේදිකා නාට්‍ය කලාව තුළ කලාකරුවන් අතර ඇතිවන සාමුහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ වෙලාවට වැඩ කරන පුරුද්ද වෙනත් කලාවක් තුළින් ඔවුන් ඉගෙනගන්නා බවක් මම බොහෝ විට දැකලා නැහැ.
ඔබ කියන්නේ ටෙලිනාට්‍ය කලාව තුළ ඔබ එය අත්දැක නැති බවද?
කනගාටුවෙන් වුණත් එයට ‘ඔව්’ කිව යුතුයි. ටෙලිනාට්‍යක රූගත කිරීම් සිදුවන බොහෝ අවස්ථාවල ඇතැම් තරුණ රංගවේදීන් ඔවුනට වුවමනා වෙලාව හදාගෙන ඔවුනට හිමි කොටස රූගත කිරීම සඳහා ‘සෙට්’ එකට එනවා. සමහර වේලාවට එවැනි මොහොතකට අනෙක් රංග ශිල්පීන් තමාට හිමි කොටස කරගන්නට ගිහින් අවසානයේ එතැනදී සිදුවන්නේ, තමන් සමඟ එම ටෙලිනාට්‍යයෙහි රඟන අනෙකුත් රංගන ශිල්පීන් කවුදැයි කියා ටෙලිනාට්‍ය විකාශනය වනතුරුම ඔවුනොවුන් නොදැන සිටීමයි. ඇත්තෙන්ම ‘වේදිකාව’ යන විෂය තුළ කිසිම අවස්ථාවක එවැනි දෑ සිදුවන්නේ නැහැ.
ඔබ වේදිකාවට පැමිණියේ ‘රතු හැට්ටකාරි’ තුළින්ද?
පළමුව මම වේදිකාව මතට පැය තැබුවේ පාසල් යන කාලේදී. එයට පසුව ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් ලෙස මා හමුවට පැමිණියේ ‘රතු හැට්ටකාරි’ කතාපුවතයි.
‘දිවැස හෙළනු මැන’ වේදිකා නාට්‍යය ඔබේ කලා ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක්?
ඔව්.., එය ජාතික රූපවාහිනියේද විකාශනය වීමෙන් අසීමිත ජනප්‍රියත්වයක් ලැබුවා. මම විතරක් නෙවෙයි, ජයලත් මනෝරත්න ඇතුළුව එහි රඟපෑ බොහෝ රංගවේදීන් එහිදී ජනප්‍රියත්වයට බඳුන් වුණා.
ඒ තරමට ජනප්‍රිය වේදිකා නාට්‍යයක් අතරමඟ නතරව ගියේ ඇයි?
එහි ප්‍රධාන චරිතය රඟපෑ ජයලත් මනෝරත්න මහතාගේ අභාවයත්, අධ්‍යක්‍ෂණය සඳහා සහාය දුන් නිර්මාණකරුගේ අභාවයත් ‘දිවැස හෙළනු මැන’ අතරමඟ නතරකර දැමීමට හේතු වුණා.
ගුරුවරයකු වූ ඔබට පාසල තුළදී නළුකම අපහසුතාවක් වූ අවස්ථා තිබුණද?
දැන්නම් මම ගුරුවරයෙක් නෙවෙයි. විශ්‍රාම ගියේ 2004දී. කොහොම නමුත් ඔබ කියන අපහසුතාවක් නම් මට කවදාකවත් දැනුණේ නැහැ. එලෙසම රැකියාව හෝ රංගන කලාව මම කිසිවිටෙක පටලවා ගත්තේද නැහැ. අනෙක් කාරණය අලුත් තාලේ දරුවන් කලාකරුවකු දුටුවිට ඒ කාලේ දරුවන් වාගේ හැඟීම්බර වන ස්වරූපයක් මම දැක්කේ නැහැ. ටිකක් හිතලා බලන්න, හැට, හැත්තෑව දශකයේ චිත්‍රපටයක් රූගත කරන විට අසූව දශකයේ ටෙලිනාට්‍යයක්ද රූගත කරන විට වටේ පිටේ ඉන්න මිනිසුන් කොයිතරම් නම් එතැනට එක්රොක් වෙනවද? අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ෂූටිං එකක් කරනවාය කියන හැඟීමක්වත් මිනිසුන් තුළ නැහැ.
එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
කලාව යන සොඳුරු විෂය තුළින් මිනිසුන් ඈත්ව යෑම තමයි එයට හේතුව. සාහිත්‍ය කලාව, නාට්‍ය සහ චිත්‍රපට කලාව යන සුන්දර සංසිද්ධීන් මිනිසුන්ට හරි ඉක්මනට අමතකව ගිහින්.
එවැන්නක් සිදුවූයේ අන්තර්ජාලයට ඔවුන් ඇබ්බැහි වීම නිසාද?
එයද යම් ආකාරයකට හේතුවක් විය හැකියි. නමුත් මෙහි මුල් ආරම්භය වන්නේ ශ්‍රී ලාංකේය දේශපාලනය විසින් එක්තරා අවධියක කළ විනාශයයි.
එය සරලව පහදනවා නම්?
මං මේ පවසන කාරණය ඔබට මතකදැයි කියන්න මම දන්නේ නැහැ. 1972 අවුරුද්දේ එවකට අධ්‍යාපන ඇමැතිව හිටපු බදියුදින් මහම්මුද් විසින් සිංහල සාහිත්‍ය විෂයට අයත්ව තිබූ එක් කොටසක් අයින්කර දැමුවා. 72 පමණක්ම නෙවෙයි, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව සමයෙහි සිට 77 සහ 82 වසර තුළද කඩින්කඩ සිංහල සාහිත්‍ය විෂයෙහි කොටස් වාර කිහිපයකම ඉවත්කර දැමුවා. සාහිත්‍ය වැනි ඉතා වටිනා කලාවක් පාසල් විෂය නිර්දේශය තුළින් එලෙස වරින්වර ඉවත්කර දැම්මේ මහා විනාශයෙහි නරක ප්‍රතිඵල තමයි අපේ තරුණ පරපුර මේ බුක්ති විඳින්නේ පොතපත කියැවීම තුළින් මිනිසුන් ටිකෙන් ටික ඉවත් කරලීමේ මෙහෙවර ආරම්භ වූයේද එදා තමයි. කලාව යන විෂය කියැවීම තුළ නැරැඹීම සහ සවන් දීම තුළ ඒ කාලේ මිනිසුන් කොතරම් නම් පූර්ණත්වයට පත්වුණාද? එම පූර්ණත්වයෙන් බැහැරව ගොස් සිටින දරුවන් නිසා අද සමාජය කොයිතරම් පිරිහිලාද? ප්‍රේමය ප්‍රතික්‍ෂේප කළාට පිහියෙන් අනිනවා, කෙල්ල වෙන කෙනෙක් එක්ක ගියා කියලා දිවි නසාගන්නවා. මේ සියලු ව්‍යසන සිදුවන්නේ තරුණ තරුණියන්ට අත්දැකීම් සහ දැනුම නැතිකමිනුයි. හිරගෙවල් ‘ඕවර්’ ලෝඞ්’ වෙලා. අලුත් හිරකාරයන්ට නවාතැන් දෙන්න පරණ හිරකාරයන්ව නියමිත දිනයට කලින් නිදහස්කර යවන තත්ත්වයට අපේ රට පිරිහිලා.
හරයක් නැති නිර්මාණකරණය මෙයට හේතුවක් නොවෙයිද?
හරයක් නැති නිර්මාණකරණයට කලාව යොමුවුණේද ඉහත කී සාහිත්‍යමය කප්පාදුවේ ආරම්භය නිසා තමයි. එදා එය සිදුනොවුණා නම්, අද මීට වඩා යම් වෙනසක් සමාජය හමුවේ සිදුවන්නට තිබුණා. මම කතා කළ ආකාරය සැර වැඩි වන්නට පුළුවන්. හැබැයි මම කීවේ කිවයුතු දේ.., ඔබ කීවා සේම පාලන ක්‍රමය වාගේම නිර්මාණකරණයද වෙනස් විය යුතුයි. හැබැයි ඒ වෙනස නැවැත සිදුවේදැයි යන සැකය නිසා අපි කවුරුත් සිටින්නේ යම් අතරමං වීමක යන වග මම අවසාන වශයෙන් කියා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පහ සහ පහ අධිපතිගෙන් දරුවෙක්

Next Post

ජය ශ්‍රී මහා බෝ සමිඳුට කළ මහා අපරාධයක සුලමුල හෙළි වෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.